හොරු අල්ලන්න අනුර ෆයිල් 400ක් පෙන්නුවා... ෆයිල් 360 හිස් - ජනපති රනිල් කියයි
හොරු අල්ලන බව පවසමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ලිපිගොනු පෙන්වා සිදුකර ඇත්තේ රැවටීමක් බවත්, ඒ බොහෝ ලිපිගොනු හිස් ඒවා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
නීතිඥවරු පිරිසක් සමග ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.
"2022 මැයි 09 සිදුවීම ගැන අමුතුවෙන් කිවයුතු නැහැ. මේ ගැන කතා කරන්න ජනපති සියලුදෙනා කැඳවූවා. විපක්ෂය නියෝජනය කරමින් සම්බන්ධන්, සුමන්තිරන් සහ මම එක්වුණා. විපක්ෂයේ අනෙක් පක්ෂ එක්වුණේ නැහැ. එය වැරදියි. රටේ පැවති අර්බුදය ගැන යෝජනා ජනපතිට කියන්න තිබුණා. විපක්ෂ නායක යනු විකල්ප අගමැතිවරයෙක් බස් ඩ්‍රයිවර් කෙනෙක් නෙවෙයි. සාකච්ඡාවලට සහභාගීවෙලා කිසිදු පියවරක් ගත්තේ නැහැ. අගමැති මහින්ද ඉවත්වුණොත් අවස්ථාව තිබුණේ සජිත්ට. මමත් එය පිළිගෙන ඕනම කෙනෙකුට උදව් කරන්න සූදානම් වුණා. මැයි 10 සජිත්ට එන්න කිව්වාට ආවේ නැහැ. අගමැතිකමට හිඟමනේ යනවාද? අපේ රටේ විතරක් එය සිදුවුණේ. ජනතා විමුක්ති පෙරමුණ කිසිම උත්සාහයක් ගත්තේ නැහැ. අපි එය භාරගත්තා. ජනපති පිටවෙලා ගියා. මම අගමැති ලෙස හිටියේ. ඉල්ලා අස්වෙන්න කිව්වාට ලියුම ගිහින් භාරදෙන්නේ කොහාටද? යෝජිත පුද්ගලයා ගේන්න කිව්වාම කථානායකට බලය දෙන්නලු. විපක්ෂ නායක නැත්නම් අනුර භාරගත යුතුයි. අපි ආණ්ඩුවක් හැදුවා ඉන්න ඇමතිවරු එක්කම. සියලුදෙනා එක්ව වැඩකළ අරුම පුදුම ආණ්ඩුවක්. මෙතැනින් පටන්ගෙන තවත් වසර 05ක් ඉදිරියට යමු. මැතිවරණ එයි ඕන අය ඉතිරිවෙයි නැති අය විසිවෙයි.
"දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කරගෙන යනවා. පනත ක්‍රියාත්මක කිරීමට යාන්ත්‍රණයක් යෝජනා කරනවා. දූෂණය පාලනය කිරීමට සටහනක් ගේනවා - හොරු අල්ලනවා කියන්නේ නැහැ . අනුර ෆයිල් 400ක් පෙන්නුවා ඒ ටික මං ගාව තියෙන්නේ. ෆයිල් 400න් 40කට නඩු දැම්මා. ඉතිරු ෆයිල් 360 හිස් බලන්න අවශ්‍ය කෙනෙක් මට කියන්න."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..