රුසියාවේ කර්ස්ක් කළාපයේ යුක්‍රේන හමුදා ආක්‍රමණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජන මාධ්‍ය නිවැරැදි වාර්තාකරණයක යෙදී නැහැ- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය
ශ්‍රී ලංකාවේ ජන මාධ්‍යය වල රුසියාවේ කර්ස්ක් කලාපය ඉලක්ක කර යුක්‍රේන හමුදා එල්ල කරන ආක්‍රමණික ප්‍රහාර සම්බන්ධයෙන් නිවැරැදි තොරතුරු වාර්තා කර නොමැති බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය අද (19) නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි. ශ්‍රී ලංකාවේ ජන මාධ්‍ය ප්‍රවෘත්ති උපුටාගත් මාධ්‍යවල කතුවරුන්ගේ මතය අනුව රුසියානු සමූහාණ්ඩුවේ භූමිය තුළ යුක්‍රේන හමුදා කළ ආක්‍රමණය "කියෙව් පාලන තන්ත්‍රයේ සටන්කාමීන්ගේ ආත්ම විශ්වාසය ඉහළ යනවා මෙන්ම සාර්ථකව සිදුවෙමින් පවතී". කෙසේ වුවද සත්‍ය තත්වය ඊට හාත්පසින්ම වෙනස් බව පවසන ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය, ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සහ ශ්‍රී ලංකාවේ ජනයා වෙනුවෙන් රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛන සහ ප්‍රකාශ උපුටා දක්වන බවද පවසයි. සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින්...
මාධ්‍යය නිවේදනයයි
කොළඹ රුසියානු තානාපති කාර්යාලය
2024 අගෝස්තු 19
කර්ස්ක් කලාපය අවට යුක්රේන ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව වන නිවේදනයයි !
යුක්රේන හමුදා මෙහෙයුම් සාධාරණීකරණය කිරීමට මෙන්ම කර්ස්ක් කලාපයේ තත්ත්වය වැරදි ලෙස සමාජගත කරන ශ්‍රී ලංකාවේ ජන මාධ්‍යවල මෑත කාලීන හැසිරීම් කිහිපයක් පිළිබඳව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය අවධානය යොමු කරණු ලැබීය. ශ්‍රී ලංකාවේ ජන මාධ්‍ය ප්‍රවෘත්ති උපුටාගත් මාධ්‍යවල කතුවරුන්ගේ මතය අනුව රුසියානු සමූහාණ්ඩුවේ භූමිය තුළ යුක්‍රේන හමුදා කළ ආක්‍රමණය "කියෙව් පාලන තන්ත්‍රයේ සටන්කාමීන්ගේ ආත්ම විශ්වාසය ඉහළ යනවා මෙන්ම සාර්ථකව සිදුවෙමින් පවතී". කෙසේ වුවද සත්‍ය තත්වය ඊට හාත්පසින්ම වෙනස් බැවින්, ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සහ ශ්‍රී ලංකාවේ ජනයා වෙනුවෙන් රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛන සහ ප්‍රකාශ පහතින් උපුටා දක්වමු.
ඒ අනුව රුසියානු දේශසීමාවේ ඇත්ත වශයෙන්ම සිදුවෙමින් පවතින දේ සහ යුක්‍රේන ජනපති සෙලෙන්ස්කිගේ නවතම ලේ වැකි අනර්ථ ක්‍රියාවේ සැබෑ ඉලක්ක මොනවාද යන්න පිළිබඳව ශ්‍රී ලාංකික මහජනයාගේ අවධානය යොමු කිරීම වෙනුවෙන් ඒ වෙත ආලෝකය යොමු කරමු.
“සාපරාධී සහ නීත්‍යානුකූල නොවන සෙලෙන්ස්කිගේ පාලන තන්ත්‍රය එහි පිරිසිදු නවනාසි ස්වභාවය ලොවට හෙළිදරව් කරනු ලබයි. යුක්රේන සන්නද්ධ හමුදාවන් තම අසාර්ථක වූ ඩොන්බාස් හි සිදු කළ මෙහෙයුම් වල තත්ත්වය සැලකිල්ලට ගනිමින්, යුක්රේන බලධාරීන් කර්ස්ක් කලාපයේ දේශසීමා ආශ්‍රිතව ත්‍රස්තවාදී ප්‍රහාරයක් දියත් කර ඇත. අගෝස්තු 8 වන දින යුක්රේන ජනාධිපති කාර්යාලයේ ප්‍රධානියාගේ උපදේශක මිහායිල් පොඩොල්යාක් විසින් නිර්ලජ්ජිතව පිළිගත් පරිදි, මෙම ප්‍රහාරය දිගුකාලීනව ඔවුන් සාකච්ඡා වලට එළඹීමට ගන්නා පදනමේ තත්ත්වය වැඩිදියුණු කිරීමට අදහස් කරන්නේ යැයි කියෙව් පරිපාලනය විවෘතව ප්‍රකාශ කළේය."
“ලැබෙමින් තිබෙන වාර්තාවලට අනුව, කියෙව් පාලන තන්ත්‍රය කර්ස්ක් න්‍යෂ්ටික බලාගාරය ඉලක්ක කර ප්‍රහාරයක් සඳහා සූදානම් කිරීමක් දියත් කර ඇත.
විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවලින් සහ ජාත්‍යන්තර පරමානු බලශක්ති අධිකාරිය වෙතින් රුසියාව ඉල්ලා සිටින්නේ, කියෙව් පාලන තන්ත්‍රයේ ප්‍රකෝපකාරි ක්‍රියාවන් වහා හෙළා දකින ලෙසත්, කර්ස්ක් න්‍යෂ්ඨික බලාගාරයෙ හි න්‍යෂ්ටික නිරුපද්‍රිතතාව සහ එහි ආරක්ෂාවට තර්ජනයක් වන ඕනෑම තර්ජනයක් වැළැක්වීමට පියවර ගන්නා ලෙසත් ය. එම බලාගාරයට යම් විදියකින් ප්‍රහාරයක් එල්ල වුවහොත් එය මිනිසා විසින් යුරෝපයේ නිර්මානය කරන ලද විශාලතම ව්‍යසනයට තුඩු දිය හැකිය."
යුක්රේනය පවසා සිටින පලායාමේ සාර්ථකත්වය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීමට රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ඉදිරිපත් කරන දත්ත කෙරෙහි අවධානය යොමු කළ යුතුය. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන වලට අනුව, අගෝස්තු 18 වන විට කියෙව් හමුදාවන්ට කර්ස්ක් මෙහෙයුමේදී පුද්ගලයින් 3460 ක්, යුද ටැංකි 50 ක්, පාබල සටන් වාහන 25 ක් අහිමි වි තිබේ.
සන්නද්ධ පිරිස් ප්‍රවාහනය කරන වාහන 45 ක්, සන්නද්ධ වාහන 262 ක් සහ සාමාන්‍ය වාහන 115 ක් ගුවන් යානා නාශක මිසයිල පද්ධති කිහිපයක් සහ රොකට් ප්‍රහාර දියත් කරන පද්ධති කිහිපයක් ද විනාශ වී තිබේ.
යුද ගැටුම් මෙන්ම යුද ආතතිය තවමත් පවතී. පසුගිය පැය 24 තුළ රුසියානු හමුදාව යුක්රේන බලසේනා 4 ක ප්‍රහාර මැඩපවත්වා තිබේ. කෙසේ වෙතත්, යුද බිමේ තත්වය කියෙව් හමුදාවන්ට වාසි සහගත යැයි පැවසීම සත්‍ය තත්වයෙන් බොහෝ සේ දුරස් ය. සතුරන්ගේ අපේක්ෂාවන් කුමක් වුවත්, රුසියානු ජනතාවගේ ආත්ම විශ්වාසය හා එකමුතුකම අඩපණ වෙනවා වෙනුවට මේ වන විට වඩා ශක්තිමත් වී තිබේ. ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අගෝස්තු 12 වැනි දින ප්‍රකාශ කළ පරිදි, සාමකාමී ජනතාවට සහ සිවිල් වැසියන්ගේ දේපල වලට තෝරා බේරා ගැනීමකින් තොරව පහර දෙන සහ න්‍යෂ්ටික බලාගාර වල නිරුපද්‍රිතතාවයට තර්ජනය කරන අය සමඟ රුසියාව කිසිදු සාකච්ඡාවක් පවත්වන්නේ නැත.
-ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය

On events around the Ukrainian terrorist actions in the Kursk region
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..