පාර්ලිමේන්තුවේදී මම කළ ප්‍රකාශය විවේචනය කරමින් නිවේදනයක් නිකුත් කළ විනිසුරු දෙදෙනා වරප්‍රසාද කමිටුවට කැඳවන්න-ඇමති විජේදස කතානායකගෙන් ඉල්ලයි
පසුගිය 24 වනදා පාර්ලිමේන්තුවේ විවාදයක් අතරතුර අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් අධිකරණ පද්ධතිය විවේචනයට ලක්කරමින් සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු දක්වමින් ප්‍රකාශයක් නිකුත් කළ විනිසුරුවරුන් දෙදෙනා පාර්ලිමේන්තු ආචාරධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට කැඳවා විමර්ශනයක් සිදුකොට සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස ඊයේ (25දා) විජයදාස රාජපක්ෂ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
එම ලිපිය මගින් 2010 සැප්තැම්බර් 1 වැනිදා අධිකරණ සේවා කොමිෂන් සභාව නිකුත් කළ චක්‍රලේඛයට අනුව දිසා විනිසුරුවරු හා මහෙස්ත්‍රාත්වරු ප්‍රසිද්ධ ප්‍රකාශ කිරීම් කළහොත් විනයානුකූල පියවර ගත හැකි බව සඳහන්ව ඇති බවද ඇමැතිවරයා පෙන්වා දී තිබේ.
අධිකරණ සේවා සංගමයේ සභාපති කෑගල්ල දිසා විනිසුරු රුවන් දිසානායක සහ මහලේකම් ගාල්ල මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් අධිකරණ ඇමතිවරයා මෙලෙස කතානායකවරයා දැනුවත් කර තිබේ.
අදාල නිවේදනය මගින්, සමස්ත අධිකරණ පද්ධතියටම බලපෑම් වන පරිදි අධිකරණ ඇමැතිවරයා ඉදිරිපත් කරන විවේචනයන් අසත්‍යයෙන් සත්‍ය වෙන් කර නොගෙන කරන ඉදිරිපත් කර ඇති බව පවසයි. එලෙසම දේශපාලන වශයෙන් තමන්ගේ පැවැත්ම අභියෝගයට ලක් කරන නඩුකරයන්වලදී අධිකරණයෙන් නීතියට අනුකූලව නිකුත් කළ තීන්දු හා නියෝගවලින් අතෘප්තියට පත්වීම මතම සැලසුම් සහගතව අධිකරණ ඇමතිවරයා කරුණු දක්වා ඇති බවද එම ලිපිය මගින් අධිකරණ සේවා සංගමය පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්