
සමාජය බිඳවට්ටවා රාජ්‍ය අත්පත්කර ගැනීමේ දැවැන්ත මෙහෙයුම ගැන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් හෙළිදරව්වක් (වීඩියෝ)
සමාජය බිඳවට්ටවා රාජ්‍ය අත්පත්කර ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් මෙරට තුළ සිදුවූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, ප්‍රවීන දේශපාලන විචාරක මොහාන් සමරනායක මහතා පවසයි.
මෙරට සිටින අමෙරිකානු එක්සත් ජනපද තානාපතිනිය ජුලි චන්ග් මහත්මිය පසුගිය දිනෙක මෙරට මැතිවරණ කොමිසමට ගොස් රටේ මැතිවරණ සිදුකරන ආකාරය පිළිබඳ සොයාබලා ඇති බවත්, අමෙරිකාවේ වොෂින්ටන් නුවර සිටින මෙරට තානාපති මහින්ද සමරසිංහට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට හෝ මැතිවරණ බලධාරීන්ගේ ආයතනයකට ගොස් එසේ සොයාබැලීම් කිරීමට හැකියාවක් පවතිනවාදැයි මොහාන් සමරනායක මහතා ප්‍රශ්න කරයි.
2024 නොවැම්බර් මස පැවැත්වෙන අමෙරිකාවේ ජනාධිපතිවරණය හරියට කෙරෙනවාදැයි සොයා බැලීමට ඔහුට හැකිදැයි ප්‍රශ්න කරන ඒ මහතා, එය කිසිසේත් කළ නොහැකි දෙයක් බව පෙන්වා දෙයි.
අමෙරිකාවේ පමණක් නොව ඉන්දියාව හෝ චීනය මෙන්ම රුසියාවේත් මෙය සිදුකළ නොහැකි නමුත් මේ රටේ එලෙස හැකියාවක් ඇතිවී තිබෙන බවත් මොහාන් සමරනායක මහතා සඳහන් කරයි.
2022 අවුරුද්දේ මෙරට සිදුවූ අරගලය නමින් හැඳින්වූ ක්‍රියාදාමය තමන් හඳුන්වන්නේ අරගලයක් ලෙස නොව රාජ්‍ය පෙරළා දැමීමේ වර්ණ විප්ලවයක් ලෙස බවද, මෙය රටවල් බිඳවැට්ටවීම සඳහා භාවිතා කරනු ලබන මෙවලම්වලින් එකක් බවද ඒ මහතා සඳහන් කරයි.
මෙහිදී මහජන ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයා පළායන අතර, පසුව පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයෙක් තෝරාගැනීමේ ඡන්දය පැවැත්වෙන දිනට පෙරදින කොළඹ සිටින බටහිර රටවල තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු කතානායක හමුවී මේ කාර්ය සිදුකෙරෙන්නේ කෙසේ දැයි සාකච්ඡා කරන බවත්, එය බලපෑම් කිරීමක් බවත්, ඒ රටවල මෙසේ තානාපතිවරුන්ට හෝ රාජ්‍ය නායකයන්ටවත් බලපෑම් කළ නොහැකි බවත් ඒ මහතා පෙන්වා දෙයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
