
ජාතික උපායමාර්ගික සැලසුම් අධිකාරියක අවශ්‍යතාව මතුකරමින් දිලිත් ජයවීර රට ගොඩනගන උපාය මාර්ගික සැලසුම පැහැදිලි කරයි
ජනතාව බලාපොරොත්තු වන වෙනස සිදුකිරීමට සෙසු ජනාධිපතිධුර අපේක්ෂකයින් සතුව නැති උපාය මාර්ගික සැලැස්ම තමන් සතු බව සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.
ඊයේ (18) මව්බිම ජනතා පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති විද්වත් සහ ව්‍යවසායක හමුවක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.ෙ
"ඔන්න දැන් ජනාධිපතිවරණයක් ඇවිත් තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්නවා. අනුර කුමාර දිසානායක මහත්තයා ඉන්නවා. අපි දාමු නාමල් රාජපක්ෂත් මෙතනට. මේ හැමෝම කැබිනට් ඇමතිවරු වෙලා ඉඳලා තියෙනවා. අනුර කුමාර ලංකාවේ හිටපු බලවත්ම කැබිනට් ඇමතිවරයෙක්. ඔහුට තරමි බලවත් කෘෂිකර්ම අමාත්‍යාංශයක් කවදාකවත් හම්බවෙලා නෑ. අපේ නාමල් කුමාරයත් එහෙමයි. ඔහුට අමාත්‍යංශ 5ක් දුන්නා. මේගොල්ලො තමා කියන්නේ අපි යම් යම් වෙනස්කම් කරන්න ඕනේ කියලා. අනුර කුමාර අපේ මිත්‍රයා, ඔහු තමයි ලොකුම බොරුව කරන්නේ. ඔහු වක්‍රව හැම ආණ්ඩුවකටම වගේ උදව් කරලා තියෙනවා. සෘජුව ආණ්ඩු 2ක ඉඳලා තියෙනවා. විශේෂයෙනම් මේ රට මෙතරම් දූෂිතවීමට හේතුවක් වුණු මේ සමානුපාතික මැතිවරණ ක්‍රමය . ඉතින් දැන් දූෂිත දේශපාලනය වෙනස් කරන්න ඔවුන් එක මොහොතක්වත් යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා ද? ගෙනාව යෝජනාවට විරුද්ධ වෙනවා හැරෙන්නට. ඇයි මේ දුෂිත දේශපාලනයේ ඔවුන් කොටස්කරුවන්. දැන් බලන්න ඔවුන්ගේ වේදිකාවල රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෑස් ටැංකියක් ගෙනැල්ලා ගෑස් ටැංකිය පුපුරවන්න පුළුවන් ආයි පෝලිම් එයි කියලා මිනිස්සු බය කරලා ඡන්දේ ගන්න හදනවා. පෝලිම් ඇති කරපු අයත් එක්ක එකතුවෙලා. සජිත් ප්‍රේමදාස මහත්තයා කියාගෙන කියාගෙන ගියා ලැයිස්තුවක් අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන ආකාරය ගැන. උසුළු විසුළු සහගතයි. වැඩපිළිවෙලක් එකේ කිව්වේ නෑ. ඒ වගේම අනුර කුමාර කියනවා. අපි ආවාම ඉන්ධන මිල අඩු කරනවා කියලා. අපි ආවාම පොත්පත්වලට ගහපු වැට් එක අයින් කරනවා මේ වැඩේ කරන්න ජනාධිපති කෙනෙක් ඕනේ ද ? මේක ද ජනාධිපතිවරයෙකු විසින් ජනතාවට කිවයුතු දේ . මේ රටේ මිනිස්සු මෝඩයින් ලෙස සලකා පරණ පුරුදු දේම කියනවා නම් මෙන්න මේක නිවැරදි කර ගන්න ඕනේ. ඒ නිසා තමයි උපායමාර්ගික වැඩපිළිවෙලේ දෙවන කෙටුම්පත් අපි මේ ඔබ වැනි විද්වතුන්ට ඉදිරිපත් කරලා තියෙන්නේ. එහි අපි යෝජනා කරලා තියෙන සංකල්ප වලින් වඩා වැදගත්ම සංකල්පය ඔබ සියලුදෙනා දැන ගත යුතුයි. උපායමාර්ගික වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ජාතික උපායමාර්ගික සැලසුම් අධිකාරිය , මෙහි අපි යෝජනා කරන්නේ ජාතික ප්‍රමුඛතා හා අරමුණු ජයගැනීම වෙනුවෙන් නිශ්චිත උපායමාර්ගික කාලරාමුවක් සහිතව ඉලක්ක කරා මෙහෙයවන මධ්‍යම අධිකාරියක්. මේ ඇමතිවරුන්ට ඕනේ සෙල්ලම් කරන්නට බැරි වෙන්න රටට අවශ්‍ය යි මෙන්න මේ අධිකාරිය. අපි බලාපොරොත්තු වෙන්නේ ජනාධිපති අපේක්ෂකවරුන්ගෙන් මෙවැනි සංකල්ප එළියට ගන්න මිසක් පරණ පුරුදු විදියටම මිනිස්සු රවට්ටන එක නෙමෙයි. "
- දෙරණ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
දින කිහිපයක් තිස්සේ ගැටුම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයට ඇඳිරි නීතිය පනවයි
විදුලි ගාස්තුව සියයට 15කින් ඉහළට..
ජනාධිපති සමාව යටතේ වැරදි පුද්ගලයන් නිදහස් කර ඇත්නම් ඒ සඳහා ජනාධිපති ලේකම්, අධිකරණ ලේකම් සැකකරුවන් ලෙස නම් කළ යුතුයි..
තවත් සිරකරුවන් 68ක් නීති විරෝධී ලෙස නිදහස් කරලා.. - අධිකරණයේ දී හෙළිවෙයි..
මුහුදු කොටි විනාශයට මහා භූමිකාවක් ඉටු කළ වයිස් අද්මිරාල් ඩී.පී.කේ. දසනායක මහතාට එරෙහිව එල්ල කෙරෙන අභූත චෝදනාවලට අභියෝගාත්මක පිළිතුරු
පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි..
යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..
රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට..
