ජනපති රනිල් 22 ගැසට් කළාට එරෙහිව විජයදාසගෙන් දැඩි ප්‍රතිචාරයක්... ප්‍රතිඵලයත් ඔවුන්ම භාරගත යුතු බව කියයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වා තිබේ.
ඔහු සඳහන් කරන්නේ තමන් අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කිරීම අත්හිටුවන ලද්දේ ජනාධිපතිවරණය කල් දැමීමට උත්සාහ කරන්නේ ජනතාව අතරේ මතයක් ඇතිවීම වැළැක්වීමේ අරමුණින් බවත්, නමුත් එම ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් කිසිවකු වෙනත් මතයක සිට කටයුතු කරන්නේ නම් එහි ප්‍රතිඵලද ඔවුන්ම බාරගත යුතු බවත් ය.
අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරණය අවසන් වන තෙක් නිකුත් නොකරන්නැයි තමන් අමාත්‍යංශ ලේකම්ට උපදෙස් දුන්නේ ජනතාව ගැන සිතා සද්භාවයෙන් බවද හෙතෙම තවදුරටත් පැවසීය.
කෙසේ වෙතත් අදාල ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයාට බලය ඇති බවත් හෙතෙම පැවසීය.
මෙම ගැසට් නිවේදනය කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ලෙසිනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන