News Category
From Date
To Date
Maximum Number of Result

මාලිමාව ගැහැණු එජාපයක් වෙලා... ජනපති සටන සර්වජන හා එජාපය අතර


සමගි ජන බලවේගය යනු එජාපයේ එකම දරුවා බවත්, පොහොට්ටුව යනු එජාපයේ වලිගය බවත්, මාලිමාව යනු ගැහැණු එජාපයම බවත් පවසන සර්වජන බලය විධායක සභික, පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය එජාපය සහ සර්වජන බලය අතර සටනක් බව පවසයි.

“සර්වජන බලය දේශපාලන සන්ධානය, “සතුටු දැයක් – ව්‍යවසායකත්ව රාජ්‍යයක්” නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි කරගත් තම “උපායමාර්ගික වැඩපිළිවෙළෙහි පළමු කෙටුම්පත” කෝට්ටේ පිහිටි මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී ජනතා සංවාදය උදෙසා ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේදී නීතිඥ උදය ගම්මන්පිල මහතා මේ අදස් දැක්වීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායකයා

මාලිමාව ගැහැණු එජාපයක් වෙද්දී ජනපති සටන සර්වජන හා එජාපය අතර

"ඉදිරි ජනාධිපතිවරණයේදී ඇත්තටම ජනතාව ට ඇත්තේ විකල්ප දෙකයි. එක පැත්තකින් ආණ්ඩුව එහෙම නැත්නම් එජාපය තියෙනවා. අනිත් පැත්තෙන් තියෙන්නේ සර්වජන බලවේගයයි. ඇයි අපි එහෙම කියන්නේ. සජබය, මාලිමාව, පොහොට්ටුව, ජනපති සටනට නැද්ද කියල කෙනෙක් අපෙන් ප්‍රශ්න කරන්න පුළුවන්. සජබ කියන්නේ එජාපයේ එකම දරුවා. දරුවෙක් මවක් කුසේ පෝෂණය වෙන ආකාරයෙන්ම එක්සත් ජාතික පක්ෂය තුළ තමයි සජබ වැඩෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති වලින් තමයි පෝෂණය වෙන්නේ. හර්ෂද සිල්වා මන්ත්‍රීතුමා, එරාන් මන්ත්‍රීතුමා වගේ උදවිය වරින් වර කියනවා ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ අපේ ප්‍රතිපත්ති කියලා. ඇත්ත කතාව නම් සජබය කතා කරන්නේ එජාප ප්‍රතිපත්ති.

ශ්‍රී ලංකාව ලංකාව ණය අර්බූදයට තල්ලු කරපු, රට බංකොලොත් රටක් කියලා තීරණය කරන තත්ත්වයට පත් කරපු, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර නිකුත් කලේ ඔය සජබය එජාප කුසේ වැඩමින් එජාපය සජබින් ගැබ්බර වී සිටිය2015 – 2019 යුගයේ කියන එක අමතක කරන්න නරකයි.

පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන දේශපාලන පක්ෂය වන පොහොට්ටුව අද තනි මන්ත්‍රී ධුරයක් තියෙන එජාපයේ දේශපාලන ප්‍රතිපත්තීන් වලට යටත් වෙලා. පොහොට්ටුවෙන් හැදුනු ආණ්ඩුව අද ක්‍රියාත්මක කරන්නේ 2019 දී 69 ලක්ෂයක් එකතු වෙලා යහපාලනය පරාජයට පත් කරලා ගෙනාපු සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය නෙවෙයි. අපි පරාජයට පත් කරපු යහපාලනයේ නව ලිබරල් ප්‍රතිපත්ති. එහෙනම් පොහොට්ටුව කියන්නේ අද එජාපයේ වලිගයක් වෙලා තියෙනවා.

එතකොට මාලිමාවට මොකද වෙලා තියෙන්නේ. ගෝඨාභය ජනාධිපතිතුමාගේ පාලන සමයේ කොටියෙක් වගේ වගේ ගොරව ගොරවා හිටිය මාලිමාව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වුණා විතරයි අනේ පුංචි පූස් පැටියෙක් වෙලා පුරුගාමින් නිල් වික්‍රමසිංහ මහත්තයාගේ කකුල් දෙක වටේ යනවා. අනේ මාව වඩා ගන්නකෝ කියනවා.

අපිට මතකයි මාලිමාව එදා පෙළපාලි යනවා මාලිමාව එදා උද්ඝෝෂණය කරනවා. මාලිමාව එදා රට පුරාම එක දවසේ පෝස්ටරුත් අලවනවා. අද ඒ කිසි දෙයක් වෙන්නෙ නෑ.

 ශ්‍රී ලංකා ලංකා මහ බැංකුව ජාත්‍යන්තරකරණය කිරීම සඳහා පනත ගෙනාවම අධිකරණයට යන්න හිටියේ අපි විතරයි. විදුලි බල මණ්ඩලය විදේශීයකරණය කරන්න පනත් ගෙනාවාම උද්ඝෝෂණය කරන්න හිටියෙත් අපි විතරයි. ණය කළමනාකරණ පනත අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන්න හිටියෙත් අපි විතරයි. අද මාලිමාව එජාපයත් එක්ක සුරතල් වෙනවා.

සමහරු අහන්න පුළුවන් එහෙම එකක් නෑනෙ මාලිමා වේදිකාවේ එජාපයට බනිනවනේ කියලා. එහෙම තමයි. ආදරය වැඩි වුණාමත් බනිනවා. දැන් සාමාන්‍යයෙන් බිරිඳ සැමියාට බනින්නේ තරහට නෙවෙයි. ආදරය වැඩිකමට. ඒ වගේ සම්බන්ධයක් තමයි මාලිමාව සහ එජාපය අතර තියෙන්නේ. මාලිමාව කියන්නේ ගැහැණු එජාපය.

සජබේ කියන්නේ එජාපයේ එකම දරුවා නම්, පොහොට්ටුව කියන්නේ එජාපයේ වලිගය නම්, මාලිමාව කියන්නේ ගැහැණු එජාපයට නම් එජාපයේ නව ලිබරල්වදී ප්‍රතිපත්තියට අභියෝග කරන්න මේ දේශපාලන බිමේ ඉන්නේ අපි පමණයි. එයට විකල්පය ඉදිරිපත් කරන්න මේ දේශපාලන බිමේ ඉන්නේ අපි පමණයි. ඒ නිසයි ඉදිරි ජනාධිපතිවරණය එජාපය සහ සර්වජන බලය අතර සටනක් කියලා අපි කියන්නේ.

වත්මන් අර්බූදය විසඳන්න පෙර හදුනා ගනිමු.

වර්තමානයේ මේ රට මුහුණ පා ඇති අර්බූදය විසඳන්න නම් මේ අර්බූදය මොකක්ද කියලා තේරුම් ගන්නත් පුළුවන් වෙන්න ඕනෑ. අර්බූදය කුමක්ද කියලා තේරුම් නොගත්ත අයට කවම කවදාවත් අර්බූදය විසඳුම් ඉදිරිපත් කරන්න බැහැ. නව ලිබරල්වාදී ප්‍රතිපත්ති වසර හතලිහකට වඩා වැඩි කාලයක් ක්‍රියාත්මක කරලා, මහා දැවැන්ත ණය අර්බූදයක හිරවෙලා, ණය ගෙවන්නත් ණය අරගෙන, තවදුරටත් ණය දෙන්න බෑ කිව්වට පස්සේ සිරවුණු මේ රට එයින් ගොඩ ගැනීමට වර්තමාන ආණ්ඩුවට තියෙන්නේ ණය ගැනීමේ ප්‍රතිපත්තිය විතරමයි.

ණය ගැනීමේ පියා රනිල් වික්‍රමසිංහ

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමයේ ණයබර ඩොලර් බිලියන අසූවට ඇවිල්ලා ණය ගෙවා ගන්න බැරි වුනාම එතුමාව ගෙදර යවලා ගෙනාවේ ණය ගැනීමේ පියා වන රනිල් වික්‍රමසිංහ මැතිතුමා.

එතුමා ඇවිල්ලා මොකද කරේ. අපි බංකොලොත් වෙද්දී අපේ රටේ ණයබර ඩොලර් බිලියන අසූවයි. මේ මාර්තු මාසයේ 31 වෙනිදා වෙනකොට ආණ්ඩුව සතුටින් නිවේදනය කරනවා දැන් ඔන්න අපි සෙන්චරිය ගැහුවා කියලා. අපි දැන් ණය බර ඩොලර් බිලියන 100 පහු කරලා තියෙනවා.

ණය ගෙවා ගන්න බැරුව බංකොලොත් වෙච්ච අපි අපේ ණය බර ඊට පසුවත් තව 25%න් වැඩි කරගෙන තියෙනවා. ප්‍රශ්නය ණය ගැනීම නම් උත්තරයක් ණය ගැනීම වෙන්නේ කොහොමද. ඒක හරියට දියවැඩියා රෝගියෙක් සීනි කාලා සීනි කාලා දියවැඩියාව හැදුනට පස්සේ දොස්තර ගාවට ගියාට පස්සේ දොස්තර බේත් වලටත් සීනිම දෙනවා වගේ වැඩක්. දැන් ලෙඩේ වැඩි වෙයිද අඩු වෙයිද.

ප්‍රශ්නය රනිල් උත්තරය සර්වජන බලය

මිත්‍රවරුනි, රනිල් තමයි ප්‍රශ්නය.  ලංකා ඉතිහාසයේ වැඩිම ණය ප්‍රමාණය අරගෙන මේ ණය අර්බුදයේ නිර්මාතෘවරයා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ප්‍රශ්නේ තමයි රනිල්. ඒ නිසා උත්තරය රනිල් වෙන්න බැහැ. උත්තරය සර්වජන බලය කියලයි අපි කියන්නේ.

ඇයි අපි එහෙම කියන්නේ. හැමදාමත් අපනයන ආදායමත් ආනයන වියදමත් අතර දැවැන්ත පරතරයක් තියාගෙන ඒ පරතරය පියවන්න ණය ගැනීමෙන් මේ අර්බූදය කවදාවත්ම පියවන්න බෑ. එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමා හදපු ණය බෝම්බය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඔඩොක්කුවේ පිපුරුවා. ආණ්ඩුව මොකද කලේ. ගෝඨාභය ගෙදර ගියාම බෝම්බය හදපු රනිල්ව ගෙනල්ලා රට භාර දුන්නා. දැන් එතුමා ආයිත් බෝම්බ හදනවා. දැන් හදන බෝම්බය කවදා කාගේ ඔඩොක්කුවේ පුපුරයිද කියලා කාටවත්ම කියන්න බැහැ. එහෙම නම් මේ බෝම්බ හදන වැඩේ අතහැරලා දාලා ආර්ථිකය හදන, නිෂ්පාදනය හදන වැඩේ පටන් ගත්තොත් තමයි අපිට මේ අර්බූදයෙන් ගොඩ එන්න පුළුවන්.

අපි අර්බූදය විසඳන්නේ කොහොමද ?

අපි ඒ සඳහා මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ විශ්වාසය තියලා තියෙන්නේ පළමුවෙන්ම අපේ සභ්‍යත්වය පිළිබඳව. දෙවනුව අපට අයත් අපේ ස්වභාව සම්පත් පිළිබඳව. අපට බරක් කියලා විකුනලා දාන්න හදන අපේ රාජ්‍ය සම්පත් පිළිබඳව. මීලගට අපේ ජනතාව එහෙමත් නැත්නම් අපේ මානව සම්පත පිළිබඳව.

එනිසා අපිට අපි ගැන අද විශ්වාසයක් ඇතිවෙලා තියෙනවා. අද මේ රටේ බොහෝ දෙනෙක් හිතනවා මේ රට හදන්න බැහැ. ඒ නිසා අපි රට දාලා ගිහිල්ලා අඩුම ගානේ අපි වත් හැදෙන්න ඕනි කියලා. රට දාලා යන්න හදන අයට අද අප ඉදිරිපත් කරලා තියෙනවා රටත් හදලා ඔබත් හැදෙන වැඩපිළිවෙලක්. මේක ප්‍රතිපත්ති ප්‍රකාශයක් නෙවෙයි. මේක වැඩසටහනක්. ඉලක්ක, දින, වකවානු එක්ක මහපොළොවේ ක්‍රියාත්මක කරන වැඩසටහනක්. අපි ඉදිරිපත් කරලා තියෙන්නේ මෙහි පළමු කෙටුම්පත. ජනතාව සමඟ සංවාද කරලා අපි ගේනවා දෙවෙනි කෙටුම්පත. ඒ සම්බන්ධයෙන්ද ජනතා අදහස් අරගෙන අවසාන වශයෙන් තුන්වන කෙටුම්පතක් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ.

දේශපාලකයාට පොරොන්දු ඉටු කරන්නම වෙන වැඩපිලිවෙලක්

හැමදාමත් මැතිවරණවලදී ජනතාවට සිහින විකුණනවා. 1970 දී නම් කිව්වා ලු හඳෙන් හරි හාල් ගෙන ඇවිත් කන්න දීලා ජනතාවගේ කුසගින්න නිවනවා කියලා. 77දී ඇට අටක් දෙනවා කිව්වා. ධර්මිෂ්ඨ සමාජයක් හදනවා කිව්වා. 88 දී කිව්වේ වසර දෙකෙන් දිළිඳුකම තුරන් කරනවා කියලයි. 94 දි කිව්වේ දූෂණය භීෂණය නිමා කරනවා කියලයි. මේ දුන් පොරොන්දු සියල්ල මේ මහ පොළොව තුළ ඉටු කළා නම් අද මේ රට සුරපුර ක්.

බුදුරජාණන් වහන්සේ දේශනා කරේ යථාවාදී – තථාකාරී හා තථාවාදී – යථාකාරී’ වෙන්නයි. කියන දේ කරන කරන දේ කියන පුද්ගලයෙක් වෙන්න. අපේ දේශපාලකයන්ගේ තිබ්බේ නැත්තෙත් ඔය ගුණයම තමයි. නමුත් ජනතාවට තිබ්බේ ඡන්දයෙන් පසුව දේශපාලකයා පොරොන්දු වෙච්ච දේ වෙනුවට වෙනත් දේවල් කරනකොට ලබන සැරේ අපි දෙනවා බැටේ කියලා කේන්තියෙන් බලන් ඉන්න එක විතරයි. නමුත් ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනතාවට වග වෙන ආණ්ඩුව ක් ඡන්ද දායකයා සවි බල ගැන්වෙන ආණ්ඩුවක් බිහිකරන ආකාරය සම්බන්ධයෙන් වන දේශපාලන සංස්කෘතියක් මේ වැඩසටහනින් අප ඉදිරිපත් කරලා තියෙනවා.

අපි සඳහා බිහි කරනවා ජාතික පසු විපරම් සභාව. එය අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වෙනවා. වෘත්තීයවේදීන්, වියතුන්, ව්‍යවසායකයින්, විශ්‍රාමික රජයේ නිලධාරීන්, පුරවැසි සංවිධාන නියෝජිතයන් ඉන්නවා. මේ අපේ ආණ්ඩුවේ තියෙන්නේ කැබිනට් අමාත්‍ය ධුර විස්සයි. සමස්ත වැඩසටහනම අපි එක පැත්තකින් අමාත්‍යංශ විස්සකට කඩනවා. අනිත් පැත්තෙන් අවුරුදු පහකට කඩනවා. ඒවාට ඉලක්ක තියෙනවා. ඒ වැඩසටහන් මහපොළොවේ ක්‍රියාත්මක වෙනවද කියලා අධීක්ෂණය කරන්නේ අර පසු විපරම් සභාව. නිරන්තරයෙන් අමාත්‍යවරයා ලේකම්වරයා ඇතුළු නිලධාරීන් ගෙන්වමින් ප්‍රශ්න සාකච්ඡා කරමින් ප්‍රගති සමාලෝචනය කරමින් පොරොන්දු වෙච්ච දේ ඉටුකරනවාද කියලා අර සභාව අධීක්ෂණය කරනවා. වාර්ෂිකව නිකුත් කරනවා මේ සභාවෙන් ප්‍රගති වාර්තාවක්. එම වාර්තාවේ ඒ අමාත්‍යාංශයන් එම වසර තුළ අපේක්ෂිත ඉලක්කවලින් කෙතරම් ප්‍රමාණයක් ඉටු කළාද ඉටු නොකළාද යන්න සඳහන් වෙනවා. එමෙන්ම ඒ සඳහා ඉදිරිපත් කරන හේතු සාධාරණද නැද්ද කියන එකත් එහි තියෙනවා. සාධාරණ හේතුවකින් තොරව වසරේ ඉටු කළ යුතු කාර්යන් යම් අමාත්‍යංශයක් ඉටු කිරීමට අසමත් වුණොත් ජනතාවට අධිකරණ නියෝගයක් ගත හැකි ඇමතිවරයාට එරෙහිව වහාම මේ කාර්ය ඉටු කරන්න කියලා. මේක ඉතිහාසයේ කවදාවත් දේශපාලන ව්‍යාපාරයක් ඉදිරිපත් නොකරපු ඉදිරිපත් කරන්න අකමැති වුණු නැවුම් සංකල්පයක්.

ඒ විතරක් නෙමෙයි පසු විපරම් සභාව අමාත්‍යවරුන් ශ්‍රේණිගත කරනවා. වාර්ෂික වාර්තාවේ එකේ සිට විස්ස දක්වා එම අමාත්‍යවරුන් ශ්‍රේණිගත කරනවා. කවුරුන් හෝ අමාත්‍යවරයෙක් වසර තුනක් අඛණ්ඩව අන්තිම තැනට පත්වුණොත් ඒ ඇමතිවරයා සහ අමාත්‍යංශය ලේකම්වරයා ඉල්ලා අස්විය යුතු අතර එම ආණ්ඩුව තුළ යළි අමාත්‍ය ධුරයක් හෝ ලේකම් ධූරයක් ලබාගන්න බෑ.

ජනපති මුක්තිය ඉවතට

ඒ විතරක් නෙවෙයි ජනාධිපතිවරයාද වග කියන තැනට ගේනවා. ඇමරිකාවේ මහා බලවත් ජනාධිපති බිල් ක්ලින්ටන් කාන්තාව දෙන්නෙක් නඩු දාලා උසාවි යන්න වුණා. පෝලා ජෝන්ස් සහ මොනිකා ලෙවෙන්ස්කි එම කාන්තාවන් දෙන්නයි. නමුත් අපේ රටේ ජනාධිපති ආර්යාවට දික්කසාද වෙන්න ඕනෙ උනත් අවුරුදු පහක් නැත්නම් දෙවැනි පාර දින්නොත් අවුරුදු දහයක් බලා ඉන්න වෙනවා දික්කසාද නඩුව දාන්නත්. මොකද අපේ රටේ ජනාධිපතිවරයාට සියලුම ආකාරයේ නඩු වලින් මුක්තියක් ලබාදීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ජනාධිපතිතුමාට හිතුණොත් පිස්තෝලයක් අරන් දකින දකින කෙනාට වෙඩි තියලා මරන්න එතුමාව අත්අඩංගුවට ගන්න බෑ. දෝශාභියෝගයක් ගෙනල්ලා එතුමා ඉවත් කරන තුරු ලක්ෂ ගානක් මරා දාන්න ව්‍යවස්ථාවෙන් ජනපතිට අවස්ථාව දීලා තියෙනවා. එවැනි දේවල් කරන්න ජනාධිපතිවරුන්ට චේතනාව පහළ නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැබැයි ජනාධිපතිවරයාට දීල තියෙන මුක්තිය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න අපි යෝජනා කරනවා.

පාර්ලිමේන්තුවේ සම්මත කරන ඕනෑම පනතක් ව්‍යවස්ථාවට පටහැනි බව පුරවැසියෙකුට පේනවා නම් පනත සම්මත කලාට පස්සේත් යම් කාල රාමුවක් තුල නඩු පවරන්න ජනතාවට පුළුවන්.

සර්ව ජන බලය ආණ්ඩුවක් යටතේ ජනාධිපතිවරයා අධිකරණයට ගෙන යෑමේ හැකියාව ඇති කරනවා විතරක් නෙමෙයි පාර්ලිමේන්තුව මෙරට නීතියට පටහැනිව මොනවා කළත් ඒක අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන්න අපි අවස්ථාව ලබා දෙනවා.

අපි හදන්නේ අලුත් රටක්. මේ රට අත්හැරලා දාලා යනවා වෙනුවට ගොඩ ගන්නේ කොහොමද කියලා, ඇදගෙන වැටුනහම නැගිටීම ගැන සභාව අමතපු අර ව්‍යවසායක දියණිය සඳහන් කළා. දැන් අපේ ආදරණීය රට ඇදගෙන වැටිලා තියෙන්නේ. අපේ අම්මා එක්ක යද්දි ඇය ඇදගෙන වැටුනොත් ඈව දාලා අපි ඉස්සරහට යනවද. වැටුණු අම්මා නැගිට්ටෝගෙන වත්තම් කරගෙන අපි ඉදිරියට යනවද. රට දාලා පැනලා යන්න අපිට බැහැ. මේ වැටිලා ඉන්නේ අපේ ආදරණීය අම්මා. ඒ නිසා අපේ වගකීම තමයි අපිව බිහි කරපු අපිව පෝෂණය කරපු අපිව දරාගෙන හිටපු මේ ලක් මාතාව මේ වැටිච්ච වලින් ගොඩ ගන්න එක. ඒ මහා පින්කමට දායක වන්න මුළු ජාතියටම අපි අවස්ථාව ලබා දී තියෙනවා. දුරකථන මාර්ගයෙනුත් මේ වැඩසටහන සම්බන්ධයෙන් ඔබේ අදහස් ලබා දෙන්න පුළුවන්. ලබන සතියේ පටන් සර්වජන සංවාදය ආරම්භ කරලා අපි ජනතා අදහස් ලබා ගැනීම පටන් ගන්නවා. රට හදන පින්කමට එකතු වෙන්න කියලා සමස්ත ජාතියෙන්ම අපි ඉල්ලා සිටිනවා.

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා (05) වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වැඩබලන උත්තරීතර මහානායක දර්ශනපති අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති මහා නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
ඉදිරි මහ මැතිවරණයේදී හිටපු ජනාධිපතිවරුන් හතර දෙනකු ඇතුළු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් රැසක් තරග නොකිරීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකාව සිය නිල ණයහිමියන්ගේ කමිටුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදේශන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා යොදාගෙන ඇති දිනය වන 2024 නොවැම්බර් 14 වන දා රටේ ජනතාවට ගැටලුකාරී දිනයක් වන බවත් නෙවැම්බර් 15 වන දා එනම් මහ මැතිවරණයට පසුව දා ඉල් පසළොස්වක පොහොය යෙදෙන බව හා කඨින පිංකම් අවසන් වන්නේ ද එදිනට බවත් පෙන්වා දෙමින් ශ්‍රී ලංකා මගී හිමිකම් සුරැකීමේ සංවිධානයෙන් ජනපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
මොස්කව් පරිපාලනය,තලේබාන් සංවිධානය ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කරන බව ඇෆ්ගනිස්ථානයේ රුසියානු ජනාධිපති නියෝජිත Zamir Kabulov ඊයේ(04) මාධ්‍යවේදීන් අමතමින් පැවසීය. ත්‍රස්තවාදී තර්ජනවලට එරෙහිව සටන් කිරීමේ වගකීම දරන Federal Security Service (FSB) හි ප්‍රධානියා වන Aleksandr Bortnikov විසින් ද මෙම ප්‍රවෘත්තිය තහවුරු කරන ලද බව රුසියානු පුවත් සේවා පවසයි. 2021 දී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගැනීමෙන් පසු තලේබාන් රජය සමඟ සම්බන්ධතා ඇති කර ගත් පළමු ජාතීන් අතර මොස්කව් ද වන බව එම ප්‍රවෘත්ට්ති වාර්තා වැඩිදුරටත් පවසයි. කෙසේ වෙතත් රුසියාව එම කණ්ඩායම රටෙහි පාලන බලවේගය ලෙස නිල වශයෙන් මෙතෙක් පිළිගෙන නොමැත.
“පසුගිය කාලේ ජනතාවගේ විරෝධයට ලක්වෙලා හිටපු නිලධාරීන් සහ ව්‍යාපාරික පැළැන්තිය නැවත වේගයෙන් බලය තහවුරු කරගනිමින් යනවා. පසුගිය කාලේ දූෂිත චෝදනා ලබපු සමහර අමාත්‍යාංශ ලේකම්වරු ඒ විදිහටම තියාගෙන යන්න දැන් ආණ්ඩුව කටයුතු කරමින් ඉන්න එක මේ තත්ත්වයට උදහරණයක්.” යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.
ඊශ්‍රායල හමුදා ගුවන් යානා ඊයේ(03) රාත්‍රියේ බේරූට් නගරයට තදාසන්න ප්‍රදේශයක පිහිටි ස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ. හිස්බුල්ලා සංවිධානයේ ඝාතනයට ලක්වූ නායක හසන් නස්රල්ලාගේ අනුප්‍රාප්තිකයා මෙම බංකරය තුළ සැඟව සිට ඇති බව ‍ය්නෙට් පුවත් සේවය පැවසීය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, විදේශ රටවල පවත්වාගෙන යන තානාපති කාර්යාලවලට සහ මහ කොමසාරිස් කාර්යාලවලට මැති, ඇමැතිවරුන්ගේ දූ පුතුන් සහ ඥාතීන් යොදවා තිබූ ආකාරය හෙළිදරව් වී තිබේ.
කියුබානු විදේශ අමාත්‍යාංශය ඊශ්‍රායලය අමෙරිකානු එක්සත් ජනපද උපකාර සහිතව මැදපෙරදිග කලාපයේ කරනු ලබන ආක්‍රමණය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. පසුගිය ඔක්තෝබර් 1 වනදා නිකුත් කර ඇති එම නිවේදනය මගින් කියුබානු විදේශ අමාත්‍යාංශය අවධාරණය කරන්නේ 1967 ට පෙර පලස්තීනයේ පැවැති දේශසීමා වලට නැවැත යායුතු බවත් නැගෙනහිර ජෙරුසෙලම පලස්තීනයේ අගනුවර විය යුතු බවත්ය.

ප්‍රධාන පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා - ජනපති අනුර

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා (05) වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වැඩබලන උත්තරීතර මහානායක දර්ශනපති අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති මහා නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

IMF ක්‍රියාවලිය ගැන මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාව සිය නිල ණයහිමියන්ගේ කමිටුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදේශන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මහ මැතිවරණය පවත්වන දිනය ගැටලු සහිතයි - මගී හිමිකම් සුරැකීමේ සංවිධානයෙන් ජනපති අනුරට ලිපියක්

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා යොදාගෙන ඇති දිනය වන 2024 නොවැම්බර් 14 වන දා රටේ ජනතාවට ගැටලුකාරී දිනයක් වන බවත් නෙවැම්බර් 15 වන දා එනම් මහ මැතිවරණයට පසුව දා ඉල් පසළොස්වක පොහොය යෙදෙන බව හා කඨින පිංකම් අවසන් වන්නේ ද එදිනට බවත් පෙන්වා දෙමින් ශ්‍රී ලංකා මගී හිමිකම් සුරැකීමේ සංවිධානයෙන් ජනපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

තලේබාන් සංවිධානය ත්‍රස්තවාදී ලැයිස්තුවෙන් ඉවත් කිරීමට මොස්කව් සූදනම් වෙයි!

මොස්කව් පරිපාලනය,තලේබාන් සංවිධානය ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කරන බව ඇෆ්ගනිස්ථානයේ රුසියානු ජනාධිපති නියෝජිත Zamir Kabulov ඊයේ(04) මාධ්‍යවේදීන් අමතමින් පැවසීය. ත්‍රස්තවාදී තර්ජනවලට එරෙහිව සටන් කිරීමේ වගකීම දරන Federal Security Service (FSB) හි ප්‍රධානියා වන Aleksandr Bortnikov විසින් ද මෙම ප්‍රවෘත්තිය තහවුරු කරන ලද බව රුසියානු පුවත් සේවා පවසයි. 2021 දී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගැනීමෙන් පසු තලේබාන් රජය සමඟ සම්බන්ධතා ඇති කර ගත් පළමු ජාතීන් අතර මොස්කව් ද වන බව එම ප්‍රවෘත්ට්ති වාර්තා වැඩිදුරටත් පවසයි. කෙසේ වෙතත් රුසියාව එම කණ්ඩායම රටෙහි පාලන බලවේගය ලෙස නිල වශයෙන් මෙතෙක් පිළිගෙන නොමැත.

බස්නාහිර නව ආණ්ඩුකාරයා පසුගිය කාලයේ ඩොලර් බිලියන 56ක් නීති විරෝධී ලෙස රටින් පිටට ගෙන ගොස් ඇති බව පුබුදු ජයගොඩ හෙළිකරයි... ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමටත් පොලු තියලලු

“පසුගිය කාලේ ජනතාවගේ විරෝධයට ලක්වෙලා හිටපු නිලධාරීන් සහ ව්‍යාපාරික පැළැන්තිය නැවත වේගයෙන් බලය තහවුරු කරගනිමින් යනවා. පසුගිය කාලේ දූෂිත චෝදනා ලබපු සමහර අමාත්‍යාංශ ලේකම්වරු ඒ විදිහටම තියාගෙන යන්න දැන් ආණ්ඩුව කටයුතු කරමින් ඉන්න එක මේ තත්ත්වයට උදහරණයක්.” යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

ටොන් 73ක බෝම්බ සහිත ඊශ්‍රායල ගුවන් ප්‍රහාරක යානා හිස්බුල්ලා බංකරයට පහර දෙයි

ඊශ්‍රායල හමුදා ගුවන් යානා ඊයේ(03) රාත්‍රියේ බේරූට් නගරයට තදාසන්න ප්‍රදේශයක පිහිටි ස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ. හිස්බුල්ලා සංවිධානයේ ඝාතනයට ලක්වූ නායක හසන් නස්රල්ලාගේ අනුප්‍රාප්තිකයා මෙම බංකරය තුළ සැඟව සිට ඇති බව ‍ය්නෙට් පුවත් සේවය පැවසීය.

මැති, ඇමැතිලාගේ දුවල, පුත්තු පිටරට රජ සැප ගත්තේ මෙහෙමයි...

ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, විදේශ රටවල පවත්වාගෙන යන තානාපති කාර්යාලවලට සහ මහ කොමසාරිස් කාර්යාලවලට මැති, ඇමැතිවරුන්ගේ දූ පුතුන් සහ ඥාතීන් යොදවා තිබූ ආකාරය හෙළිදරව් වී තිබේ.

ඊශ්‍රායලය මැද පෙරදිග කලාපයේ කරනු ලබන ආක්‍රමණ වහා නැවැත්විය යුතුයි!- කියුබානු ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය

කියුබානු විදේශ අමාත්‍යාංශය ඊශ්‍රායලය අමෙරිකානු එක්සත් ජනපද උපකාර සහිතව මැදපෙරදිග කලාපයේ කරනු ලබන ආක්‍රමණය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. පසුගිය ඔක්තෝබර් 1 වනදා නිකුත් කර ඇති එම නිවේදනය මගින් කියුබානු විදේශ අමාත්‍යාංශය අවධාරණය කරන්නේ 1967 ට පෙර පලස්තීනයේ පැවැති දේශසීමා වලට නැවැත යායුතු බවත් නැගෙනහිර ජෙරුසෙලම පලස්තීනයේ අගනුවර විය යුතු බවත්ය.

මහ මැතිවරණයෙන් මාලිමා ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාව ගේන්න යයි!

මහ මැතිවරණයෙන් පසු ජාතික ජන බලවේග ආණ්ඩුව පිහිටුවීමෙන් අනතුරුව බලය විමධ්‍යගත කිරීම පිළිබඳ කටයුුතු ආරම්භ කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ජනපති අනුර අන්දන ජෙරම් මෙහෙයුම ඇරඹේ... (වීඩියෝ)

පසුගිය කාලයේ බුදුදහම ඇතුළු ආගම්වලට අපහාස කිරීමේ චෝදනාවට ලක්ව අත්අඩංගුවට පත්වී පසුව ඇප පිට නිදහස් වූ දේවගැති ජෙරම් ප්‍රනාන්දු නව රජයට සුබ පතමින් පවසන්නේ ජනාධිපතිවරයා සමග එක්වී රට හැදීමට සූදානම් බවය.

සෑම කෙනෙකුම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටිය යුතුයි- රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්

රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් මහතා සමඟ "එක්සත් ජාතීන් 20 වන ශත වර්ෂයේ සිට 21 වන ශත වර්ෂය දක්වා" නමින් 2024 සැප්තැම්බර් මස 25 වනදා කළ වාර්තාමය සම්මුඛ සාකච්ඡාවක් පළ කිරීමට මොස්කව් බලධාරින් කටයුතු කර තිබුණි. තරමක් දීර්ඝ සාකච්ඡාවක් වන එම සම්මුඛ සාකච්ඡාව ලංකා ලීඩර් පාඨකයාගේ පරිශීලනය සඳහා මෙසේ පල කරමු.

දේශීය කර්මාන්ත රැකගැනීමට අසීරු වූයේ පෙර පැවති ආණ්ඩුවලින් පත් කළ ආර්ථික ඝාතකයන් නිසයි - පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තකරුවන්ගේ සංසදය කියයි (වීඩියෝ)

දේශීය කර්මාන්ත හෝ ව්‍යාපාර සියල්ලට බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ රජයේ මැදිහත් වීම සහ ප්‍රතිපත්තිය බවත්, දේශීය පාවහන් සහ සම්භාණ්ඩ කර්මාන්තයේ පැන නැගී ඇති ගැටලු විසඳාගැනීම සම්බන්ධයෙන් නව රජය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තකරුවන්ගේ සංසදය පවසයි.

මැතිවරණ අල්ලසක් කියා පොහොර සහනාධාරය නැවැත්වීමෙන් ගොවිතැනට මාරක ප්‍රහාරයක් එල්ල වෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන්

මැතිවරණ අල්ලසක් ලෙස සලකා පොහොර සහනාධාරය අත්හිටුවීමෙන් 2024/25 මහ කන්නයේ වී සහ අතිරේක ආහාර භෝග වගාවලට මාරක ප්‍රහාරයක් එල්ලවී ඇති බව ජාතික ගොවිජන එකමුතුව පවසයි.

අපේක්ෂිත බදු ආදායම නොලැබීමෙන් රාජ්‍ය ආදායම අර්බුදයකට යාමේ අවදානමක්... IMF මීළඟ වාරිකයත් අවදානමක

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වූ බදු ආදායම නොලැබීම නිසා රාජ්‍ය ආදායම අර්බුදකාරී තත්ත්වයකට පත්වීමේ අවදානම් තත්ත්වයක් උද්ගතව ඇතැයි මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

කූඨ ආනයනකරුවන් කිහිප දෙනෙක් විෂ තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට නිකුත් කරලා...

මෙරට කූඨ ආනයනකරුවන් කිහිප දෙනෙකු විසින් කෘත්‍රිමව පිරිපහදු කළ ශරීරයට අතිශයෙන් අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් මේ වසරේ දී වෙළඳපොළට නිකුත්කර ඇතැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.