News Category
From Date
To Date
Maximum Number of Result

එක්සත් ජනපද විකාරරූපී ප්‍රවේශය, BRICS ව්‍යාප්තිය, කියෙව් පාලනයට සිදුවූ 'විශාල' පාඩු සම්බන්ධයෙන් පුටින් චීන මාධ්‍යය වෙත අදහස් දක්වයි

Oct 18, 2023 at 03:20 PM
|

රුසියාව තවදුරටත් එක්සත් ජනපදය සම්බන්ධයෙන් විශ්වාසය නොතබන බවත්  චීනය විශ්වාසවන්තව තම පොරොන්දු ඉටු කරමින් සිටින බවත්  රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් චීන මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

චීනයේ සංචාරයක යෙදී සිටි රුසියානු ජනාධිපතිවරයා චීන දේශපාලන වාර්තාකරු වැන්ග් ගුවාන් සමඟ පසුගිය 16 වනදා කළ සම්මුඛ සාකච්ඡාවේ ඔහු පළ කළ අදහස් වල සාරාංශය පහත පළවේ.

නීති මත පදනම් වූ  විකාර නියෝග

එක්සත් ජනපදය විසින් ප්‍රවර්ධනය කරන ලද 'නීති මත පදනම් වූ නියෝග' යන සංකල්පය යටත් විජිතවාදයේ වෙස්වළාගත් ස්වරූපය   බව පුටින් අවධාරණය කරමින් පවසා සිටියේ එම නීති මොනවාද යන්න පිළිබඳව වොෂින්ටනය එක් එක් සිද්ධිය අනුව තීරණය කරන බවද අවධාරණය කළේය.

“කිසිවෙකු මෙතෙක් දැක නැති නීති රීති මත පදනම්ව පිළිවෙලක් ගැන කතා කරන්නේ කෙසේද? සාමාන්‍ය බුද්ධියට අනුව, එය විකාරයක්. නමුත් මෙම ප්‍රවේශය ප්‍රවර්ධනය කරන අයට එය ප්‍රයෝජනවත්. ” රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කළේය.

අතීතයේ යටත් විජිත බලවතුන් කියා සිටියේ ඔවුන් තමන් සතුව තිබූ ප්‍රදේශ වෙත “සෞභාග්‍යය” සහ “ශිෂ්ටාචාරයේ ප්‍රතිලාභ” ගෙන එන බව යැයි රුසියානු ජනාධිපතිවරයා පැවසීය. එක්සත් ජනපද ව්‍යතිරේකවාදයෙන් ඇඟවෙන්නේ ඇමරිකානුවන් ඉතිහාසයේ විසූ වෙනත් යටත් විජිතවාදීන් මෙන් සෙසු ලෝකය “දෙවන මට්ටමේ මිනිසුන්” ලෙස සලකන බව යැයිද රුසියානු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

කෙසේ වුවද මොස්කව් මෙම ප්‍රවේශය ප්‍රතික්ෂේප කරන බව පෙන්වා දුන් රුසියානු ජනාධිපතිවරයා සියලු ජාතීන් සමාන ලෙස සලකනු ලබන සාධාරණ බහුධ්‍රැව ලෝකයක් බිහි කිරීම  සඳහා රුසියාව උත්සාහ කරන බව අවධාරණය කළේය.

බහු ධ්‍රැවීයතාව වැළැක්විය නොහැකිය

නව ගෝලීය  විධිවිධානයක් එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් පැමිණෙමින් තිබෙනවා පුටින් අනාවැකි පළ කළේය.

“අපට මෙම ක්‍රියාවලිය වේගවත් කළ හැකියි. එලෙසම යමෙකුට එම ක්‍රියාවලිය මන්දගාමී කිරීමට උත්සාහ කළ හැකියි. ඔවුන්ට සමහර විට බහු ධ්‍රැවීය ලෝකයක් ගොඩනැගීමේ වේගයෙහි යම් ආකාරයක මන්දගාමී බවක් ඇති කළ හැකියි. එහෙත් බහු ද්‍රැවීය ලෝකය නිර්මාණය වීම කුමන අයුරකින් හෝ වැළැක්විය නොහැකියි."

 මෙම වසරේ BRICS සමූහයේ  ව්‍යාප්තිය බටහිර නොවන ප්‍රමුඛ ආර්ථිකයන්හි එම දිශාවේ ප්‍රධාන පියවරක්ය යන්න ජනාධිපති පුටින්ගේ විශ්වාසයයි. නව සාමාජිකයින් හය දෙනෙකු ඇතුළත් කිරීමත් සමඟ G7 සංවිධානය ආර්ථික ශක්තියෙන් බටහිර  සමාජය අභිබවා ගොස් ඇති බවද රුසියානු ජනාධිපතිවරයා සඳහන් කළේය.

“අප කිසිවෙකුටත් පරමාධිපත්‍යයක් අනුනාද කිරීමට අවශ්‍ය නැත. සෑම කෙනෙකුටම සමාන අයිතිවාසිකම් අවශ්‍යයි. නව සාමාජිකයින් BRICS හා සම්බන්ධ වූ විට, අපට මෙම ඉලක්කයන් සපුරා ගත හැකි බව ඔවුන් අවබෝධ කරගෙන සිටිනවා." රුසියානු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එක්සත් ජනපදය විශ්වාස කළ නොහැක

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ බහුපාර්ශ්වික ගිවිසුමෙන් ඉවත් වීමත් සමඟ පෙනෙන පරිදි, දේශපාලන අභිමතය පරිදි පෙර ගිවිසුම් ඉවත දැමීමේ පුරුද්දක් වොෂින්ටනය සතුව ඇති බව පෙන්වා දුන් රුසියානු ජනාධිපතිවරයා යුක්‍රේන ගැටුම ද වොෂින්ටනයේ එම ආකල්ප  තුළම මුල් බැස ඇති බව පුටින් පැවසීය.

“1991 තරම් ඈත කාලයකදී - එවකට එක්සත් ජනපද පරිපාලනය විසින් - නේටෝව තවදුරටත් නැගෙනහිරට ව්‍යාප්ත නොකරන බව අපට පොරොන්දු වී තිබෙනවා. නමුත් එම පොරොන්දු දුන් දින සිට, නේටෝ ව්‍යාප්තිය රැලි පහක් යොදවා කරනු ලැබ තිබෙනවා." ඔහු පෙන්වා දුන්නේය.

"එක්සත් ජනපදයේ සෑම නව පරිපාලනයක්ම මුල සිටම ආරම්භ කරන්නේ නම්, අපි ඕනෑම දෙයකට එකඟ වන්නේ කෙසේද?"

කියෙව් යුධ පිටියේ පාඩු

2008 වර්ෂයේදී  යුක්‍රේනය නේටෝ  සාමාජිකයෙකු බවට පත්කිරීමේ ප්‍රතිඥාවෙ සිට, බටහිර පිටුබලය ලබන කියෙව් පරිපාලනය 2014 සන්නද්ධ කුමන්ත්‍රණය සහ ඩොන්බාස්හි ගැටුම දක්වා, යුක්‍රේන රජය විසින් මාර්ග සිතියමක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීම දක්වා වන රුසියාව සමග තම අසල්වැසියාගේ සතුරුකම්වල ඉතිහාසය රුසියානු ජනාධිපතිවරයා ගෙනහැර දැක්වීය. එලෙසම රුසියානු ජනාධිපතිවරයා කැරලිකරුවන් සමඟ සංහිඳියාව ඇතිකර ගන්නවා වෙනුවට  රුසියාවට එරෙහිව බලාපොරොත්තු වූ මිලිටරි ජයග්‍රහණයක් වෙනුවෙන් කෙටුම්පත් කළ ගිවිසුම ප්‍රතික්ෂේප කිරීමට කියෙව් පාලනය ගිය වසරේ ගත් තීරණයද විචිත්‍රවත්ව ගෙනහැර දැක්වීය.

"ඔවුන් ජූනි මාසයේදී  ඊනියා ප්‍රති-ප්‍රහාරය නම්  ක්‍රියාකාරී මිලිටරි මෙහෙයුමක් දියත් කළා." යුක්‍රේන-රුසියා ගැටුමේ නවතම අදියර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසීය. “මෙහෙයුම මෙතෙක් කිසිදු ප්‍රතිඵලයක් අත්කර ගෙන නොමැතිවාක් මෙන්ම දැවැන්ත පාඩු පමණක් දැනටමත් අත්පත් කරගෙන හමාරයි. ඔවුන් ලබාගත් පාඩුව ඉතා විශාලයි. පාඩුව  එකේ සිට අට දක්වා අනුපාතයකින් යුක්තයි." පුටින් අවධාරණය කළේය.

රුසියාවට ගැටුම නිරාකරණය කිරීමට අවශ්‍ය වන අතර චීනයේ යෝජනාව පදනමක් ලෙස සැලකිය හැකි බව විශ්වාස කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය. කෙසේ වුවද රුසියානු ජනාධිපති පුටින් සමඟ සාකච්ඡා තහනම් කිරීමේ නීතියක් සම්මත කර ඇති බැවින් සාකච්ඡා කිරීමට මග පාදා ගැනීම යුක්‍රේනයටම පැවරේ.

චීන ජනපති ෂීගේ වචනය ඔහු සමඟ වන බැඳීමයි

සම්මුඛ සාකච්ඡාවේ විශාල කොටසක් රුසියානු-චීන සහයෝගීතාව සඳහා වෙන් කර තිබුණි. චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ රුසියානු ජනාධිපති පුටින්ගේ ඇති මිත්‍රත්වය පසුගිය වසර 15 තුළ ජාතීන් අතර සබඳතා වේගවත් වර්ධනයට දායක වූ බව සාමාන්‍ය පිළිගැනීමයි .

රුසියානු නායකයා තම චීන සගයා හැඳින්වූයේ “ තොරතුරු කෙරෙහි අවධානයෙන් සිටින, සිසිල් මනසකින් යුත්, ව්‍යාපාරික මනසක් ඇති විශ්වාසදායක සහකරුවෙකු” ලෙසයි, ඔහු විශේෂයෙන් ෂීගේ විශ්වාසවන්තභාවය අගය කරන බව අවධාරණය කළේය.

ජාත්‍යන්තර වේදිකාව තුළ චීන ජනාධිපතිවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් රුසියානු ජනාධිපතිවරයා පවසා සිටියේ, කෙටි කාලයකට ජාත්‍යන්තර වේදිකාවේ පෙනී සිටින සමහර නායකයින්ට වඩා  ෂී ගේ උපායමාර්ගික ප්‍රවේශය ඔහුව වෙන්කර හඳුනා ගැනීමට ඇති හොඳ සාධකයක් යනුවෙන් පවසා සිටියේය.

සම්බන්ධිත පුවත් | Related News

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සතියේ නේපාලයේ ඇති වූ ව්‍යසනකාරී ගංවතුරෙන් අවම වශයෙන් නේපාල රුපියල් බිලියන 387.5 ක් (ඩොලර් බිලියන 2.56 ක්) වටිනා දේපළ, නිවාස සහ යටිතල පහසුකම් අහිමි වූ බව එරට ආපදා අධිකාරියේ ප්‍රධානියා පවසා ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.
සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
දකුණු කොරියාවේ පැවැත්වෙන ග්වංජු බියෙනාලේ (Gwangju Biennale) කලා උළෙලේ සංවිධායකයන් විසින් චීනයේ තායිවාන ප්‍රදේශයට එහි තත්ත්වයට සම්පූර්ණයෙන්ම නොගැළපෙන නාමයක් යටතේ සහභාගී වීමට අවසර දීම හේතුවෙන්, චීන නියෝජිතa කණ්ඩායම එම උළෙලෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව දකුණු කොරියාවේ චීන තානාපති කාර්යාලය අද(03) නිවේදනය කළේය.
ඇමරිකා එක්සත් ජනපදය ඉරානය සමඟ ගෙන යන අඛණ්ඩ යුද්ධය “සාපේක්ෂව සුළු යුද්ධයක්” බවත්, එය හිටපු ජනාධිපති ජෝ බයිඩන් යටතේ යුක්රේනයට ලබාදුන් අතිවිශාල අවි ප්‍රමාණය හා සසඳන විට ඉතා කුඩා බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.
මැදපෙරදිග කලාපයේ දින 200කට අධික කාලයක් සක්‍රිය මෙහෙයුම්වල නිරත වූ ඇමෙරිකානු නාවික හමුදාවට අයත් 'ඒබ්‍රහම් ලින්කන්' (USS Abraham Lincoln) ඇතුළු නෞකා ත්‍රිත්වයක් තායිලන්තයේ ලීම් චබෑන්ග් වරායට පැමිණීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
2026 අගෝස්තු 26 වනදා නේපාලය සහ චීනයේ Xizang ස්වයං පාලන කලාපය ආසන්න හිමාලයානු ප්‍රදේශය හරහා හදිසියේ මතුවූ දැවැන්ත ගංවතුර හා මඩ නායයෑම් තත්ත්වය, දේශසීමා දෙපස ජනතාවගේ ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල කළ ව්‍යසනයක් බවට පත්විය.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.