
පොලිස්පති ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයට ප්‍රතිචාර දක්වන්න කැබිනට් මණ්ඩලය තීරණය කරයි
පොලිස්පතිවරයා පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළ ප්‍රතිචාර දැක්වීමට ඊයේ (24) හදිසි රැස්වීමක් කැදවූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධුරයේ රාජකාරි කිරීම සහ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ අතුරු නියෝගයක් නිකුත් කරනු ලැබීය.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත්කිරීම අභියෝගයට ලක්කරමින් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනුකර තිබූ පෙත්සම් නවය විභාග කිරීමට අවසර දීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
කෙසේ වුවද, ඊයේ පස්වරුවේ ජනාධිපති සහ ආරක්ෂක ඇමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විශේෂ කැබිනට් රැස්වීමක් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී කැඳවා තිබූ අතර, පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබුණේ ඊයේ පස්වරුවේ බැවින් ඊට අදාළ නීතිමය ගැටලු පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කිරීමට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය බව එහිදී කැබිනට් මණ්ඩලය පවසා තිබේ.
ඒ අනුව ඉදිරි දින දෙක තුළ කැබිනට් මණ්ඩලයේ ප්‍රතිචාරය ප්‍රකාශ කිරීම වඩාත් සුදුසු බව එහිදී ඒකමතිකව තීරණයවී ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
දින කිහිපයක් තිස්සේ ගැටුම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයට ඇඳිරි නීතිය පනවයි
විදුලි ගාස්තුව සියයට 15කින් ඉහළට..
