
ජනාධිපතිවරණය සැප්: 21දා... ජනපති නාමයෝජනා අගෝ. 15 දා
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම ලබන සැප්තැම්බර් මස 21 වැනිදා පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා සිදු කෙරේ. මීට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ (26දා) නිකුත් කරනු ලැබීය.
ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා පත්‍ර භාරගැනීම ලබන මස 15 වැනිදා පෙරවරු 9.00 සිට 11.00 දක්වා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයේදී සිදු කිරීමට නියමිතය. භාරදුන් නාමයෝජනා පිළිබඳ විරෝධතා පළ කිරීම එදින පෙරවරු 11.30 දක්වා සිදුකළ හැකි අතර ඉන් අනතුරුව සියලු අපේක්‍ෂකයන් ඉදිරියේදී මැතිවරණ කොමිසම විසින් පිළිගත් හා ප්‍රතික්ෂේප නාම යෝජනා පත්‍ර ප්‍රකාශයට පත් කරනු ඇත.
ජනාධිපතිවරණයට තරග කරන අපේක්‍ෂකයන්ගේ ඇප මුදල් තැන්පතු භාර ගැනීම ලබන 14 වැනිදා මධ්‍යාහ්න 12.00 දක්වා සිදු කෙරේ.
ඇප මුදල් භාර ගැනීම ඊයේ (26දා) පෙරවරු 8.30ට ආරම්භ වූ අතර රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී එම භාර ගැනීම සිදුකෙරේ.
ලියාපදිංචි දේශපාලන පක්‍ෂයක අපේක්‍ෂකයකු රුපියල් 50,000 ක මුදලක් ද ලියාපදිංචි නොවූ පක්‍ෂයක හෝ සාමාන්‍ය පුරවැසියකු අපේක්‍ෂකයකු ලෙස තරග කරන්නේ නම් රුපියල් 75,000 ක මුදලක් ද ඇප මුදල් ලෙස තැන්පත් කළ යුතු වෙයි.
ඇප මුදල් භාර ගැනීම රාජකාරි දිනවල පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා සිදු කෙරේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
