රට ණය අර්බුදයක් කරා යාමේ අවදානමක් - ආර්ථික විශේෂඥයන් හෙළිකරයි
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ශ්‍රී ලංකාව නැවතත් ණය උගුලට හසු වීමේ අවදානමක් මතුවෙමින් පවතින බවයි.
දේශීය භාණ්ඩාගාර බිල්පත්වලින් හා බැඳුම්කර වෙළඳපොළෙන් ශ්‍රී ලංකා රජය මේ වසරේ මුල් දින විසි දෙකේදී පමණක් රුපියල් කෝටි එක් ලක්ෂ එකොළොස් දහස් හත්සිය දාහතරක ණය ලබාගෙන ඇති බවත් මේ මාසයේ මුල් දින විසි දෙකේදී භාණ්ඩාගාර බිල්පත් වලින් කෝටි අසූ හයදහස් එකසිය හතළිහක්ද භාණ්ඩාගාර බැඳුම්කරවලින් කෝටි තිස්නවදහස් හැත්තෑ පහක්ද වශයෙන් ණය ලබාගෙන ඇති බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
එමෙන්ම වත්මන් රජය මේ වසරේ ජනවාරි මාසයේදී දේශීය වෙළඳපොළෙන් රුපියල් කෝටි අසූ දහස් අටසිය හැට පහක්ද පෙබරවාරි මාසයේදී කෝටි හැට හතර දහස් එකසිය හතළිස් නවයක්ද මාර්තු මාසයේදී කෝටි අසූ හතර දහස් තුන් සිය විස්සක්ද අප්‍රේල් මාසයේදී කෝටි හැත්තෑ දෙදහස් තුනක්ද මැයි මාසයේදී රුපියල් කෝටි හැත්තෑ නව දහස් හත්සිය විසි පහක්ද ණය ලබාගෙන ඇතැයි පැවසූ මහාචාර්යවරයා මේ වසරේ මුල් මාස පහේදී දේශීය වෙළඳපොළෙන් ලබාගෙන ඇති මුළු ණය ප්‍රමාණය රුපියල් කෝටි තුන් ලක්ෂ අසූ අට දහස් හැට දෙකක් වන බවද සඳහන් කළේය.
මෙම තත්වය යටතේ ණය අර්බුදයක් කරා යන තත්වයක් පෙනෙන්නට ඇති හෙයින් දේශීය ණය ධරණීතාව රැකගැනීමට රජය කටයුතු කළ යුතු බව මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්