
විඩතලතිව් රක්ෂිතය ගැසට් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි
විල්පත්තුවේ විඩතලතිව් ස්වභාව රක්ෂිතයේ කොටසක් ඉස්සන් ගොවිපළ ව්‍යාපෘතියක් සඳහා වෙන් කිරීම සඳහා වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර ඇත.
මැයි මාසයේදී විඩතලතිව් ස්වභාව රක්ෂිතයේ කොටසක් ජලජීවී වගා කර්මාන්ත උද්‍යානයක් පිහිටුවීම සඳහා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණු අතර, ජලජීවී වගා කාර්මික උද්‍යානය රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වයකින් මුහුදු වරල් මාළු, කකුළුවන් සහ විදේශීය ඉස්සන් විශේෂ ඇතුළු විවිධ විශේෂයන් වගා කිරීම සඳහා යොදා ගැනීමට නියමිතව තිබූ බව වාර්තා විය.
වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයේ සඳහන් කර තිබුණේ එම ගැසට් පත්‍රයේ උපග්‍රන්ථයේ දක්වා ඇති ප්‍රදේශය තවදුරටත් විඩතලතිව් ස්වභාව රක්ෂිතයේ කොටසක් ලෙස නම් නොකරන බවයි.
කෙසේ වෙතත්, පරිසර යුක්ති කේන්ද්‍රය (CEJ) රජයේ තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබුණි.
වන්කලෙයි අභයභූමියට ආසන්නව පිහිටි රටේ තුන්වන විශාලතම සමුද්‍ර ආරක්ෂිත ප්‍රදේශය වන විඩතල්තිව් ස්වභාව රක්ෂිතය 2016 මාර්තු 1 වන දින 1956/13 ගැසට් පත්‍රය මගින් ස්වභාව රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර එය හෙක්ටයාර 29,000ක් ආවරණය කරයි.
2012 වසරේ උතුරු පළාතේ ක්‍රමෝපායික පාරිසරික තක්සේරුව (SEA) මගින් ආරක්‍ෂාව අවශ්‍ය ප්‍රදේශයක් ලෙස හඳුනාගැනීමෙන් අනතුරුව මෙය සිදු විය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
