News Category
From Date
To Date
Maximum Number of Result

චම්පිකගේ ලැජ්ජා නහරය ගිය සතියේ සැත්කමකින් ඉවත් කරලා... ලැජ්ජා නැතිකම චම්පිකටත් වඩා උසයි - උදය ගම්මන්පිල

Aug 17, 2024 at 06:22 AM
|

සජිත් ප්‍රේමදාසට ඡන්දය නොදිය යුත්තේ ඇයි දැයි දැනගන්න අවශ්‍ය නම් රටේ ජනතාව කළ යුත්තේ පාඨලී චම්පික රණවක පසුගිය වසර දෙක තුල කී කතා ඇසීම බවත්, චමිපිකට ඡන්දය නොදිය යුත්තේ ඇයි කියා දැන ගන්න අවශ්‍ය නම් කල යුත්තේ ඉදිරි මාස එකහමාරේදී චම්පික සජිත් ගැන කියන කතා ඇසීම බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

කොළඹදී පැවති සර්වජන බලය මාධ්‍ය හමුවේ දී ඒ මහතා මෙම අදහස් පල කලේය.

"සර්වජන අපේකෂක ව්‍යවසායක නීතිඥ දිලිත් ජයවීර මැතිතුමාගේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානි ලෙස උදය ගම්මන්පිල වන මාව පත් කර තිබෙනවා. ඒ වගේම මාධ්‍ය ප්‍රධානි ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණි වලේබොඩ මැතිතුමාවත් මාධ්‍ය ප්‍රකාශක ලෙස තරුණ මාධ්‍යවේදියෙකු වන දනිඳු විතානවසම් මහතාවත් පත් කර තිබෙනවා.

දිලිත් ජයවීර මැතිතුමාගේ ජය සහතික කරන ප්‍රචාරක රැළි මාලාවේ මංගල රැළිය අගෝස්තු 17 වන සෙනසුරාදා යාපනයේ රක්කා පාර පිට්ටනියේ පැවැත්වීමට සංවිධානය කර තිබෙනවා. ජාතික මට්ටමේ දේශපාලන සංධානයක් යාපනයෙන් සිය ජනපති සටන අරඹන්නේ ඉතිහාසයේ පළමු වතාවටයි. අපි යාපනයට යන්නේ ජාත්‍යන්තර බලවේග වලට උවමනාවට සිංහල දෙමළ ජනතාව අතර භේදය වෛරය වපුරලා මේ රට දෙපළු කරලා යාපනය වෙනත් රටක ප්‍රධාන නගරය කරන්න දරපු උත්සාහය පරාජය කරන්න අපි දායක වුණු නිසා. මේ රට අත්හැර ගිය පිරිසකගේ මුදල් වලින් ජාත්‍යන්තර බලවේග වල මුදල් වලින් හැමදාමත් ජාතිවාදය වපුරලා පාර්ලිමේන්තු එන දෙමළ ජාතික සංධානයේ ජාතිවාදි දේශපාලනය පරාජය කිරීම අවශ්‍ය නිසා.

ඉදිරියේ දී රට පුරා පැවැත්වෙන රැළි වල දී දිලිත් ජයවීර මැතිතුමා අනෙකුත් අපේක්ෂකයින්ගෙන් වෙනස් වෙන්නේ කොහොමද කියන එක අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. දිලිත්ගේ මැතිවරණ ප්‍රකාශනය වෙනස්. ප්‍රතිපත්ති ප්‍රකාශයක් වෙනුවට උපායමාර්ගික වැඩසටහනක් ඉදිරිපත් කරලා තිබෙන්නේ දිලිත් විතරයි. දිලිත්ගේ වගවීම වෙනස්. තමන් දුන් පොරොන්දු ඉටු නොකලොත් නඩු පවරන්න අවස්ථාව ජනතාවට ලබා දෙන බව කියන්නේ දිලිත් විතරයි. දිලිත්ගේ රට හදන දැක්ම වෙනස්. භෞතික සංවර්ධනයෙන් නොනැවති මානසික සහ අධ්‍යාත්මික සංවර්ධනයක් ඇති සතුටු දැයක් හදන බව කියන්නේ දිලිත් විතරයි. දිලිත්ගේ උපාය වෙනස්. ව්‍යවසායක රාජ්‍යයක් හරහා රට හදන බව කියන්නේ දිලිත් විතරයි. කෙටියෙන් කිව්වොත් අනිත් අපේක්ෂකයින්ට සාපේක්ෂව දිලිත්ගේ හැමදේම වෙනස්.

ගෙඹි ලෝක වාර්තාව චම්පික අළුත් කරයි. ලැජ්ජා නැති කම චම්පිකටත් වඩා උසලු

ලෝක ශූරයින්ගේ වැදගත් චරිත ලක්ෂණයක් තමයි තමන්ගේ වාර්තා වෙන කෙනෙකුට බිඳින්න ඉඩ නොතබා තමන්ම අළුත් කරන එක. අන්න ඒ වගේ ලෝක ශූරයෙක් තමයි චම්පික රණවක මැතිතුමා. එතුමාට හිමි ලෝක වාර්තාව වැඩිම වතාවක් පිලෙන් පිලට පැනීමේ ගෙඹි ලෝක වාර්තාව. 1987 දී ජනතා විමුක්ති පෙරමුණ අත්හැර චින්තන පර්ෂදයට පැනීමේ සිට මේ දක්වා 17 වතාවක් පිල් පැනලා තිබුණා. නැවත සමගි ජන සංධානයට එකතු වීම 18 වන වතාවට පිල් පැනලා තමන්ගේම වාර්තාව අළුත් කිරීමක්. මේ වාර්තාව නැවත කඩනවා නම් කඩන්න පුළුවන් චම්පිකට විතරයි. මේ තරම් දක්ෂ පිල් පැනීමේ ශූරයෙක් සමස්ත ලෝකයේම බිහි වෙලාත් නෑ. බිහි වෙන්නෙත් නෑ.

එතුමා නිල වශයෙන් පැන්නේ නැතත් පසුගිය කාලයේ හිටියේ ආණ්ඩුවත් එක්ක. ආණ්ඩුවෙන් ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති ලෙස නම් කලේ ඒ නිසා. ආණ්ඩුවේ අනිත් මන්ත්‍රිවරුන්ට විමධ්‍යගත අරමුල් කෝටි 5ක් ලැබෙන කොට ජනාධිපතිගේ සුරතලෙක් විධියට මෙතුමාට කෝටි 11ක් ලැබුණා. ආණ්ඩුවෙන් ලාභ ප්‍රයෝජන ගත් විපක්ෂයේ පක්ෂ නායකයින් මැතිවරණය ප්‍රකාශයට පත් කළාම ජනාධිපතිවරයාට සහය පල කළා. අන්තිම මොහොත වන තුරුම ආණ්ඩුවෙන් ප්‍රයෝජන අරගෙන සජිත්ට සහය පල කලේ ප්‍රතිපත්තියක් ලැජ්ජාවක් කියන දෙකම නැති චම්පික විතරයි. ඒ නිසා කතා කරපු ගනුදෙනු වල ඉලක්කම් එහෙට මෙහෙට වෙන්න ඇති කියන සාධාරණ සැකය අපට ඇති වෙනවා.

පසුගිය වසර දෙක තුලම චම්පික කලේ රනිල් වර්ණනා කරමින් සජිත්ට බැට දෙන එක. එතුමාගේ මුහුණු පොතෙන් මකා දාන්න කලින් අපි අපූරු පෝස්ට් සහිත වීඩියෝ කිහිපයක් පිටපත් කර ගත්තා. “බාල ටිං ටිං උත්තර දෙන නායකයින්ට අහු වෙන්න එපා. පාඨලීගෙන් සජිත්ට කනේ පහරක්”. “සමගි ජන බලවේගය ගැන බලාපොරොත්තු තියා ගන්න බෑ. රනිල් වික්‍රමසිංහට අපි අවස්ථාවක් දෙනවා”. “සංකීර්ණ ප්‍රශ්න වලට සජිත් දෙන ටිං ටිං උත්තර”. “අපේ කතා කැපුවේ වෙන කවුරුත් නොවෙයි සජිත්. සජිත් අපේ වෙලාවත් අරගෙන කතා කරනවා. සජිත් වගේ අය පස්සෙන් ගිහින් මට පුරුදු නෑ”. “තාත්තලා ගැන කියලා පුත්තු මනින්න එපා. පාඨලී සජිත්ගේ රෙදි ගලවයි”. මේ වෙන කවුරුවත් හදපුව නෙවෙයි. රණවකයානෝ විසින්ම සකසා රණවකයානෝගේම සමාජ මාධ්‍යවල දමා තිබූ වීඩියෝ පට. සජිත් ප්‍රේමදාසට ඡන්දය නොදිය යුත්තේ ඇයි කියලා දැනගන්න ඕනේ නම් රටේ ජනතාව රණවකයානෝ පසුගිය වසර දෙක තුල කී කතා ඇසීමයි. චමිපිකට ඡන්දය නොදිය යුත්තේ ඇයි කියලා දැන ගන්න ඒනේ නම් කල යුත්තේ ඉදිරි මාස එකහමාරේදී චම්පික සජිත් ගැන කියන කතා ඇසීමයි.

මෙහෙම කියපු චම්පික සජිත්ට එකතු වුණා කිව්වාම ජනතාවට හිතෙන්නේ. එක්කෝ සජිත් මැරිලා ඉපදිලා. නැතිනම් චම්පික මැරිලා ඉපදිලා. එහෙමත් නැතිනම් අපි මැරිලා ඉපදිලා. ඒ එකක්වත් නොවේ වෙලා තිබෙන්නේ. චම්පිකගේ ලැජ්ජා නහරය ගිය සතියේ සැත්කමකින් ඉවත් කරලා. ඔන්න ඕකට තමයි කියන්නේ ලැජ්ජා නැතිකම චම්පිකටත් වඩා උසයි කියලා."

පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණි වලේබොඩ, දනිඳු විතානවසම් මහත්වරැන්ද මෙහිදී අදහස් දැක්වීය.

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.
සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

ප්‍රධාන පුවත්

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.