
ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් පවත්වන ලද විරෝධතා පා ගමනට පොලිස් ප්‍රහාර
ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් පවත්වන ලද විරෝධතා පා ගමන සම්බන්ධයෙන් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇති බව මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළේය.
ඒ අනුව එම උද්ඝෝෂණකරුවන්ට කොටුව පොලිස් වසමේ කොටුව දුම්රිය ස්ථානයේ සිට CTO හන්දිය දක්වා වන ඕල්කට් මාවත, CTO හන්දියේ සිට සෙරමික් හන්දිය NSA වටරවුම දක්වා ඇති ලෝටස් මාර්ගයද, යෝර්ක් වීදිය, බැංකු මාවත, චැතැම් වීදීය, මුදලිගේ මාවත, බාරෝන් ජයතිලක මාවත, බාලදක්ෂ මාවත, චෛත්‍ය පාර, ජනාධිපති මාවත, ගාලු මුවදොර වටරවුමේ සිට NSA වටරවුම දක්වා ගාලු පාරද, ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යංශය, මහ බැංකුව, ජනාධිපති මන්දිරය වෙතද මාර්ග වලට ඇතුළු වීම වලක්වාලමින් කොටුව ගරු මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. එම වාරණ නියෝගයට අනුව වග උත්තරකරුවන් වන
1. ජෝශප් ස්ටාර්ලින්, ලංකා ගුරු සංගමයේ ලේකම්
2. මහින්ද ජයසිංහ, ලංකා ගුරු සේවා සංගමයේ ලේකම්.
3. ආර්.පී.අමිල සඳරුවන්, ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ උප ලේකම්.
4. වාස් ගුණවර්ධන, ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ සභාපති.
5. පූජ්‍ය උලපනේ සුමංගල හිමි, අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති.
6. මයුර සේනානායක, ලංකා ප්‍රගති ගුරු සංගමයේ ලේකම්.
7. පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමි, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති.
8. පී.එම්.පුංචි හෙට්ටි, ස්වාධීන ලංකා ගුරු සංගමයේ සභාපති.
9. මොහාන් පරාක්‍රම වීරසිංහ, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය.
යන අයවලුන්ට අදාල වාරණ නියෝගය බල පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය. වාරණය නොතකා ඉදිරියට පැමිණි ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ විරෝධතා ගමනට පොලිසිය විසින් කදුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කරනු ලැබ තිබේ.
ලෝටස් මංසන්ධිය ඉදිරිපිටදී එම ප්‍රහාරය එල්ල වුනු අතර ඒ හේතුවෙන් ප්‍රදේශය අවට දැඩි වාහන තදබදයක් ඇති වී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
