ට්‍රම්ප්ට වෙඩි තැබූ තරුණයාගේ ඝාතනය ඉතාමත් සැක සහිතයි

පසුගිය ජූලි 13 වනදා, 20-හැවිරිදි පෙන්සිල්වේනියානු ප්‍රාන්තයේ පදිංචිකරුවෙකු වන තෝමස් කෲක්ස් අමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ටෘම්ප් ඉලක්ක කරගනිමින් රයිෆලයකින් වෙඩි තුනක් තැබූ අතර එක්සත් ජනපද රහස් සේවා ස්නයිපර්වරුන්ගෙන් එල්ල වූ ප්‍රතිප්‍රහාර වලින් තෝමස් කෲක්ස් මරණයට පත්විය. හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දකුණු කණට ප්‍රහාරය හේතුවෙන් සුළු තුවාලයක් සිදුවී තිබුණද ඔහු මරණයෙන් බේරි තිබුණේ කෙස් ගසක වාසියකිනි. ඒ මොහොතේ ට්‍රම්ප්ගේ ඉරියව් අධ්‍යනය කිරීමෙන් පැහැදිලි වන්නේ ඔහු බේරුණේ ඔහුගේ හිස දකුණට එනම් ඝාතකයා දෙසට හැරීම හේතුවෙනි. කෲක්ස් සිය ගිනි අවියේ "ට්‍රිගරය" ඇදීමත් සමඟම උණ්ඩය තත්පරයට මීටර් 1,100කට වඩා වැඩි ආරම්භක වේගයකින් ටෘම්ප් දෙසට පියාසර කරන විටත් ටෘම්ප් මෙම ඉරියව්වෙන් සිටියේය. බැලස්ටික් ගණක යන්ත්‍රයට අනුව, උණ්ඩය ට්‍රම්ප්ගේ කණ වෙත ළඟා වීමට තත්පරයෙන් 0.14ක කාලයක් ගත වි ඇත. කෙසේ වුවද වෙඩික්කරුට ඔහුගේ අපේක්ෂිත ගොදුරේ චලනය ගණනය කිරීමට ක්‍රමයක් නොතිබුණි. ට්‍රම්ප්ට මාරාන්තික තුවාල සිදු කිරීමට උන්ඩය සීරු මාරු වීමට අවශ්‍ය වූයේ මිලිමීටර් කිහිපයක් පමණි. තෝමස් කෲක්ස් තමන් සිටි කෝණයට තරමක් වෙනස් කෝණයකින් හැරී උණ්ඩය මිලිමීටර් 10-20 ක් දකුණට ගමන් කර වීමට සැලැස්සුවේ නම්, හිටපු ඇමරිකානු ජනාධිපතිවරයා බරපතල තුවාල ලබා සදහටම දෙනෙත් පියා ගැනීම හෝ එක්සත් ජනපදයේ බලයට පත්වීමෙන් ඉවත් වීමට තරම් දරුණු තුවාල අතපත් කර ගැනීමට බොහෝ සේ ඉඩ තිබුණි. .
ඊළඟ වෙඩි පහරවල් දෙක ස්වයංක්‍රීයව එල්ල වුවද ඒවාද මඟ හැරුණු අතර, දුර්වල වෙඩි තැබීමේ කුසලතාවය සහ ආතතිය යටතේ තමාව පාලනය කර ගැනීමට තෝමස් කෲක්ස්ට නොහැකි වූ බව එම හැසිරීමෙන් පෙන්නුම් කරයි.
ඩොනල්ඩ් ට්‍රම්ප්ට තත්පර භාගයකට පසු වෙඩි හඬ ඇසුණේ තුවාලයේ වේදනාව ඔහුට දැනුණු අවස්ථාවේදීම බව තහවුරුවේ. තෝමස් කෲක්ස්ගේ ගිනි අවියෙන් පිටවුනු උණ්ඩයක වේගය ශබ්දයේ වේගය මෙන් තුන් ගුණයකි. කෙසේ වුවද තෝමස් කෲක්ස්ගේ ගිණි අවියෙන් පිට වූ උණ්ඩ ඊළඟ ගොදුරට පහර දී තිබුණි. එක් වෙඩි පහරකින් ඉලක්ක කිහිපයකට පහර දීමට වෙඩික්කරුට හැකි වූ බව අපට උපකල්පනය කළ හැකිය. නමුත් ඒ තෝමස් කෲක්ස් ගේ කිසියම් හැකියාවක් නිසා නොව, රැලියට විශාල ජනකායක් සහභාගි වීමේ හේතුව නිසා අත්වූ ප්‍රතිඵලයකි.
කෙසේ වෙතත්, කැපී පෙනෙන දෙය නම්,අමෙරිකානු රහස් සේවා ස්නයිපර්වරුන් දැක්වූ අකුණු ප්‍රතිචාරයයි. ඔවුන් තත්පර තුනකට වඩා මදක් වැඩි කාලයක් තුළ අවම වශයෙන් ස්නයිපර් රයිෆල් දෙකකින් ප්‍රහාර එල්ල කළහ. මෙය අමෙරිකානු රහස් සේවා ස්නයිපර්වරුන් අත්පත් කරගත් විශිෂ්ට ජයග්‍රහනයකි. ඉලක්කය සහ දුර දන්නා වෙඩි තැබීමේ තරඟයකදී පවා වෙඩි තැබීමට විධානය ලබා දීමෙන් පසුව වුවද මෙතරම් ක්ෂණික සාර්ථක ප්‍රථිඵල අත්පත් කරගත හැක්කේ ඉතාමත් කලාතුරකිනි.
ඒ අනුව, විශේෂ බළකා ස්නයිපර්වරුන් පෙරලා වෙඩි තබන අවස්ථාව වන විට ඔවුන්ගේ ගිනි අවිවලට සවිකර තිබූ දුරදක්ණයන්හි හරස්කඩවල කෲක්ස් සිටි බව ඉතා පැහැදිලිය.
"එසේනම් ඔවුන් ක්ෂණිකවම තෝමස් කෲක්ස්ව නිෂ්ක්‍රිය නොකළේ ඇයි? ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ පැමිණිළි වලට ප්‍රතිචාර නොදක්වා තුවක්කුවක් අතැතිව සිටි වෙඩික්කරුට ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත මෙතරම් සමීප වීමට ඉඩ දුන්නේ ඇයි?" රුසියාවේ දිගු දුර වෙඩි තැබීමේ සම්මේලනයේ උප සභාපති ඇලෙක්සැන්ඩර් පොචෙව් ප්‍රශ්න කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්
ජයග්‍රාහී ජාතියක් වීමට නම් මව් භාෂාවට මුල් තැන දිය යුතුයි.. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග