News Category
From Date
To Date
Maximum Number of Result

වෙනිසියුලාවේ පශ්චාත් මැතිවරණ කැරැල්ල මැඩ පැවැත්වීමට පෙරට ආ අධිරාජ්‍යය විරෝධී ජනයාට ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය ආචාරය පුදකරයි

Aug 2, 2024 at 05:20 PM
|

වෙනිසියුලානු ජනයා විසින් 2024 වෙනිසියුලානු ජනාධිපතිවරණයෙන් නිකොලස් මදුරෝ තුන්වෙනි වරටත් වෙනිසියුලානු ජනාධිපතිවරයා ලෙස පත් කරන්නේ ඔහු ජනතා විශ්වාසය උපරිමයෙන් රැක ගෙන සිටින හෙයින් බවත්, වෙනිසියුලාවේ පශ්චාත් මැතිවරණ කැරැල්ල මැඩ පැවැත්වීමට පෙරට ආ අධිරාජ්‍යය විරෝධී ජනයාට තම ආචාරය පුදකර සිටින බවත් ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය පවසයි.

මේ සම්බන්ධයෙන් නිවේදයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවයේ සම්බන්ධීකරණ ලේකම් ජීවන්ත ජයතිස්ස මහතා පවසන්නේ සාමකාමී මැතිවරණයකින් ජය හිමිකරගත් නිකොලස් මදුරෝ පලවා හැරීමට වෙනිසියුලාවේ වෙසෙන අධිරාජ්‍යවාදී බළල් අත් පරාජයට පත් කිරීමට වෙනිසියුලානු සාමාන්‍ය ජනයා දැක්වූ දායකත්වය මෙන්ම වෙනිසියුලානු නීතිය බලාත්මක කිරීමේ අංශ ගනු ලැබූ ක්‍රියා මාර්ග අධිරාජ්‍ය විරෝධී කඳවුර නියෝජනය කරන ආසියාකරයේ වෙසෙන ජනයාටද මහත්වූ ආදර්ශයක් ගෙන දුන් බවයි.

අදාළ නිවේදනය පහළින්...

වෙනිසියුලාවේ පශ්චාත් මැතිවරණ කැරැල්ල මැඩ පැවැත්වීමට පෙරට ආ අධිරාජ්‍යය විරෝධී ජනයාට අපගේ උත්තමචාරය

ලතින් අමෙරිකානු විමුක්තිකාමියෙකු වූ සයිමොන් බොලිවාර්ගේ අප්‍රතිහත ධෛර්ය මත ස්පාඤ්ඤ අධිරාජ්‍යයාගෙන් නිදහස ලැබූ වෙනිසියුලාව දැවැන්ත ස්වාභාවික සම්පත් ගහන රටක් බව අපි දනිමු. ඒ නිසාම වෙනිසියුලාව ස්පාඤ්ඤ අධිරාජ්‍යයාගේ යකඩ සපත්තුවටද නව ලෝකයේ කපටි අධිරාජ්‍යයා වූ අමෙරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සෘජු බලහත්කාරකම් වලට යටවූ රටකි. හියුගෝ චාවෙස් නම් බලවත් අධිරාජ්‍ය විරෝධී නායකයා විසින් දනින් වැටී සිටි වෙනිසියුලාව දෙපයින්  පිහිට වූ නමුදු ඔහුගේ අකල් මරණය අධිරාජ්‍ය විරෝධී ජාත්‍යයන්තර සටන්කාමීන්ට ශෝකය දැන වූ කාරණයක් විය. කෙසේ වුවද චාවෙස්ගෙන් ගිලිහුණු අධිරාජ්‍ය විරෝධී ධජය ශක්තිමත්ව සෘජුව වෙනිසියුලානු භූමිය තුළ සිටවීමට වත්මන් වෙනිසියුලානු ජනපති නිකොලස් මදුරෝ දැවැන්ත සටනක් දෙමින් සිටී. ඔහුගේ එම නිර්භීත සටන සමස්ත ලතින් අමෙරිකානු කළාපයේ මෙන්ම ලෝකයේ අනෙකුත් මහා ද්වීප වල ජීවත් වන අධිරාජ්‍යය විරෝධී ජනයාට දැවැන්ත උත්තේජනයක් සපයන්නේය. කරුණු එසේ තිබියදී වෙනිසියුලානු ජනයා 2024 වෙනිසියුලානු ජනාධිපතිවරණයෙන් නිකොලස් මදුරෝ තුන්වෙනි වරටත් වෙනිසියුලානු ජනාධිපතිවරයා ලෙස පත් කරන්නේ ඔහු ජනතා විශ්වාසය උපරිමයෙන් රැක ගෙන සිටින බැවිනි.

කෙසේ වුවද වෙනිසියුලානු ජනයා ප්‍රමුඛ ලතින් අමෙරිකානු කළාපයේ ජනයා මෙන්ම සමස්ථ ලෝකවාසී අධිරාජ්‍යය විරෝධී ජනයා තේරුම්ගත යුත්තේ කියුබාව මෙන්ම වෙනිසියුලාවද අධිරාජ්‍යවාදීන්ගේ දඩබිම් ලැයිස්තුවේ අංක එකට වැජඹෙන රාජ්‍යයන් දෙකක් බවයි. එම රාජ්‍යයන් දෙක විනාශකරලීමට අමෙරිකානු අධිරාජ්‍යවාදීන්ට හැකියාවක් ලැබෙන්නේ නම් ඔවුන් ලතින් අමෙරිකානු භුමියේ ලබන විශාල ජයග්‍රහනයක් බවද මෙහිලා අවධාරණය කරමු. ඒ අනුව පසුගිය දිනවල බොලිවියාව තුළ ගැටුම් ඇති කරලීමට අමෙරිකානු අධිරාජ්‍යවාදීන් ගත් උත්සාහය මිනිස් පලිහක් මගින් වැලැක්වීමට ඉවෝ මොරලෙස් ක්ෂණිකව මැදිහත් වූ ආකාරය වැදගත් ප්‍රායෝගික දේශපාලන පාඩමක් ලෙස සලකා ලතින් අමෙරිකානු කළාපයේ ජනයා ගැඹුරින් කියවාගත යුතුය. කෙසේ වුවද වෙනිසියුලාව පුරා පශ්චාත් ජනාධිපතිවරණ සමයේ මතුවූ අධිරාජ්‍යවාදී අමෙරිකාවේ බළල් අත මෙහෙය වූ කැරැල්ල සාර්ථකව මැඩ පැවැත්වීම්ට වෙනිසියුලානු නීතිය බලාත්මක කරන ආයතන සහ වෙනිසියුලානු අධිරාජ්‍ය විරෝධී දේශප්‍රේමී ජනයා සාර්ථක උත්සාහයක් ගෙන තිබුණි. ඒ අනුව වෙනිසියුලානුවෝ ජාතියක් වශයෙන් බොලිවියාවේ ඉවෝ මොරලෙස් ඉගැන්වූ දේශපාලන පාඩම ගැඹුරින් කියවා ගෙන ඇති බව පෙනේ.

වෙනිසියුලාව මුහුණ දුන් බැරෑරුම් අවස්ථාව පියමං කිරීමට ජාත්‍යන්තර තලයේ වේදිකාවල රුසියාව, චීනය සහ යුරෝපා සංගමය තුළ ගොනුවී සිටින හංගේරියාව ගත් ප්‍රවේශයද අතිශය ප්‍රශංසනීය බව මෙහිලා සිහිපත් කරමු.

අවසාන වශයෙන් වෙනිසියුලාවේ මදුරෝගේ ආණ්ඩුව බිඳ දැමීමට කටයුතු කළ ප්‍රචන්ඩකාරීන් පුරුදු පුහුණු කිරීමට තම භූමිය තුළ ඉඩ දුන් කොලොම්බියා, පේරු සහ චිලී යන රටවල වෙසෙන අධිරාජ්‍ය විරෝධී ජනයා වෙනිසියුලානු, බොලිවියානු සහ කියුබානු නායකයන් අධිරාජ්‍යවාදීන්ට එරෙහිව ගන්නා සාධානීය ක්‍රියා මාර්ග සමඟ එක පෙළට සිට ගත යුතු බව අවධාරණය කරමු. එලෙස ක්‍රියා කිරීමෙන් සමාකාමී සෞභාග්‍යයෙන් පිරුණු ලතින් අමෙරිකාවක් ලෝකයට දායාද කිරීමට ඔබලා මහඟු දායකත්වයක් ලබාදෙන බව අවධාරණය කරමු. අතිශය දුෂ්කර තත්වයන් යටතේ සාමකාමී මැතිවරණයකින් ජය හිමිකරගත් නිකොලස් මදුරෝ පලවා හැරීමට වෙනිසියුලාවේ වෙසෙන අධිරාජ්‍යවාදී බළල් අත් පරාජයට පත් කිරීමට වෙනිසියුලානු සාමාන්‍ය ජනයා දැක්වූ දායකත්වය මෙන්ම වෙනිසියුලානු නීතිය බලාත්මක කිරීමේ අංශ ගනු ලැබූ ක්‍රියා මාර්ග අධිරාජ්‍ය විරෝධී කඳවුර නියෝජනය කරන ආසියාකරයේ වෙසෙන අපටද මහත්වූ ආදර්ශයක් ගෙන දුන් බව සඳහන් කරමු. සමස්ථ ලතින් අමෙරිකානු ජනයා වෙනිසියුලාවේ නිකලස් මදුරෝගේ රජය ආරක්ෂා කිරීම තම පරම වගකීමක් ලෙස සැලකිය යුත්තේ අමෙරිකානු අධිරාජ්‍යවාදියාගේ තීරණාත්මක දඩබිම වන වෙනිසියුලාව ඔවුන්ට ගැති වූ පාලකයෙකු අතට පත් වුවහොත් ලතින් අමෙරිකාවේ අනෙකුත් රාජ්‍යයන්ට අත් වන්නේ ඉතා දුක්ඛිත ඉරණමක් බැවිනි. අවසාන වශයෙන් ලතින් අමෙරිකාව අමෙරිකානු අධිරාජ්‍යවාදී විය ගහෙන් මුදවා ගැනීමේ ශක්තිය එම කළාපයේ වෙසෙන් සියලු ජනයාට ලැබේවායි පතමු.

ජීවන්ත ජයතිස්ස
සම්බන්ධීකරණ ලේකම්
ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය

සම්බන්ධිත පුවත් | Related News

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.
සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි ගැසට් කර තිබේ.
රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.
ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.
ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.
වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ප්‍රධාන පුවත්

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

ජයග්‍රාහී ජාතියක් වීමට නම් මව් භාෂාවට මුල් තැන දිය යුතුයි.. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග

ඕනෑම රටක් හෝ ජාතියක් ඉදිරියට ගොස් ජයග්‍රාහී ස්ථානයකට පැමිණීමට නම් මව් භාෂාවට ප්‍රමුඛස්ථානය ලබා දීම අනිවාර්ය සාධකයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.