News Category
From Date
To Date
Maximum Number of Result

ජපානය, ලංකාව තුළ අත්හිටවූ සියලු ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ගිවිසුම් අත්සන් කරයි

Jul 3, 2024 at 07:40 AM
|

ජපානය ලංකාව තුළ අත්හිටවූ සියලු ව්‍යාපෘති නැවත ආරම්භ කරන්න ගිවිසුම් අත්සන් කළා යයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ,  චීන රජයේ ආධාර මත අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත ලද බිත්තර රැක්ක වීමේ යන්ත්‍ර  සහ විමධ්‍යගත  අරමුදලින් කඩුවෙල ආසනයේ සමිති සඳහා නෙස්කැෆේ මැෂින් බෙදාදීම සඳහා  අරංගල සණස ශාලාවේ පැවති උත්සව අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

“රට මුහුණ දුන්නු  අර්බුදකාරී අවස්ථාවෙන් ගොඩ එම සඳහා ඔබ සැම විශාල කැපවීමක් කර තිබෙනවා. දෙවැනි යුද්ධ කාලේ මතක අය තවමත් ඉන්නවා. ඒ කාලේ ගැන අහලා තියෙනවා.  ජපන්නු බෝම්බ දානකොට බජිරි කාලා ජීවත් වෙච්ච මාස ගණනාවක් අපි ගතකලා. අපේ පාසල් නගරවලින් ඈත පළාත්වලට ගෙන ගියා. මේවා ඇත්තටම සිද්ධ වුණ කතා. ඒ තරම් අමාරු තත්ත්වයකින් ගොඩක් ආපු අපි යළිත් වරක් එවැනි තත්ත්වයකට මුහුණ දුන් නිසා  පසුගිය වසරේ රාජ්‍ය වියදම් සියයට අනුවකින් කපා හරින්න අපට සිද්ධ වුණා.

කොළඹ දිස්ත්‍රික්කය තමයි වඩාත්ම ගැටලු වලට මුහුණ දුන්නු දිස්ත්‍රික්කය. මේ තරම් ලොකු කැපකිරීමක් මහජනතාව සිදු කළේ යම්කිසි ප්‍රගතියක් අත්පත් කර ගැනීමටයි. විශ්වාසය දැක දැකයි අපි ඉදිරියට යන්නේ. විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයෝ මෙතන ඉන්නවා. ඔබේ විශ්‍රාමය එක මාසයක්වත් අපි නොදී හිටියේ නැහැ. අමාරුම තත්ත්වයන් තුළත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විදිහට භාණ්ඩාගාරයෙන් මුදල් අරගෙන රාජ්‍ය සේවකයෝ දා හතර ලක්ෂයකට  මාසයකට සැරයක් පඩි ගෙව්වා. විනාශ කරන්න ඕන තරම් අය ඉන්නවා. හිංසාකාරීන් ඕන තරම් ඉන්නවා. යථාර්ථවාදීව ගැටලු වලට මුහුණ දෙමින් රට ගොඩනැගීමේ ක්‍රියාවලියට අපි සහ ඔබ මුහුණ දුන්නා.

අපේ රට කෙරෙහි විදේශ රටවල විශ්වාසය   යළිත් අපි දිනාගෙන, බැංකු ක්‍රමය දිනාගෙන ජාත්‍යන්තරව ගනුදෙනු කරන්න පුළුවන් තත්ත්වයට රට ගෙන ආවා. අපි වැටුණු අර්බුදයේදී අපිට ජාත්‍යන්තරව එල්. සී එකක් ඕපන් කරන්න බැරි තත්ත්වයක් තිබුණා. එවැනි තත්ත්වයක් නැති අලුත් වාතාවරණයක් ශ්‍රී ලංකාවට උදා කර ගන්න අද පුළුවන්කම ඇතිවෙලා තියෙනවා. කාලයක් මූල්‍ය අර්බුදය නිසා විමධ්‍යගත මුදල් ලැබුණේ නැහැ.  ගිය අවුරුද්දේ අයවැයෙන් විමධ්‍ය ගත සංවර්ධන ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා පළාත් සභා ව්‍යාපෘතිවලට. ප්‍රගතියට අඩිය තබමින් තිබෙන අවස්ථාවක ප්‍රබුද්ධ ජනතාව සමග මේ මොහොත ගත කරන්නේ. මේ සමිති සමාගම්වලින් සාමාජික සාමාජිකාවන්ට ලබා දිය හැකි සේවාවන් පුළුල් කරගත යුතුයි.

අපේ රටේ දැන් දැන් පොදු සංවිධාන අඩුවෙලා තනි සංවිධාන  ගමන් කරන ආර්ථික ව්‍යාපාරයක් පවතිනවා. සමූපකාර අපේ රටේ ආරක්ෂාවක් ඒක නිසා අමාරුවෙන් හරි සණස ආදී විවිධ සංවිධාන ආරක්ෂා විය යුතුයි. අපේ සමාජයේ අමාරුවෙන් ජීවත්වෙන  පිරිස හැටියට සහන ලබන්න රජය  විශාල මුදලක් වෙන් කර තිබෙන්නේ. වැඩිහිටියන්, අඩු ආදායම්ලාභීන්, දුබල තත්ත්වයෙන් ජීවත් වන පිරිස් සඳහා ආධාර වැඩි කිරීමටත් අඛණ්ඩව ලබා දිය හැකි වෙනත් පහසුකම් ලබා දීමටත් පසුගිය වසරේ සිට විශේෂ වැඩ පිළිවෙලක්දිත් කර තිබෙනවා.

මෙවැනි අර්බුදයකට වැටුණු අනිත් රටවල් අත්හදා බලපු ක්‍රම වලට වඩා අපි සියලු දෙනා සාකච්ඡා කරලා රටේ පවතින අමාරුකම්වලට සුවිශේෂ අවස්ථාවක් ලබා දුන්නා. ඉදිරි වසර විස්ස ලංකාවේ ජනගහනයෙන් වැඩිහිටි ජනතාව විශාල ප්‍රමාණයක් බවට පත්වෙනවා. එම ජනතාවගේ අභිලාෂයන්, ප්‍රාර්ථනාවන් වෙනුවෙන් විවිධ සේවාවන් ආරම්භ කිරීමට සිදුවෙනවා. එම සැලසුම් සකස් කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන පරිවර්තනය කළ යුතුයි.  ඊ. පී. එෆ් කියන්නේ වැඩ කරන ජනතාවගේ ආසියාවේ තියෙන ලොකුම බැංකුවයි. විශ්‍රාම යනකොට ගෙවීම පමණක් නෙවෙයි ඊට පස්සෙත් වැඩිහිටි ජනතාව වෙනුවෙන් සේවය කරන ආකාරය පිළිබඳව දැන් අපි සාකච්ඡා කරමින් සිටිනවා.

බිත්තර රැකවීමේ යන්ත්‍ර අඩු ආදායම් ලබන ජනතාවගේ ආදායම් මාර්ගයක් විදිහටත් පෝෂදායි ආහාරයක් විදිහටත් හරි ක්‍රමවේදය අනුව මෙහෙයව්වොත් හැම ගෙයක් දොරක්ම අවුරුද්දකදී ආවරණය කරන්න පුළුවන්. චීන රජය ලංකාව පුරා මෙම යන්ත්‍ර ලබාදීමේ වැඩසටහන සඳහා සම්පූර්ණයෙන්ම දායකත්වය ලබාදෙනවා. යදාමිණි  ගුණවර්ධන මැතිතුමා ග්‍රාමීය පොදු සංවිධාන සමඟ වැඩකටයුතු රාශියක් යෝජනා කර තිබෙනවා. මන්ත්‍රීවරයාත් ප්‍රාදේශීය ලේකම්වරයාත් මහජනයාත් ඇතුළු සමිති සමාගම්වල සාමාජිකයින් එකට අත්වැල් බැඳ ගත යුතුයි. විශ්වාසයට විශාල පෙරළියක් කරන්න පුළුවන්. අවිශ්වාසයෙන් සිටි අය බොහෝ දේවල් කිව්වා.

චීනය පසුගිය දා ලංකාව සමග සහන ගිවිසුමට අත්සන් තැබුවා. චීනය ලංකාවේ ආණ්ඩුවට ආර්ථිකය ඉදිරියට ගෙන යන්න අවශ්‍ය සහයෝගය ප්‍රකාශ කළා.    අත්හිටුවන ලද සියලු ව්‍යාපෘති ආරම්භ කිරීමට පසුගියදා ජපානය අත්සන් කළා. අලුත් ගිවිසුම් යටතේ අපේ ආර්ථිකයේ ප්‍රාණය යළි ගොඩනගන්න රජයේ දෙපාර්තමේන්තුවට පමණක් නෙවෙයි පුද්ගලික අංශයට විශේෂයෙන් ව්‍යාපාරික පැලැන්තියට උත්සහ දරන  නව පරම්පරාවට මේ හරහා   සහයෝගය  ජනිත වෙනවා. රජයක් හැටියට ආර්ථිකය ඉදිරියට යන අඩිතාලමක් අපි යොදලා තියෙනවා.

කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු  සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උදුගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි  ගුණවර්ධන, කඩුවෙල ප්‍රාදේශීය ලේකම් සම්පත් ඉඩම් ගොඩගේ, කඩුවෙල නාගරික ලේකම්, ම.එ.පෙ. තරුණ සංවිධානයේ විධායක සභික චන්දන පුෂ්පකුමාර, ප්‍රජා සංවිධාන නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.

– අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

සම්බන්ධිත පුවත් | Related News

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.
සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ප්‍රධාන පුවත්

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.