
ලාල්කාන්ත වහා අත්අඩංගුවට ගන්න - උදය ගම්මන්පිල
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට සැලසුම් කළේ ජනතා විමුක්ති පෙරමුණ බව එහි දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති හෙයින් ඔහු අපරාධ නීතිය යටතේ වහා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය
ඔහු මෙසේ පැවසුවේ වසර මැද මූල්‍ය තත්ව වාර්තාව පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදීය.
උදය ගම්මන්පිල මහතා මෙසේද පැවසීය,
"අපි තමයි ජනතාවට පාර්ලිමේන්තුවට එන්න කිව්වේ. නමුත් අරගලයේ හිටපු සමහරු මගහැරිය නිසා ඒ දේ කරගන්න බැරි වුණා කියලා ලාල්කාන්ත කිව්වා. එදා පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට ජවිපෙ අරගලකරුවන්ට හැකි වූවානම් අද ලංකාවේ ඇතිවෙන්නේත් බංගලා දේශයේ තත්වයමයි. රට තවමත් ගිනි ගන්නවා.
ලාල් කාන්ත මහතා යෝජනා කරපු ආකාරයට අද බංගලාදේශයේ මහපාරේ නඩුව අහනවා. නඩු අහලා මිනිසුන් මරා දමනවා. අද බංගලාදේශය අරාජිකවී ලේ ගංගාවක් බවට පත්වෙලා. රටම මිනී කඳු ගොඩ ගැහිලා.
එවැනි තත්වයක් ඇති කිරීමට සිටියා කියලා ලාල්කාන්ත ප්‍රකාශ කරනවා. අනුර එක්ක ඩීල් එකක් නැත්නම් දැන් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. අපරාධයක් කිරීම වගේම අපරාධයක් කිරීමට තැත් කිරීමත් වරදක්. ඔවුන් පාර්ලිමේන්තුව අත්පත් කරගෙන විනාශයක් කිරීමට සූදානම්වූ බව පවසනවා. අනිත් කට්ටිය වගේ නෙවෙයි ලාල් අවංක මනුස්සයා. ඇත්ත කියනවා. හිතේ තියෙන දේ කියනවා. මේ අවස්ථාවේදීත් ඇත්ත කියලා තියෙනවා. පාර්ලිමේන්තුව අල්ලා ගැනීමට සැලසුම් කළා කියලා අැමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට නීතිය ක්‍රීයාත්මක වුණා නම් ආණ්ඩුව දැන් ලාල් කාන්ත අත්අඩංගුවට ගත යුතුයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
දින කිහිපයක් තිස්සේ ගැටුම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයට ඇඳිරි නීතිය පනවයි
විදුලි ගාස්තුව සියයට 15කින් ඉහළට..
ජනාධිපති සමාව යටතේ වැරදි පුද්ගලයන් නිදහස් කර ඇත්නම් ඒ සඳහා ජනාධිපති ලේකම්, අධිකරණ ලේකම් සැකකරුවන් ලෙස නම් කළ යුතුයි..
තවත් සිරකරුවන් 68ක් නීති විරෝධී ලෙස නිදහස් කරලා.. - අධිකරණයේ දී හෙළිවෙයි..
