
රට ණය අර්බුදයක් කරා යාමේ අවදානමක් - ආර්ථික විශේෂඥයන් හෙළිකරයි
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ශ්‍රී ලංකාව නැවතත් ණය උගුලට හසු වීමේ අවදානමක් මතුවෙමින් පවතින බවයි.
දේශීය භාණ්ඩාගාර බිල්පත්වලින් හා බැඳුම්කර වෙළඳපොළෙන් ශ්‍රී ලංකා රජය මේ වසරේ මුල් දින විසි දෙකේදී පමණක් රුපියල් කෝටි එක් ලක්ෂ එකොළොස් දහස් හත්සිය දාහතරක ණය ලබාගෙන ඇති බවත් මේ මාසයේ මුල් දින විසි දෙකේදී භාණ්ඩාගාර බිල්පත් වලින් කෝටි අසූ හයදහස් එකසිය හතළිහක්ද භාණ්ඩාගාර බැඳුම්කරවලින් කෝටි තිස්නවදහස් හැත්තෑ පහක්ද වශයෙන් ණය ලබාගෙන ඇති බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
එමෙන්ම වත්මන් රජය මේ වසරේ ජනවාරි මාසයේදී දේශීය වෙළඳපොළෙන් රුපියල් කෝටි අසූ දහස් අටසිය හැට පහක්ද පෙබරවාරි මාසයේදී කෝටි හැට හතර දහස් එකසිය හතළිස් නවයක්ද මාර්තු මාසයේදී කෝටි අසූ හතර දහස් තුන් සිය විස්සක්ද අප්‍රේල් මාසයේදී කෝටි හැත්තෑ දෙදහස් තුනක්ද මැයි මාසයේදී රුපියල් කෝටි හැත්තෑ නව දහස් හත්සිය විසි පහක්ද ණය ලබාගෙන ඇතැයි පැවසූ මහාචාර්යවරයා මේ වසරේ මුල් මාස පහේදී දේශීය වෙළඳපොළෙන් ලබාගෙන ඇති මුළු ණය ප්‍රමාණය රුපියල් කෝටි තුන් ලක්ෂ අසූ අට දහස් හැට දෙකක් වන බවද සඳහන් කළේය.
මෙම තත්වය යටතේ ණය අර්බුදයක් කරා යන තත්වයක් පෙනෙන්නට ඇති හෙයින් දේශීය ණය ධරණීතාව රැකගැනීමට රජය කටයුතු කළ යුතු බව මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
