
ගංජා ව්‍යාපාරය බිලියන ගනනින් පාඩු ලබන ව්‍යාපාරයක්- මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක සම්පත් ද සේරම්
මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක සම්පත් ද සේරම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ අධික සැපයුම, වෙළඳපොළ ඉල්ලුම සහ වෙළඳපොළ කොටස සීමාසහිත වීම නිසා ලොව විශාලතම ගංජා නිෂ්පාදන සමාගම් ඩොලර් බිලියන ගණන් වලින් පසුගිය වසර කිහිපය තුළ පාඩු ලබමින් සිටින බවයි.
ඔහු සිය නිවේදනය මගින් පෙන්වා දෙන්නේ,
ශ්‍රී ලංකාව තුළ නීති විරෝධී මත්ද්‍රව්‍යක් ලෙස නම් කර ඇති ගංජා සන්තකයේ තබා ගැනීම, වගා කිරීම සහ විකිණීම තහනම් කර ඇතත් තෛලෝක විජය පත්‍ර යන නාමයට මුවා වී ගංජා වගාව ප්‍රචලිත කිරීමට මේ වන විටත් ව්‍යාපෘති යෝජනා කැඳවා ඇති බවයි. මෙවැනි ඖෂධීය නාමයන් මුල් කර ගනිමින් ගංජා ව්‍යාප්ත කිරීමේ විශාල උත්සාහයක බහු ජාතික ගංජා ව්‍යාපාරය කටයුතු කරමින් සිටන බවද ඔහු අවධාරණය කරයි.
සම්පත් ද සේරම් මහතා නිකුත් කළ නිවේදනය පහතින්,
“ගෝලීය වශයෙන් දුම්වැටි භාවිතය අවම වෙමින් පවතින කාල වකවානුවක ගංජා ව්‍යාපාරයක් ලෙස ලොව පුරා ක්‍රියාත්මක කිරීමට දුම්කොළ සමාගම් මේ වන විටත් මුදල් යොදවයි. ගංජා ප්‍රවර්ධනය කිරීම දුම්කොළ සමාගම්වල තවත් කූඨ උපක්‍රමයකි.
දේශීය සෞඛ්‍ය අමාත්‍යංශය සහ ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය ප්‍රකාශ කර සිටින්නේ මෙම වගාව අපනයන සඳහා මිස කිසිදු අයුරකින් රට අභ්‍යයන්තරයට ඒමට අවකාශ නොමැති බවයි.
මෙය හුදු ප්‍රකාශයක් මිස මෙවැනි තත්වයක් ප්‍රයෝගිකව ඉටු කළ නොහැකි බවට වර්තමාන මත්ද්‍රව්‍ය ගැටලුව හොඳම නිදසුනකි. නීතියෙන් තහනම් වූ මත්ද්‍රව්‍ය අප රට තුළ කෙතරම් සුලභව ලබා ගත හැකි ද යන වග අප හොඳින් දන්නා කරුණකි. මෙය අපනයන සඳහා පමණක් සීමා වූවක් බව පැවසුවද රට අභ්‍යයන්තරයට ගලා ඒම වැළැක්වීම ඉතාම අපහසු සහ ප්‍රයෝගික නොවන අදහසකි.
මේ වන විටත් ගංජා විවිධ ආකාරයෙන් නිතීගත කළ රටවල් විවිධ අනපේක්ෂිත ගැටලු ගණනාවකටම මුහුණ දී එම රටවල්වල මත්ද්‍රව්‍ය ප්‍රශ්නය තවදුරටත් බැරුරෑම් කර ඇත. තායිලන්තය ගංජා නීතිගත කිරීම ආපසු හැරවීමට කටයුතු කිරීමට සුදානම් වීම එයට කදීම නිදසුනකි.
ගංජා ප්‍රවර්ධනය බලාපොරොත්තු වන පාර්ශව විසින් ශ්‍රී ලංකාවේ වැසියන් දැනට මුහුණ දෙමින් සිටින බලවත් ආර්ථික අර්බුදය සිය වාසියට හරවාගෙන ඒ හරහා තම අරමුණු මුදුන්පත් කර ගැනීමේ වෑයමක නිරත වන බව පැහැදිලි ය. විශේෂයෙන් ශ්‍රී ලංකාව ආර්ථික, සමාජීය කරුණු ගණනාවකින් බැටකමින් සිටින අවස්ථාවක ගංජා වගාව කප් රුකක් ලෙස පෙන්වන මෙම නාටකයේ ප්‍රතිඵලය වන්නේ අප තව දුරටත් මෙම අර්බුදය තුළ හිර කරමින් තව තවත් දුක්ඛිත තත්වයකට පත් කිරීම ය.
ගංජා පිළිබඳව ධනාත්මක ආකල්ප සමාජය තුළ ඇති කිරීම නිසා ගංජා භාවිතය තව දුරටත් ප්‍රචලිත වන බව පැහැදිලි ය. මේ නිසා ළමුන් සහ තරුණයන් තවදුරටත් මත්ද්‍රව්‍ය වලට පෙළඹීමේ ප්‍රවණතාවය වැඩි වන අතර අප රට තුළ ඇති මත්ද්‍රව්‍ය ගැටලු තව තවත් උග්‍ර වීමට මෙය හේතුවක් වේ.
ඒ අනුව අපනයනය සඳහා යැයි කියමින් ගංජා වගා කිරීමට ඉඩ දීමෙන්, නුදුරු අනාගතයේ දී රටක් ලෙස දැනට ඇති මත්ද්‍රව්‍ය හා බැඳී ඇති ගැටලු වලට අමතරව නව ප්‍රශ්න ගණනාවකට මුහුණ දීමට සිදු වනු ඇත. එබැවින් මෙම ක්‍රියාවලිය කඩිනමින් නතර කළ යුතු බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC ආයතනය) තරයේ අවධාරණය කර සිටි.”
සම්පත් ද සේරම්,
විධායක අධ්‍යක්ෂක,
මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
