News Category
From Date
To Date
Maximum Number of Result

වෙනිසියුලාවේ පශ්චාත් මැතිවරණ කැරැල්ල මැඩ පැවැත්වීමට පෙරට ආ අධිරාජ්‍යය විරෝධී ජනයාට ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය ආචාරය පුදකරයි

Aug 2, 2024 at 05:20 PM
|

වෙනිසියුලානු ජනයා විසින් 2024 වෙනිසියුලානු ජනාධිපතිවරණයෙන් නිකොලස් මදුරෝ තුන්වෙනි වරටත් වෙනිසියුලානු ජනාධිපතිවරයා ලෙස පත් කරන්නේ ඔහු ජනතා විශ්වාසය උපරිමයෙන් රැක ගෙන සිටින හෙයින් බවත්, වෙනිසියුලාවේ පශ්චාත් මැතිවරණ කැරැල්ල මැඩ පැවැත්වීමට පෙරට ආ අධිරාජ්‍යය විරෝධී ජනයාට තම ආචාරය පුදකර සිටින බවත් ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය පවසයි.

මේ සම්බන්ධයෙන් නිවේදයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවයේ සම්බන්ධීකරණ ලේකම් ජීවන්ත ජයතිස්ස මහතා පවසන්නේ සාමකාමී මැතිවරණයකින් ජය හිමිකරගත් නිකොලස් මදුරෝ පලවා හැරීමට වෙනිසියුලාවේ වෙසෙන අධිරාජ්‍යවාදී බළල් අත් පරාජයට පත් කිරීමට වෙනිසියුලානු සාමාන්‍ය ජනයා දැක්වූ දායකත්වය මෙන්ම වෙනිසියුලානු නීතිය බලාත්මක කිරීමේ අංශ ගනු ලැබූ ක්‍රියා මාර්ග අධිරාජ්‍ය විරෝධී කඳවුර නියෝජනය කරන ආසියාකරයේ වෙසෙන ජනයාටද මහත්වූ ආදර්ශයක් ගෙන දුන් බවයි.

අදාළ නිවේදනය පහළින්...

වෙනිසියුලාවේ පශ්චාත් මැතිවරණ කැරැල්ල මැඩ පැවැත්වීමට පෙරට ආ අධිරාජ්‍යය විරෝධී ජනයාට අපගේ උත්තමචාරය

ලතින් අමෙරිකානු විමුක්තිකාමියෙකු වූ සයිමොන් බොලිවාර්ගේ අප්‍රතිහත ධෛර්ය මත ස්පාඤ්ඤ අධිරාජ්‍යයාගෙන් නිදහස ලැබූ වෙනිසියුලාව දැවැන්ත ස්වාභාවික සම්පත් ගහන රටක් බව අපි දනිමු. ඒ නිසාම වෙනිසියුලාව ස්පාඤ්ඤ අධිරාජ්‍යයාගේ යකඩ සපත්තුවටද නව ලෝකයේ කපටි අධිරාජ්‍යයා වූ අමෙරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සෘජු බලහත්කාරකම් වලට යටවූ රටකි. හියුගෝ චාවෙස් නම් බලවත් අධිරාජ්‍ය විරෝධී නායකයා විසින් දනින් වැටී සිටි වෙනිසියුලාව දෙපයින්  පිහිට වූ නමුදු ඔහුගේ අකල් මරණය අධිරාජ්‍ය විරෝධී ජාත්‍යයන්තර සටන්කාමීන්ට ශෝකය දැන වූ කාරණයක් විය. කෙසේ වුවද චාවෙස්ගෙන් ගිලිහුණු අධිරාජ්‍ය විරෝධී ධජය ශක්තිමත්ව සෘජුව වෙනිසියුලානු භූමිය තුළ සිටවීමට වත්මන් වෙනිසියුලානු ජනපති නිකොලස් මදුරෝ දැවැන්ත සටනක් දෙමින් සිටී. ඔහුගේ එම නිර්භීත සටන සමස්ත ලතින් අමෙරිකානු කළාපයේ මෙන්ම ලෝකයේ අනෙකුත් මහා ද්වීප වල ජීවත් වන අධිරාජ්‍යය විරෝධී ජනයාට දැවැන්ත උත්තේජනයක් සපයන්නේය. කරුණු එසේ තිබියදී වෙනිසියුලානු ජනයා 2024 වෙනිසියුලානු ජනාධිපතිවරණයෙන් නිකොලස් මදුරෝ තුන්වෙනි වරටත් වෙනිසියුලානු ජනාධිපතිවරයා ලෙස පත් කරන්නේ ඔහු ජනතා විශ්වාසය උපරිමයෙන් රැක ගෙන සිටින බැවිනි.

කෙසේ වුවද වෙනිසියුලානු ජනයා ප්‍රමුඛ ලතින් අමෙරිකානු කළාපයේ ජනයා මෙන්ම සමස්ථ ලෝකවාසී අධිරාජ්‍යය විරෝධී ජනයා තේරුම්ගත යුත්තේ කියුබාව මෙන්ම වෙනිසියුලාවද අධිරාජ්‍යවාදීන්ගේ දඩබිම් ලැයිස්තුවේ අංක එකට වැජඹෙන රාජ්‍යයන් දෙකක් බවයි. එම රාජ්‍යයන් දෙක විනාශකරලීමට අමෙරිකානු අධිරාජ්‍යවාදීන්ට හැකියාවක් ලැබෙන්නේ නම් ඔවුන් ලතින් අමෙරිකානු භුමියේ ලබන විශාල ජයග්‍රහනයක් බවද මෙහිලා අවධාරණය කරමු. ඒ අනුව පසුගිය දිනවල බොලිවියාව තුළ ගැටුම් ඇති කරලීමට අමෙරිකානු අධිරාජ්‍යවාදීන් ගත් උත්සාහය මිනිස් පලිහක් මගින් වැලැක්වීමට ඉවෝ මොරලෙස් ක්ෂණිකව මැදිහත් වූ ආකාරය වැදගත් ප්‍රායෝගික දේශපාලන පාඩමක් ලෙස සලකා ලතින් අමෙරිකානු කළාපයේ ජනයා ගැඹුරින් කියවාගත යුතුය. කෙසේ වුවද වෙනිසියුලාව පුරා පශ්චාත් ජනාධිපතිවරණ සමයේ මතුවූ අධිරාජ්‍යවාදී අමෙරිකාවේ බළල් අත මෙහෙය වූ කැරැල්ල සාර්ථකව මැඩ පැවැත්වීම්ට වෙනිසියුලානු නීතිය බලාත්මක කරන ආයතන සහ වෙනිසියුලානු අධිරාජ්‍ය විරෝධී දේශප්‍රේමී ජනයා සාර්ථක උත්සාහයක් ගෙන තිබුණි. ඒ අනුව වෙනිසියුලානුවෝ ජාතියක් වශයෙන් බොලිවියාවේ ඉවෝ මොරලෙස් ඉගැන්වූ දේශපාලන පාඩම ගැඹුරින් කියවා ගෙන ඇති බව පෙනේ.

වෙනිසියුලාව මුහුණ දුන් බැරෑරුම් අවස්ථාව පියමං කිරීමට ජාත්‍යන්තර තලයේ වේදිකාවල රුසියාව, චීනය සහ යුරෝපා සංගමය තුළ ගොනුවී සිටින හංගේරියාව ගත් ප්‍රවේශයද අතිශය ප්‍රශංසනීය බව මෙහිලා සිහිපත් කරමු.

අවසාන වශයෙන් වෙනිසියුලාවේ මදුරෝගේ ආණ්ඩුව බිඳ දැමීමට කටයුතු කළ ප්‍රචන්ඩකාරීන් පුරුදු පුහුණු කිරීමට තම භූමිය තුළ ඉඩ දුන් කොලොම්බියා, පේරු සහ චිලී යන රටවල වෙසෙන අධිරාජ්‍ය විරෝධී ජනයා වෙනිසියුලානු, බොලිවියානු සහ කියුබානු නායකයන් අධිරාජ්‍යවාදීන්ට එරෙහිව ගන්නා සාධානීය ක්‍රියා මාර්ග සමඟ එක පෙළට සිට ගත යුතු බව අවධාරණය කරමු. එලෙස ක්‍රියා කිරීමෙන් සමාකාමී සෞභාග්‍යයෙන් පිරුණු ලතින් අමෙරිකාවක් ලෝකයට දායාද කිරීමට ඔබලා මහඟු දායකත්වයක් ලබාදෙන බව අවධාරණය කරමු. අතිශය දුෂ්කර තත්වයන් යටතේ සාමකාමී මැතිවරණයකින් ජය හිමිකරගත් නිකොලස් මදුරෝ පලවා හැරීමට වෙනිසියුලාවේ වෙසෙන අධිරාජ්‍යවාදී බළල් අත් පරාජයට පත් කිරීමට වෙනිසියුලානු සාමාන්‍ය ජනයා දැක්වූ දායකත්වය මෙන්ම වෙනිසියුලානු නීතිය බලාත්මක කිරීමේ අංශ ගනු ලැබූ ක්‍රියා මාර්ග අධිරාජ්‍ය විරෝධී කඳවුර නියෝජනය කරන ආසියාකරයේ වෙසෙන අපටද මහත්වූ ආදර්ශයක් ගෙන දුන් බව සඳහන් කරමු. සමස්ථ ලතින් අමෙරිකානු ජනයා වෙනිසියුලාවේ නිකලස් මදුරෝගේ රජය ආරක්ෂා කිරීම තම පරම වගකීමක් ලෙස සැලකිය යුත්තේ අමෙරිකානු අධිරාජ්‍යවාදියාගේ තීරණාත්මක දඩබිම වන වෙනිසියුලාව ඔවුන්ට ගැති වූ පාලකයෙකු අතට පත් වුවහොත් ලතින් අමෙරිකාවේ අනෙකුත් රාජ්‍යයන්ට අත් වන්නේ ඉතා දුක්ඛිත ඉරණමක් බැවිනි. අවසාන වශයෙන් ලතින් අමෙරිකාව අමෙරිකානු අධිරාජ්‍යවාදී විය ගහෙන් මුදවා ගැනීමේ ශක්තිය එම කළාපයේ වෙසෙන් සියලු ජනයාට ලැබේවායි පතමු.

ජීවන්ත ජයතිස්ස
සම්බන්ධීකරණ ලේකම්
ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය




සම්බන්ධිත පුවත් | Related News

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
2020 ඔක්තෝබර් 13 වනදා සිට සීනි බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දුන්නේය.
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු තානාපති කාර්යාලය පසුගිය ජූනි 11 වන දින සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබිණි..
ඉරානය තම භූමියට එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාරවලට පළිගන්නා බව ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි අද(13) ප්‍රකාශ කළේ ප්‍රහාරයෙන් ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන් මිය ගිය බව තහවුරු කරමිනි.
ශ්‍රී ලංකාවට අදාළව විස්තීරණ ණය පහසුකමේ සිව් වන ඇගයීම සම්පූර්ණ කිරීම ජාත්‍යතර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩල තීරණය මත පදනම් වන බවත්, ශ්‍රී ලංකා රජය ප්‍රකාශයට පත්කළ විදුලි ගාස්තු සංශෝධනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන ගිය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
පසුගිය 11 වැනිදා මානව හිමිකම් කොමිසමට විරෝධතා පෙත්සමක් ඉදිරිපත් කරමින් එම කොමිසම විසින් දණ්ඩනීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්ති සංශෝධනය කිරීම සඳහා ගනු ලබන උත්සාහයට විරෝධය පළ කිරීම සඳහා කාන්තා පරපුර සංවිධානය කටයුතු කරනු ලැබීය.
ඉරානයට එරෙහිව ඊශ්‍රායල රාජ්‍යය විසින් සිදු කරන ලද පූර්ව අනතුරු අඟවන ප්‍රහාරයෙන් පසුව, ඊශ්‍රායල රාජ්‍යයට සහ එහි සිවිල් ජනතාවට එරෙහිව මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ දී අපේක්ෂා කෙරන බව ඊශ්‍රායල ආරකෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පැවසීය.
දණ්ඩනීති සංග්‍රහයේ 356 සහ 365 (අ) වගන්ති සංශෝධනය කරීම මගින් මෙරට දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළීමට මානව හිමිකම් කොමිසම විසින් අධිකරණ ඇමැතිවරයාට නිර්දේශ කිරීම ඉතා සූක්ෂම අයුරින් සිදු කළ ක්‍රියාවක් බවත්, මෙම වගන්ති සංශෝධනය කිරීම හරහා මෙරට දරුන්ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව පිළිබඳව දැඩි තර්ජනයක් මතුවන බවත් ලක්මව දියණියෝ සංවිධානය පවසයි.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ළඟ සිටි උපදේශකයෝ කිහිපදෙනෙක් මෙම ආණ්ඩුව තුළ ද සිටින බවත්, 2015 දී යහපාලන ආණ්ඩුව විසින් කැපූ සියදිවි හානිකර ගැනීමේ පාරදිගේ මේ ආණ්ඩුව ද රට ගෙන යමින් ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ප්‍රධාන පුවත්

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි

2020 ඔක්තෝබර් 13 වනදා සිට සීනි බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දුන්නේය.

රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..

රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු තානාපති කාර්යාලය පසුගිය ජූනි 11 වන දින සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබිණි..

ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.

ඉරානය තම භූමියට එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාරවලට පළිගන්නා බව ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි අද(13) ප්‍රකාශ කළේ ප්‍රහාරයෙන් ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන් මිය ගිය බව තහවුරු කරමිනි.

විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..

ශ්‍රී ලංකාවට අදාළව විස්තීරණ ණය පහසුකමේ සිව් වන ඇගයීම සම්පූර්ණ කිරීම ජාත්‍යතර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩල තීරණය මත පදනම් වන බවත්, ශ්‍රී ලංකා රජය ප්‍රකාශයට පත්කළ විදුලි ගාස්තු සංශෝධනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන ගිය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..

පසුගිය 11 වැනිදා මානව හිමිකම් කොමිසමට විරෝධතා පෙත්සමක් ඉදිරිපත් කරමින් එම කොමිසම විසින් දණ්ඩනීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්ති සංශෝධනය කිරීම සඳහා ගනු ලබන උත්සාහයට විරෝධය පළ කිරීම සඳහා කාන්තා පරපුර සංවිධානය කටයුතු කරනු ලැබීය.

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්

ඉරානයට එරෙහිව ඊශ්‍රායල රාජ්‍යය විසින් සිදු කරන ලද පූර්ව අනතුරු අඟවන ප්‍රහාරයෙන් පසුව, ඊශ්‍රායල රාජ්‍යයට සහ එහි සිවිල් ජනතාවට එරෙහිව මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ දී අපේක්ෂා කෙරන බව ඊශ්‍රායල ආරකෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පැවසීය.

දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..

දණ්ඩනීති සංග්‍රහයේ 356 සහ 365 (අ) වගන්ති සංශෝධනය කරීම මගින් මෙරට දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළීමට මානව හිමිකම් කොමිසම විසින් අධිකරණ ඇමැතිවරයාට නිර්දේශ කිරීම ඉතා සූක්ෂම අයුරින් සිදු කළ ක්‍රියාවක් බවත්, මෙම වගන්ති සංශෝධනය කිරීම හරහා මෙරට දරුන්ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව පිළිබඳව දැඩි තර්ජනයක් මතුවන බවත් ලක්මව දියණියෝ සංවිධානය පවසයි.

ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ළඟ සිටි උපදේශකයෝ කිහිපදෙනෙක් මෙම ආණ්ඩුව තුළ ද සිටින බවත්, 2015 දී යහපාලන ආණ්ඩුව විසින් කැපූ සියදිවි හානිකර ගැනීමේ පාරදිගේ මේ ආණ්ඩුව ද රට ගෙන යමින් ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..

මව්බිමේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සැමරුමෙන් පසු අපගේ කාර්යභාරය සහ උතුරුකරයේ පදිංචි සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි මස 01 දා සවස 2 ට කොළඹ පුස්ථකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී පැවැත් වේ.

60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..

දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීම සඳහා අධිකරණ ඇමැතිවරයාට බල කිරීම මගින් දරුවන් ලක්ෂ 60ක් ලිංගික අපචාර සහ සමලිංගික ක්‍රියාවලට ගොදුරු කිරීමට ගන්නා උත්සාහයට විරෝධය පළ කරමින් කාන්තා පරපුර සංවිධානය විසින් මානව හිමිකම් කොමිසමට තම විරෝධය පළකර තිබේ.

දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව

ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය විසින් පලකරනු ලැබූ ඉහත කරුණ සම්බන්ධයෙන් අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව "Mothers' Movement" හි කැඳවුම්කරු ක්‍රිෂාන්ත රත්නවීර මහතා අප වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ජාතික සංවිධාන එකමුතුව විසින් කැඳවනු ලැබූ එම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වූ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සකුන්තලා මෙන්ඩිස් මහත්මිය "Mothers' Movement "හි සාමාජිකාවක් නොවන බවයි.

දින කිහිපයක් තිස්සේ ගැටුම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයට ඇඳිරි නීතිය පනවයි

නීතිවිරෝධී ආගමන නැවැත්වීම අරමුණු කරගනිමින් කළ වැටලීම් වලට එරෙහිව ඇති වූ කැරලි ගැසීම් සහ කොල්ලකෑම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයේ ඇඳිරි නීතිය පනවා ඇතැයි වාර්තා වේ.

විදුලි ගාස්තුව සියයට 15කින් ඉහළට..

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තුව සමස්තයක් ලෙස 15%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ.

ජනාධිපති සමාව යටතේ වැරදි පුද්ගලයන් නිදහස් කර ඇත්නම් ඒ සඳහා ජනාධිපති ලේකම්, අධිකරණ ලේකම් සැකකරුවන් ලෙස නම් කළ යුතුයි..

ජනාධිපති සමාව යටතේ වැරදි පුද්ගලයන් නිදහස් කර ඇත්තේ නම් ඒ සඳහා අධිකරණ අමාත්‍යංශය ලේකම්වරයා මෙන්ම ජනාධිපති ලේකම්වරයාද සැකකරුවන් ලෙස නම් කළ යුතු බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් උපුල් උපුල් තෝරදෙණිය වෙනුවෙන් අධිකරණයේ පිණිස සිටිමින් නීතිඥ දර්ශන කුරූප්පු මහතා ඊයේ පැවසුවේය.

තවත් සිරකරුවන් 68ක් නීති විරෝධී ලෙස නිදහස් කරලා.. - අධිකරණයේ දී හෙළිවෙයි..

අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැවසුවේ, ජනාධිපති සමාව මුවාවෙන් සිරකරුවන් නීති විරෝධී ලෙස නිදහස් කර ඇති බවට වැඩිදුර පරීක්ෂණවලින් හෙළි වී ඇති බවයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.