News Category
From Date
To Date
Maximum Number of Result

විද්‍යුත් වීසා ක්‍රමවේදයෙන් රටේ ආරක්ෂක තොරතුරු හෙළිවීමේ අවදානමක්

Jul 26, 2024 at 07:00 AM
|

ගුවන්තොටුපොළ ආශ්‍රිතව පිහිටුවීමට නියමිත විද්‍යුත් වීසා ක්‍රමවේදය මගින් රටෙහි වැදගත් ආරක්ෂක තොරතුරු හෙළිවීමේ අවදානමක් ඇති බව සඳහන් කරමින් එම ක්‍රමවේදය අවලංගු කරන නියෝගයක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම් සහ එම්. ඒ. සුමන්දිරන් යන මහත්වරුන් විසින් (25) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ගොනු කරන ලදී.

පුද්ගලිකව ගොනු කර තිබෙන මෙම පෙත්සම් වල වගඋත්තර කරුවන් ලෙස ආගමන විගමන පාලකවරයා, නීතිපතිවරයා, සංචාරක සහ මහජන ආරක්ෂක අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් නම් කර තිබේ.

මෙම විද්‍යුත් වීසා ක්‍රමවේදය හේතුවෙන්, රටේ වැදගත් ආරක්ෂක තොරතුරු හෙළිවීමේ අවකාශ ඇති බවත්, එමගින් රටේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි බව ද පෙත්සම්කරුවන් අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් පවත්වන ලද මාධ්‍ය හමුවක දී දැක්වූ අදහස්,

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා;

“මේක මම නම් දකින්නේ මහබැංකු මංකොල්ලයෙන් පසු ඒ වගේ සිය ගුණයකට වඩා විශාල මංකොල්ලයක් මේක. ඒ පිළිබඳව කරුණු කාරණා සහිතව අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමේ නොයෙකුත් කරුණු ගොනු කරලා තියෙනවා. ඒක සනාථ කරමින් අපි ඒකට පක්ෂව අපේ තර්ක ඉදිරිපත් කරනවා.

IVS Global Services (Pvt) Ltd ඩොලර් 2.7 ක ලාභයක් විශාල ගනුදෙනුවක් කරන්න භාර දීලා තියෙන්නෙ මේ වගේ පෙට්ටි කඩේකට. මේ සම්බන්ධයෙන් මම පාර්ලිමේන්තුවෙත් කරුණු දැක්වූවා VFS සමාගම පිළිගත් සමාගමක් වුවත් එය Technical Partner කෙනෙක් පමණයි. එවැනි සමාගමක් මේ වගේ ව්‍යාජ, අයිතිකරු නොදන්න මැදිහත්කාර සමාගම් දෙකක් මේකට ඇතුලත් කරලා, වංචනික ලෙස එක සංචාරකයෙකුට ඩොලර් 25 ක් බැගින් අය කරලා තියෙනවා. රටට ලැබිය යුතු විශාල ධනස්කන්දක් විදේශ සමාගමකට ලබාදීලා තියෙනවා. ඒ වගේම අපේ දත්ත ආරක්ෂාව; පැමිණෙන සංචාරකයන්ගේ රහසිගතව තබාගත යුතු දත්තවල ආරක්ෂාව සම්පූර්ණයෙන්ම කඩ වෙන ආකාරයට මේක සිදුවෙලා තියෙනවා. මේ තොරතුරු ඔක්කොම ඩුබායිවල තිබෙන සර්වර් එකකට තමයි යන්නෙ

එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා;

“අපි තිදෙනා රාජ්‍ය මුදල් කාරක සභාවේ සාමාජිකයන් තිදෙනෙක් හැටියට තීරණය කළා මේ ක්‍රියාවලියට මැදිහත් වෙන්න. මොකද පසුගිය දාහතර වෙනිදා තමයි මේ වාර්තාව ඉදිරිපත් වුණේ පාර්ලිමේන්තුවේ. ඉතින් ඒක ඉදිරිපත් වෙලා මාසයක් ඇතුළත මේක කරන්න ඕන නිසා අපි ඉදිරිපත් වෙලා මේක කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ රටට යුක්තිය ඉටුවෙයි කියලා මේ හරහා.

ගොඩාක් අය හිතුවා දැනටත් මේ වීසා ක්‍රියාවලිය කරගෙන යන GBS Global ආයතනය තමයි මේකත් කරන්නේ කියලා. නමුත් මේ ගිවිසුම පරිශීලනය කිරීමේ දී අපි දැනගත්තා IVS කියලා පෙට්ටි කඩයක් සහිත ආයතනයක් විසින් තමයි මේක කරන්නෙ කියලා. මීට කළිනුත් මෙවැනි දෙයක් සිද්ධවුණා, රටට තෙල් ගේන්න කියලා Global Concept කියලා සමාගමක් ඉදිරිපත් වුණා ඩොලර් බිලියන 2.6 ක් ඒ අවස්ථාවෙදි රටට ගේන්න කියලා ගම්මන්පිල ඇමැතිතුමා පත්‍රිකාවක් ගෙනාවා, නමුත් රාජගිරියෙ පුංචි කඩයක් තමයි තිබුණෙ. හොඳ වෙලාවට ඒක ක්‍රියාත්මක වුණේ නෑ රටේ වාසනාවට, නමුත් එවැනි ම දෙයක් තමයි දැන් ක්‍රියාත්මක වෙමින් පවතින්නෙ. තාක්ෂණික කමිටුව ඉදිරිපත් කරපු වාර්තාව අපේ පෙත්සමෙනුත් ඉදිරිපත් කරලා තියෙනවා ඒ වාර්ථාවේ මොබිටෙල් ආයතනයේ යෝජනාව ප්‍රතික්ෂේප කරලා නෑ. රට වෙනුවෙන් ඒ මෙහෙවර වසර 10 කට අධික කාලයක් තිස්සෙ කරපු මොබිටෙල් ආයතනය තිබියදී තමයි මේක විදේශ ආයතනයකට දෙන්නෙ.

සංචාරකයින්ගේ පැමිණීමට මරු පහරක් මෙතන එල්ල වෙලා. අපේ වීසා ගාස්තු සංසන්දනය කළ යුත්තේ මාලදිවයින, තායිලන්තය වගේ අපිත් එක්ක තරග කරන සංචාරක රටවල් එක්ක. මේක ඉතාම අධික මිලක්. ඩොලර් 50 යි තිබ්බෙ ලංකාවට වීසා ගාස්තු මේ ක්‍රියාවලියට ඩොලර් 1 යි අය කළේ අද ඒක 25.77 ක් කරලා තියෙනවා. දැන් ඩොලර් 75 කරලා වීසා ගාස්තු, තව 25.77 ක් එකතු කරලා ඩොලර් 100.77 ක් සෑම සංචාරකයෙක්ගෙන්ම. පිටරට පුරවැසිභාවය ගත්ත ලංකාවෙ අය එද්දිත් ගෙවන්න ඕනෙ. ගෙවන්නෙ IVS කියලා සමාගමකට. ඒ සමාගමට ගෙව්ව වහාම මේ මුදල ලංකාවෙන් එළියට යනවා.

අපි කණගාටු වෙනවා, හැමදාම දූෂණය ගැන කතා කරන ෆයිල් අරගෙන උසාවි යන කට්ටිය අද මේ ගැන නිහඬයි. අද මේ ඇමැතිතුමාගෙ නම මතක නෑ ඒ කට්ටියට. අපිට පේනවා මේ රට ඇතුලෙ දේශපාලන පාතාලයක් වැඩ කරගෙන යනවා. IVS එකට මේ සල්ලි යන එක ගැන වචනයක්වත් නෑ. ඒකෙන් හිතාගන්න මේ රට ඇතුලෙ දේශපාලන පාතාලය කටයුතු කරන්නෙ කොහොමද කියන එක. අපි මේකට එරෙහිව සටන් කරනවා. අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් රටට යුක්තිය ඉටුවෙයි කියලා, පොදු ජනතාවගේ විශ්වසනීයත්වය බරපතල විදියට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින් කඩ කරලා තියෙනවා.”

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද(21) උදෑසන මිය ගිය බව වතිකානුවේ භාන්ඩාගාර දෙපාර්තමේන්තුවේ කාදිනල් කෙවින් ෆෙරෙල් නිවේදනය කළේය.
පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය
1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.
"සිරි දළදා වන්දනාව" සිව්වන දිනය අදයි (21) සිරි දළදා වන්දනාව අද දහවල් 12.30 සිට පස්වරු 5.30 දක්වා සිදුකිරීමට නියමිතය.
පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්
ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.
වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ප්‍රධාන පුවත්

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.

වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි

බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් චෝදනා ලැබ වියට්නාමයේ තහනම් කොට ඇති සංවිධානයක් ලංකාවට පැමිණ පාද චාරිකාවක නිරත වන බවත් ඔවුන් භික්ෂූ විනයට පටහැනි ලෙස ක්‍රියාකරන සංවිධානයක් බවත් ඒබැවින් ඒම පාද

’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්

මැතිවරණ නීති උල්ලංඝනය වන ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත.

‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි

දෙරට අතර උත්සන්න වන වෙළඳ ආරවුල සංවාදයෙන් විසඳා ගැනීමට අවශ්‍ය නම්, චීනය “අවමාන තර්ජනය කිරීම සහ කප්පම්කරුවෙකු ලෙස හැසිරීම නවත්වන ලෙස” ඇමරිකාවෙන් ඉල්ලා තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.