
පාර්ලිමේන්තුවේදී මම කළ ප්‍රකාශය විවේචනය කරමින් නිවේදනයක් නිකුත් කළ විනිසුරු දෙදෙනා වරප්‍රසාද කමිටුවට කැඳවන්න-ඇමති විජේදස කතානායකගෙන් ඉල්ලයි
පසුගිය 24 වනදා පාර්ලිමේන්තුවේ විවාදයක් අතරතුර අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් අධිකරණ පද්ධතිය විවේචනයට ලක්කරමින් සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු දක්වමින් ප්‍රකාශයක් නිකුත් කළ විනිසුරුවරුන් දෙදෙනා පාර්ලිමේන්තු ආචාරධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට කැඳවා විමර්ශනයක් සිදුකොට සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස ඊයේ (25දා) විජයදාස රාජපක්ෂ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
එම ලිපිය මගින් 2010 සැප්තැම්බර් 1 වැනිදා අධිකරණ සේවා කොමිෂන් සභාව නිකුත් කළ චක්‍රලේඛයට අනුව දිසා විනිසුරුවරු හා මහෙස්ත්‍රාත්වරු ප්‍රසිද්ධ ප්‍රකාශ කිරීම් කළහොත් විනයානුකූල පියවර ගත හැකි බව සඳහන්ව ඇති බවද ඇමැතිවරයා පෙන්වා දී තිබේ.
අධිකරණ සේවා සංගමයේ සභාපති කෑගල්ල දිසා විනිසුරු රුවන් දිසානායක සහ මහලේකම් ගාල්ල මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් අධිකරණ ඇමතිවරයා මෙලෙස කතානායකවරයා දැනුවත් කර තිබේ.
අදාල නිවේදනය මගින්, සමස්ත අධිකරණ පද්ධතියටම බලපෑම් වන පරිදි අධිකරණ ඇමැතිවරයා ඉදිරිපත් කරන විවේචනයන් අසත්‍යයෙන් සත්‍ය වෙන් කර නොගෙන කරන ඉදිරිපත් කර ඇති බව පවසයි. එලෙසම දේශපාලන වශයෙන් තමන්ගේ පැවැත්ම අභියෝගයට ලක් කරන නඩුකරයන්වලදී අධිකරණයෙන් නීතියට අනුකූලව නිකුත් කළ තීන්දු හා නියෝගවලින් අතෘප්තියට පත්වීම මතම සැලසුම් සහගතව අධිකරණ ඇමතිවරයා කරුණු දක්වා ඇති බවද එම ලිපිය මගින් අධිකරණ සේවා සංගමය පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
