
උතුරේ වෙසෙන සිංහලයන්ගේ ගැටලුවලට විසඳුමක් ඉල්ලූ විට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රශ්නය මගහැර ගිහින්
උතුරේ වෙසෙන හඬක් නොමැති සිංහල මිනිසුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් රජයෙන් සිදුවිය යුතු කාරණා ගැන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් වෙත සංදේශයක් බාර දීමට සිවිල් සංවිධාන කිහිපයක් ඊයේ(2) කටයුතු කළහ.
එහෙත් ඒම සංවිධාන පවසන්නේ මේ සියළු ගැටළු ලිඛිතව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාරදුන් නමුත් ඒ ගැන කිසිදු පිළිතුරක් නොලැබුණු බවය.
එම සංවිධාන නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා තිබේ.
අදාළ නිවේදනය පහළින්...
උතුරේ වෙසෙන සිංහලයන් ගේ ගැටළු වලට විසඳුමක් නොදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් මගහරී..
උතුරේ වෙසෙන හඬක් නොමැති සිංහල මිනිසුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් රජයෙන් සිදුවිය යුතු කාරණා ගැන සංදේශයක් බාර දීම සඳහා සිවිල් සංවිධාන කිහිපයක් එකතුව 2024.07.02 දින උදේ 10.00ට කොළඹ නිදහස් චතුරස්‍රය අසල පිහිටි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා හමුවී එම සංදේශයක් ඉදිරිපත් කරන ලදි.
මේ සඳහා විවිධ සංවිධාන කිහිපයක් ඊට එකතුව කටයුතු කල අතර මේ සියළු ගැටළු ලිඛිතව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් වරයා වෙත භාරදුන් නමුත් ඒ ගැන කිසිදු පිළිතුරක් නොලැබිණ.
🔹උතුරේ සිංහල ගම්මාන වල පදිංචි සිංහලයන්ට සිදුවන අසාධාරණ කම්
🔹විවිධ ප්‍රාදේශීය ලේකම් වරුන් විසින් නැවත පදිංච් කිරීමෙිදී සිදුකෙරෙන
අත්තනෝමතික ක්‍රියා සහ නොසලකා හැරීම්
🔹රාජ්‍ය පරිපාලන ලේකම් වරයා විසින් ඉදිරිපත් කරන ලද ගැටළු සඳහා ඉටුකල හැකි දේ පවා සිදු නොකර සිටීම.
🔹සීමා නිර්ණය කමිටු වලින් ලබා දුන් නිර්දේශ සහ අනුමැතිය ලබා දීම නොසලකා හැරීම
🔹අග්‍රාමාත්‍ය වරයා විසින් ලබා දිය යුතු අනුමැතිය සහ නිර්දේශ පමා වීම.
🔹උතුරේ සහ නැගෙනහිර සිංහල ගම්මාන සඳහා ප්‍රමාණවත් යටිතල පහසුකම් නොලැබීම
🔹පානීය ජලය ප්‍රවාහනය පාසැල් වල ගුරු හිඟය සඳහා විසඳුම් පමාවීම
යන කාරණා ලිඛිතව කරුණු සහිතව ඉදිරිපත් කලද රාජ්‍ය පරිපාලන ලේකම් වරයා ඊට සාධාරණ විසඳුමක් හෝ ලබා දීමට කටයුතු නොකරන ලදි.
කරුණු එසේ වුවත් මේ සඳහා තව දුරටත් අදාල බළධාරීන් සහ රජය දැනුවත් කිරීමටත් කවර බාධක අභිමුවේ වුවද ඒ හරහා නිසි විසඳුම් ලබා ගැනීමටත් කටයුතු කරන බව දන්වනු කැමැත්තෙමු.
මේ සදහා ඔබෙන් ලැබෙන සහාය ධෛර්ය ඉතාමත් ගෞරවයයෙන් යුතුව සිහිපත් කරන අතර තවදුරටත් අප සමග එක්ව කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමු.
ඔබේ සහාය සහ ශක්තිය අවැසිම මොහොතයි.
අගමැති වරයා සහ රාජ්‍යය පරිපාලන ලේකම් වරයා ගේ මේ නිද්‍රාශීලී පිළිවෙත පිළිබඳව මේ රටේ උතුරු සහ නැගෙනහිර පදිංචි හඬක් නොමැති සිංහල ජනතාව වෙනුවෙන් මේ රටේ ජාතිකවාදි කඳවුරේ දැඩි විරෝධය මෙයින් දන්වා සිටිමු.
🔹 දේශප්‍රේමී ජාතික බලවේග එකමුතුව
🔹 භූමිපුතු පෙරමුණ
🔹 පිවිතුරු හෙළ උරුමය විකල්ප කණ්ඩායම
🔹 සසුන රැකුමට සිංහල ගෝලිය එකමුතුව
🔹 සිංහල එකමුතුව සංවිධානය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
