
රනිල් - බැසිල් අදත් සාකච්ඡාවක්... සාගල, සුසිල් මහින්දව මුණගැහෙන්න විජේරාමයටත් යති... රනිල්ට සහාය දෙන්න කියාත් ඉල්ලති
ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.
ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ඉදිරියේදී ගොඩ නැගීමට නියමිත නව සන්ධානය පිළිබඳව මෙහිදී සාකච්ඡා පවත්වා ඇති අතර එම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වී ඇති බව සඳහන්ය.
එහිදී ඉදිරි මැතිවරණවලදී පොදුජන පෙරමුණට ලැබෙන කෝටාව සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
පලාත් පාලන ආයතන සදහා සියයට 30ක්, පලාත් සභා සදහා සියයට 35 ක් සහ පාර්ලිමේන්තුව සදහා සියයට 40 ක් බැගින් කෝටාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දීමට ජනාධිපතිවරයා යෝජනා කළද බැසිල් රාජපක්ෂ මහතා පළාත් පාලන ආයතන සදහා සියයට 90 ක්, පාර්ලිමේන්තුව සහ පලාත් සභා සදහා සියයට 70 ක් බැගින් ඉල්ලා සිටි බවත් පැවසේ.
ඒ අනුව අද (28) ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර යළිත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
මේ අතර ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී සාකච්ඡා කර තිබේ.
ඊයේ (27) පෙරවරුවේ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ දී එම සාකච්ඡාව පවත්වා ඇති බව වාර්තා වෙයි.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයේ දී සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් එම සාකච්ඡා පවත්වා ඇති බව සඳහන්ය.
පැයකට ආසන්න කාලයක් එම සාකච්ඡා පවත්වා ඇති අතර සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා සහ සාගල රත්නායක යන මහත්වරුන් වත්මන් ජනාධිපතිවරයාට සහාය ලබාදෙන ලෙස දැඩිව ඉල්ලා තිබේ.
කෙසේවෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කර ඇත්තේ එළඹෙන සඳුදා දිනයේ පැවැත්වෙන දේශපාලන මණ්ඩල සාකච්ඡාවෙන් අනතුරුව ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතය දැනුම් දෙන බවය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
