මැද පෙරදිග කලාපයේ ‘යුද භූමිකම්පාවක්’ ඇති වීමට නියමිතයි - ඊශ්‍රායලය ඉරානයට අනතුරු අඟවයි
ඉරාන විදේශ අමාත්‍ය හොසෙයින් අමීර්-අබ්දුල්ලාහියන් ඊශ්‍රායලයෙන් ගාසා තීරයට එල්ල කරන ගුවන් ප්‍රහාර අවසන් කරන ලෙස ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඊශ්‍රායලය ගොඩබිම් හමුදාවන් යවා ප්‍රදේශය අල්ලා ගැනීමට කටයුතු කර හමාස් සංවිධානය සමඟ ගැටුම වර්ධනය කර ලෙබනන් සටන්කාමී කණ්ඩායමක් වන හිස්බුල්ලා සටන්කාමීන්ද සටනට පිවිසියහොත් කලාපය පුරා ගැටුම් පැතිර යා හැකි බවට ඉරාන විදේශ අමාත්‍යවරයා අනතුරු ඇඟවූ බවද විදෙස් වාර්තා පවසයි.
පසුගිය 14 වනදා බීරූට් හිදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමීර් - අබ්දුල්ලාහියන් පැවසුවේ “හිස්බුල්ලා සංවිධානය නිර්මානය කර ඇති තත්වයන් පිළිබඳ මට අවබෝධයක් තිබෙනවා. "හමාස් ප්‍රතිරෝධය වැලැක්වීමට ගන්නා ඕනෑම පියවරක් ඊශ්‍රායලයට විශාල භූමිකම්පාවක් ඇති කරනු ඇති." යනුවෙනි.
මේ අතර Axios පුවත් සේවය විසින් උපුටා දක්වන ලද රාජ්‍ය තාන්ත්‍රික මූලාශ්‍ර දෙකකට අනුව, ඉරානය යුද්ධය පැතිරීම වැළැක්වීමට උත්සාහ කරන අතරම ගාසා තීරයේ රඳවා සිටින ඊශ්‍රායල සිවිල් ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමටද උදව් කිරීමට උත්සාහ කරමින් සිටී.
කෙසේ වුවද හමුදා මෙහෙයුම දිගටම පවත්වාගනිමින් ඊශ්‍රායලය ගොඩබිම් ප්‍රහාර එල්ල කරමින් ඉදිරියට ගියහොත් ඉරානයට ඊට ප්‍රතිචාර දැක්වීමට සිදුවනු ඇත.
"කලාපයේ පුළුල්ව පැතිරුනු අර්බුදයක් වැලැක්වීමට තවමත් දේශපාලන අවස්ථාවක් තිබෙන්වා සමහර විට, ඉදිරි පැය කිහිපය තුළ තත්වයන් තීවර වුවහොත් අර්බූදය වැලැක්වීමේ අවස්ථාවන් අහිමි වනු ඇත." ඉරාන විදේශ ඇමතිවරයා සඳහන් කළේය.
ඉරානයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයා පසුගිය සතියේ ඉරාකයේ, සිරියාවේ සහ ලෙබනනයේ සංචාරයක නිරත වූ අතර එහිදී ඔහු හිස්බුල්ලා නායක සෙයිද් හසන් නස්‍රල්ලා මෙන්ම ලෙබනන් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද හමුවී ඇතිවී තිබෙන යුද්ධයේ “විභව ප්‍රතිඵලය” සහ “ගත යුතු ස්ථාවරයන්” පිළිබඳව සාකච්ඡා කළේය.
ලෙබනන් විදේශ අමාත්‍ය අබ්දල්ලා බූ හබීබ් සමඟ පැවති සාකච්ඡාවකදී අමීර්-අබ්දුල්ලාහියන් ඊශ්‍රායලයට ගාසා තීරයේ ජනතාවට එරෙහිව “යුද අපරාධ” චෝදනා කළ අතර ඊශ්‍රායලය නතර නොකළහොත් “ඕනෑම ආකාරයේ තත්වයක් උදාවීමේ හැකියාවක් වර්ධනය වනු ඇතැයි සිතිය හැකි” බවට ඔහු කළ අනතුරු ඇඟවීම නැවතත් අවධාරණය කළේය.
ලෙබනනයට "කිසිවිටෙක යුද්ධයක් අවශ්‍ය වී හෝ යුද්ධයකට උත්සාහ කර නැති" බව පවසමින් බූ හබීබ් ඉරාන විදෙශ ඇමතිවරයාට සපථ කරණු ලැබීය. එසේ වුවද තවදුරටත් ඊශ්‍රායලය මෙහෙයුම් තීව්‍ර කිරීම "කලාපය අවුළුවන අතර එහි ආරක්ෂාවට සහ සාමයට තර්ජනයක් වනු ඇති" බවට බූ හබීබ් අනතුරු ඇඟවීය.
"අපි අපගේ පලස්තීන සහෝදරයන් සමඟ සහයෝගයෙන් සිටින අතර වටලෑම අවසන් කිරීමට සහ ගාසා තීරයට ආධාර ලබා දෙන ලෙස ඉල්ලා සිටිමු," බූ හබීබ් අවධාරණය කළේය.
හිස්බුල්ලා සටන්කාමීන් ලෙබනනයේ දේශසීමාවේ පූර්ණ සෝදිසියෙන් සිටින අතර, අවම වශයෙන් ඊශ්‍රායල සිවිල් වැසියන් සහ සොල්දාදුවන් 1,300ක් මිය ගිය පසුගිය 7 වනදා සිදුවූ හමාස් ආක්‍රමණයෙන් පසු ඊශ්‍රායලය සමඟ වරින් වර වෙඩි හුවමාරු කර ගනිමින් සිටිති.
ඊශ්‍රායලයේ ඕනෑම තැනකට ළඟා විය හැකි නිරවද්‍ය මාර්ගෝපදේශක මිසයිල මෙන්ම දහස් ගණන් යුධ අවි දරුණු ප්‍රහාරක යානා සහ විවිධ වර්ගයේ හමුදා ඩ්‍රෝන යානා ඇතුළු රොකට් සහ මිසයිල 150,000ක් පමණ ඇති බැවින් ඉරාන පිටුබලය ලබන කණ්ඩායම ඊශ්‍රායලයට ප්‍රධාන තර්ජනයක් වන බව සැලකේ.
ඉරානයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා පසුගිය 14 වනදා සවස කටාර්හිදී හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයෙකු වන ඉස්මයිල් හනියේ හමුවූ නමුත් එම හමුව පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..
අද, හෙට සහ අනිද්දා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවක්..