විදුලි ගාස්තු 22.5%කින් පහළට
හෙට (16) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 22.5%කින් අඩුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අද තීරණය කර තිබේ.
ඒ මේ වසරේ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුවය.
ඒ සම්බන්ධයෙන් පැවැත් වූ මහජන උපදේශනයේ දී ඉදිරිපත් වූ යෝජනා හා අදහස් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව කොමිසම සිය තීරණය මෙලෙස ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව ගෘහස්ත, ආගමික ස්ථාන, හෝටල්, කර්මාන්ත, පොදු කාර්ය හා රාජ්‍ය ආයතන යන සියලු පාරිභෝගික කාණ්ඩවල විදුලි ගාස්තු හෙට සිට අඩු කෙරේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිය යෝජනාව මඟින් සමස්ත විදුලි ගාස්තු අඩුවීම සියයට 10කට සීමා කර තිබුණ ද කොමිෂන් සභාව විසින් සමස්ත ගාස්තු අඩුකිරීම 22.5%ක් දක්වා ඉහළ දමා තිබේ.
ආගමික ස්ථානවල අඩු විදුලි පරිභෝජනයක් සහිත කාණ්ඩ සඳහා මෙතෙක් අය කළ රුපියල් 8 සහ 9 බැගින් වූ ඒකක මිල රුපියල් 6 දක්වා ද රුපියල් 18ක් වූ ඒකක මිල රුපියල් 10 දක්වා ද රුපියල් 32ක් වූ ඒකක මිල රුපියල් 20 දක්වා ද රුපියල් 43ක් වූ ඒකක මිල රුපියල් 30 දක්වා ද හෙට දින සිට අඩු කර තිබේ.
ආගමික ස්ථානවලින් අය කළ මාසික ස්ථාවර ගාස්තු ද සියලු කාණ්ඩ සඳහා අඩුකර තිබේ.
කර්මාන්ත ශාලා සහ හෝටල් කාණ්ඩයේ දහසු වෝල්ත 42ට අඩු කොන්ත්‍රාත් ඉල්ලුමක් ඇති උප කාණ්ඩය සඳහා මෙතෙක් පැවැත් වූ රුපියල් 37 රුපියල් 30.50ක් දක්වා සහ රුපියල් 25.50ක් වූ ඒකක මිල පිළිවෙලින් රුපියල් 30.50, රුපියල් 18ක් දක්වා අඩුකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර ඇත.
එම පාරිභෝගික කාණ්ඩ දෙක සඳහා අදාළ වන මාසික ගාස්තු සංශෝධනය කර නැත.
නව ගාස්තු සංශෝධනයේ දී රාජ්‍ය ආයතන හා පොදු කාර්ය අංශ සඳහා මෙතෙක් පැවති රුපියල් 55, රුපියල් 45 සහ රුපියල් 37 බැගින් වූ ඒකක මිල පිළිවෙලින් රුපියල් 46.75ක්, රුපියල් 38.25ක් සහ රුපියල් 31.45ක් දක්වා අඩුකර තිබේ.
නව ගාස්තු සංශෝධනය සමග ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලි බල මණ්ඩලයට කොන්දේසි 7ක් පනවා ඇත.
විදුලි පාරිභෝගිකයින් ඉල්ලා සිටින විට දී විදුලි බිල්පත් නිකුත් කළ යුතු බව ද එම කොන්දේසි අතර වේ.
එමෙන්ම විදුලි ජනනය සඳහා ඉන්ධන මිලදී ගැනීමේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව සමග ගිවිසුම්වලට එළැඹීමට පියවර ගන්නා ලෙස ද කොන්දේසි පනවා ඇත.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..