ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් පවත්වන ලද විරෝධතා පා ගමනට පොලිස් ප්‍රහාර
ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් පවත්වන ලද විරෝධතා පා ගමන සම්බන්ධයෙන් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇති බව මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළේය.
ඒ අනුව එම උද්ඝෝෂණකරුවන්ට කොටුව පොලිස් වසමේ කොටුව දුම්රිය ස්ථානයේ සිට CTO හන්දිය දක්වා වන ඕල්කට් මාවත, CTO හන්දියේ සිට සෙරමික් හන්දිය NSA වටරවුම දක්වා ඇති ලෝටස් මාර්ගයද, යෝර්ක් වීදිය, බැංකු මාවත, චැතැම් වීදීය, මුදලිගේ මාවත, බාරෝන් ජයතිලක මාවත, බාලදක්ෂ මාවත, චෛත්‍ය පාර, ජනාධිපති මාවත, ගාලු මුවදොර වටරවුමේ සිට NSA වටරවුම දක්වා ගාලු පාරද, ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යංශය, මහ බැංකුව, ජනාධිපති මන්දිරය වෙතද මාර්ග වලට ඇතුළු වීම වලක්වාලමින් කොටුව ගරු මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. එම වාරණ නියෝගයට අනුව වග උත්තරකරුවන් වන
1. ජෝශප් ස්ටාර්ලින්, ලංකා ගුරු සංගමයේ ලේකම්
2. මහින්ද ජයසිංහ, ලංකා ගුරු සේවා සංගමයේ ලේකම්.
3. ආර්.පී.අමිල සඳරුවන්, ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ උප ලේකම්.
4. වාස් ගුණවර්ධන, ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ සභාපති.
5. පූජ්‍ය උලපනේ සුමංගල හිමි, අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති.
6. මයුර සේනානායක, ලංකා ප්‍රගති ගුරු සංගමයේ ලේකම්.
7. පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමි, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති.
8. පී.එම්.පුංචි හෙට්ටි, ස්වාධීන ලංකා ගුරු සංගමයේ සභාපති.
9. මොහාන් පරාක්‍රම වීරසිංහ, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය.
යන අයවලුන්ට අදාල වාරණ නියෝගය බල පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය. වාරණය නොතකා ඉදිරියට පැමිණි ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ විරෝධතා ගමනට පොලිසිය විසින් කදුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කරනු ලැබ තිබේ.
ලෝටස් මංසන්ධිය ඉදිරිපිටදී එම ප්‍රහාරය එල්ල වුනු අතර ඒ හේතුවෙන් ප්‍රදේශය අවට දැඩි වාහන තදබදයක් ඇති වී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්