
'ආරංචිය සුබයි' කියමින් ජනපති රනිල් රට ගෙනියන්නේ කොයිබට ද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී අනාවරණයක් (වීඩියෝ)
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ 'සුබ ආරංචිය' අලෙවිකරණ පණිවිඩක් ලෙසින් ඉදිරියට ගෙන එන්නේ ණය ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලියේ විශාල ජයග්‍රහණයක් ලෙස පෙන්වමින් බවත්, නමුත් සැබෑ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රූපවාහිනී සංවාදයකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිසින් ගැලවුනු ඔටුන්න රනිල් වික්‍රමසිංහ මහතාගේ හිසට වැටුනු බව පෙන්වීමට උත්සාහ දැරුවද, දේශීය හා ජාත්‍යන්තර මැදිහත්වීම් මත එය සැලසුම් සහගතව රනිල් වික්‍රමසිංහ මහතාව බලයට ගෙන ඒමට සිදුවූ ක්‍රියාවලියක් බව අද වන විට හෙළිදරව් වී ඇති බවය.
1815 දී ද මෙරට තුළ සිදුවූයේ මෙවැනිම සිදුවීමක් බවත් පවසන වසන්ත බණ්ඩාර මහතා, ශ්‍රී වික්‍රම රාජසිංහ රජුව මෙරට ප්‍රභූවරුන් විසින් පාවාදී අත්අඩංගුවට ගත් පසු ඔහු ප්‍රභූවරුන්ට පැවසුවේ 'මට නැතිවුනේ කිරුළ විතරයි, උඹලට උඹලගේ රට නැති වෙනවා' යනුවෙන් යැයි ද සඳහන් කරයි.
වර්තමානයේ සිදුවෙමින් පවතින්නේද එවැනිම ක්‍රියාවලියක් බවත්, ගොඨාභයට නැතිවුනේ කිරුළ පමණක් බවත්, මෙරට ජනතාවට රට නැතිවෙමින් පවතින බවත් ඒ මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.
එදා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බලයෙන් පහකිරීම ජෝන් ඩොයිලිගේ සැලසුමක් අනුව සිදුවූ බවද, අද එලෙසින්ම මෙරට අමෙරිකානු තානාපතිනියගේ සැලසුම් හරහා මෙම ක්‍රියාවලිය දියත්වන බවද මෙහිදී වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.
ආණ්ඩු වෙනස සිදුවන විටදී මෙරට තිබූ ණය ප්‍රමාණය දල වශයෙන් ඩොලර් බිලියන 83ක් පමණ බවද, දැන් එය ඩොලර් බිලියන 100 දක්වා වැඩිවී ඇති බවද පවසන ඒ මහතා, එලෙස ඩොලර් බිලියන 17කින් ක්ෂණිකව වැඩිවීම පිළිබඳව ද මෙහිදී සවිස්තරව තොරතුරු අනාවරණය කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
