
හොරු අල්ලන්න අනුර ෆයිල් 400ක් පෙන්නුවා... ෆයිල් 360 හිස් - ජනපති රනිල් කියයි
හොරු අල්ලන බව පවසමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ලිපිගොනු පෙන්වා සිදුකර ඇත්තේ රැවටීමක් බවත්, ඒ බොහෝ ලිපිගොනු හිස් ඒවා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
නීතිඥවරු පිරිසක් සමග ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.
"2022 මැයි 09 සිදුවීම ගැන අමුතුවෙන් කිවයුතු නැහැ. මේ ගැන කතා කරන්න ජනපති සියලුදෙනා කැඳවූවා. විපක්ෂය නියෝජනය කරමින් සම්බන්ධන්, සුමන්තිරන් සහ මම එක්වුණා. විපක්ෂයේ අනෙක් පක්ෂ එක්වුණේ නැහැ. එය වැරදියි. රටේ පැවති අර්බුදය ගැන යෝජනා ජනපතිට කියන්න තිබුණා. විපක්ෂ නායක යනු විකල්ප අගමැතිවරයෙක් බස් ඩ්‍රයිවර් කෙනෙක් නෙවෙයි. සාකච්ඡාවලට සහභාගීවෙලා කිසිදු පියවරක් ගත්තේ නැහැ. අගමැති මහින්ද ඉවත්වුණොත් අවස්ථාව තිබුණේ සජිත්ට. මමත් එය පිළිගෙන ඕනම කෙනෙකුට උදව් කරන්න සූදානම් වුණා. මැයි 10 සජිත්ට එන්න කිව්වාට ආවේ නැහැ. අගමැතිකමට හිඟමනේ යනවාද? අපේ රටේ විතරක් එය සිදුවුණේ. ජනතා විමුක්ති පෙරමුණ කිසිම උත්සාහයක් ගත්තේ නැහැ. අපි එය භාරගත්තා. ජනපති පිටවෙලා ගියා. මම අගමැති ලෙස හිටියේ. ඉල්ලා අස්වෙන්න කිව්වාට ලියුම ගිහින් භාරදෙන්නේ කොහාටද? යෝජිත පුද්ගලයා ගේන්න කිව්වාම කථානායකට බලය දෙන්නලු. විපක්ෂ නායක නැත්නම් අනුර භාරගත යුතුයි. අපි ආණ්ඩුවක් හැදුවා ඉන්න ඇමතිවරු එක්කම. සියලුදෙනා එක්ව වැඩකළ අරුම පුදුම ආණ්ඩුවක්. මෙතැනින් පටන්ගෙන තවත් වසර 05ක් ඉදිරියට යමු. මැතිවරණ එයි ඕන අය ඉතිරිවෙයි නැති අය විසිවෙයි.
"දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කරගෙන යනවා. පනත ක්‍රියාත්මක කිරීමට යාන්ත්‍රණයක් යෝජනා කරනවා. දූෂණය පාලනය කිරීමට සටහනක් ගේනවා - හොරු අල්ලනවා කියන්නේ නැහැ . අනුර ෆයිල් 400ක් පෙන්නුවා ඒ ටික මං ගාව තියෙන්නේ. ෆයිල් 400න් 40කට නඩු දැම්මා. ඉතිරු ෆයිල් 360 හිස් බලන්න අවශ්‍ය කෙනෙක් මට කියන්න."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
