
බොලිවියාවේ අසාර්ථක හමුදා ‘කුමන්ත්‍රණයේ’ අණ දෙන නිළධාරියා අත්අඩංගුවට
බොලිවියානු ජනාධිපති ලුයිස් ආර්ස් තම රජයට එරෙහිව හමුදා කුමන්ත්‍රණ ප්‍රයත්නයක් සිදු වෙමින් පවතින බව ප්‍රකාශකිරීමෙන් පසු, සන්නද්ධ පිරිස් ප්‍රවාහන වාහන මත නැගී සිටි දැඩි ලෙස සන්නද්ධ සොල්දාදුවන් බොලිවියාවේ අගනුවර වන ලා පාස් හි මධ්‍යම ප්ලාසා මුරිලෝ චතුරශ්‍රයෙන් පිටතට පැමිණ ඇතැයි වාර්තා වේ.
ත්‍රිවිධ හමුදාවේ අණදෙන නිලධාරී ජෙනරාල් ජුවාන් ජෝස් සුනිගා ප්‍රමුඛ සොල්දාදුවන් පිරිසක් ඊයේ(26) මධ්‍යම ප්ලාසා මුරිලෝ චතුරශ්‍රය අල්ලාගෙන ජනාධිපති මන්දිරයට ඇතුළු වූහ.ජනාධිපති ලුයිස් ආර්ස් "බොලිවියානු හමුදාවේ සමහර ඒකක අවිධිමත් ලෙස බලමුලු ගැන්වීම" හෙළා දුටු අතර ජෙනරාල් ජුවාන් ජෝස් සේවයෙන් පහ කර ඔහු වෙනුවට ත්‍රිවිධ හමුදාවේ අණදෙන නිළධාරියා ලෙස ජෙනරල් Jose Wilson Sanchez පත් කරනු ලැබුවේය.ත්‍රිවිධ හමුදාවේ අණදෙන නිලධාරී තනතුරට පත් වූ වහාම සැන්චෙස් චතුරශ්‍රයේ බල මුළු ගැන්වී සිටින හමුදාවට චතුරශ්‍රයෙන් පිටව යන ලෙස නියෝග කළේය.
බොලිවියානු මාධ්‍යවලට අනුව, ජෙනරාල් ජුවාන් ජෝස් සුනිගා රඳවාගෙන සිටින අතර, "රාජ්‍යයේ ආරක්ෂාවට සහ ස්වෛරීභාවයට එරෙහිව ත්‍රස්තවාදය සහ සන්නද්ධ නැගිටීමක් සංවිධානය කිරීම" සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල කර ඇත.
බොලිවියානු ජනාධිපති ලුයිස් ආර්ස් පසුව ජනාධිපති මන්දිරයේ බැල්කනියේ පෙනී සිටිමින් තම ආධාරකරුවන්ට ස්තූති කළේය. “අපි ඡන්ද බලයෙන් දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදය කිසිවකුට උදුරා ගන්න බැහැ,” ජනාධිපතිවරයා ප්‍රීති ඝෝෂා නඟමින් සිටි පිරිසට කීවේය. "අපි බොලිවියානු ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් දිගින් දිගටම කැපවෙනවා."
හමුදාව ලා පාස් හි මධ්‍යම ප්ලාසා මුරිලෝ චතුරශ්‍රය වෙත පැමිණි වහාම,බොලිවියාන්ය් ජනාධිපති ලුයිස් ආර්ස් ගේ ආධාරකරුවන් සහ සමාජවාදය සඳහා පාලක ව්‍යාපාරය (MAS) පක්ෂය වීදි බැස, හමුදා නැවත ඔවුන්ගේ බැරැක්ක වෙත යන ලෙස බලකරමින් උද්ඝෝෂණය කළහ. මේ අතර බොලිවියාවේ බොහෝ දේශපාලකයින් සහ නිලධාරීන් මෙන්ම යුරෝපියානු සංගමය සහ දකුණු ඇමරිකාවේ නායකයින් බහුතරයක් බොලිවියානු හමුදාවේ ක්‍රියාව හෙලා දුටුහ.
“අපි බොලිවියාවේ සිදුවීම් හෙළා දකිනවා. හමුදාව නීත්‍යානුකූලව තේරී පත් වූ සිවිල් බලයට යටත් විය යුතුය” යනුවෙන් ඇමරිකානු ජනපද සංවිධානයේ (OAS) නායක ලුයිස් අල්මාග්‍රෝ පැවසීය.
හිටපු අන්තර්වාර ජනාධිපති ජෙනීන් ඇනෙස් සහ සැන්ටා කෲස් පළාතේ හිටපු ආණ්ඩුකාර ලුයිස් ෆර්නැන්ඩෝ කැමචෝ ඇතුළු පිරිස් “බොලිවියාවේ ප්‍රජාතන්ත්‍රවාදය යථා තත්ත්වයට පත් කිරීමට” සහ “සියලු බොලිවියානු දේශපාලන සිරකරුවන්” නිදහස් කිරීමට අවශ්‍ය බව ප්‍රකාශ කරමින් ජෙනරාල් සුනිගාගේ ක්‍රියාවන් සාධාරණීය කරනු ලැබීය.
2019 වසරේ එවකට ජනාධිපති ඉවෝ මොරලෙස් බලයෙන් පහකිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් වරදකරු වීම හේතුවෙන් හිටපු අන්තර්වාර ජනාධිපති ජෙනීන් ඇනෙස් මේ වන විටත් වසර 10ක සිර දඬුවමක් විඳිමින් සිටියි.
බොලිවියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ජෙනරල් ජුවාන් ජෝස් සුනිගා මාධ්‍ය වෙත ඉදිරිපත් කරන ලද අවස්ථාව...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
