බලය බෙදිය යුතු ආකාරය ගැන සම්බන්ධන්ට ඔහුගේම මතයක් තිබුණා... ඔහු වෙනුවෙන් කළ හැකි ඉහළම කාර්ය එම වැඩකටයුතු අවසන් කිරීමයි - ජනපති රනිල් කියයි
දෙමළ ජාතික සන්ධානයේ නායක, අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් පෙනී සිටි බවත්, බලය බෙදිය යුතු ආකාරය පිළිබඳ ඔහුට ඔහුගේම වූ මතයක් තිබූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඒ වෙනුවෙන් ඔහු ප්‍රමාණවත් වැඩ කොටසක් ඉටුකළ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ආර්. සම්බන්ධන් මහතා වෙනුවෙන් අපට කළ හැකි ඉහළම කාර්යය වන්නේ ඒ වෙනුවෙන් වු වැඩකටයුතු සාර්ථකව අවසන් කිරීම බවද වැඩිදුරටත් සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ, ආර්. සම්බන්ධන් මහතාගේ හදිසි අභාවය පිළිබඳ සිය ශෝකය පළ කරමින් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.
"මම මේ කතාව සිදුකරන අවස්ථාව වන විට එදා මා සමඟ පාර්ලිමේන්තුවට පැමිණි අයගෙන් ඉතිරිව සිටි සඟයෙකු වන සම්බන්ධන් මන්ත්‍රීතුමා තවදුරටත් අප අතර නැහැ. ඉතා දුෂ්කර කාලපරිච්ඡේදයන් තුළ එතුමා සමඟ එකට වැඩකිරීමට මට අවස්ථාව ලැබුණු අතර ඔහු එහිදී ලබාදුන් දායකත්වය මම කෘතවේදීව සිහිපත් කරනවා.
එතුමා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ (TULF) සහ දෙමළ ජාතික සන්ධානය (TNA) නියෝජනය කළ ද සෑම විටම ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් නොසැලී පෙනී සිටියා.
වරෙක ඔහු මා සමඟ මෙසේ ප්‍රකාශ කළා. “රනිල් මම රට බෙදනවා කියලා ඔබ හිතනවද? මම කුඩා දරුවෙක් විදියට 1948 දී රටට නිදහස ලැබෙනවා බලන්න ගියා.” කියලා. අපි කවුරුවත් ඒ අවස්ථාව දැක නැහැ. අප අතරින් බොහෝ දෙනෙකු ඒ වන විට ඉපදිලාවත් නෑ. ඒත් බලය බෙදිය යුතු ආකාරය ගැන ඔහුට ඔහුගේම මතයක් තිබුණා. ඒ ගැන විවාද කරන්න කිසිම හේතුවක් නැහැ වගේම මම සිතන ආකාරයට ඒ පිළිබඳ ඔහු ප්‍රමාණවත් තරම් වැඩ කොටසක් සිදුකර තිබෙනවා.
ඒ පිළිබඳ වැඩකටයුතුවලින් අපට තව සුළු ප්‍රමාණයක් අවසන් කිරීමට තිබෙනවා. ඒ වගේම ඔහු වෙනුවෙන් කළ හැකි ඉහළම කාර්යය වන්නේ එම වැඩකටයතු අවසන් කිරීම බව ද කිව යුතුයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්