ඊශ්‍රායල - හමාස් යුද ගැටුමෙන් මියගිය ප්‍රමාණය 3,600 ඉක්මවයි
හමාස් සංවිධානය ඊශ්‍රායලය වන වෙත එල්ල කළ හදිසි ප්‍රහාරයෙන් පසු ඇරඹි යුද ගැටුම් අඛණ්ඩ 10 වැනි දිනටත් ක්‍රියාත්මක වෙමින් ඇති අතර, මේ වන විට ඊශ්‍රායල - හමාස් යුද ගැටුම්වලින් මියගිය පිරිස 3,600 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
ගාසා තීරයට එල්ල වන ඊශ්‍රායල ප්‍රහාර නිසා මියගිය ගණන 2,300 කට අධික බවත්, ඉන් තුනෙන් එකක්ම දරුවන් බවත් සඳහන් වේ.
උතුරු ගාසා හි වෙසෙන මිලියන 1.1ක ජනතාවට ඉන් ඉවත් යන ලෙස ඊශ්‍රායල පසුගියදා නියෝගය කර තිබූ අතර, එහිදී ජීවිතය රැකගැනීම උදෙසා පළායමින් සිටි කාන්තාවන් සහ ළමයින් රැසක් රැගත් එක් ට්‍රක් රථයකට අවාසනාවන්ත ලෙස ඊශ්‍රායල ප්‍රහාරයට ලක්ව තිබු ආකාරය විදෙස් වාර්තා සඳහන් කළේය.
කෙසේ නමුත් පළා යන සිවිල් වැසියන් ඉලක්ක කළ ප්‍රහාරයක් එල්ල කළ බවට වන චෝදනා ඊශ්‍රායල හමුදාව ප්‍රතික්ෂේප කර තිබේ.
ජනතාවට ඉවත්ව යන ලෙස කළ නිවේදනය අලුත් කරමින් ඊශ්‍රායල හමුදාව ගාසා වැසියන්ට ඉවත්ව යා හැකි ආරක්ෂිත කොරිඩෝවක් ඊයේ (15) විවෘත කළේය.
ඒ අනුව පැය 3ක කාලයක් ඔවුන්ට ලබාදී ඇති අතර එම කාලසීමාවේදී ප්‍රහාර එල්ල නොකරන බව ද නිවේදනය කළේය.
ඉදිරියේදී උතුරු ගාසා හි දරුණු යුද ක්‍රියාකාරකම් සිදුවීමට නියමිත බව ද ඊශ්‍රායල හමුදාව පවසයි.
මේ අතර උතුරු ගාසා හි රෝහල් සියල්ල ද ඉවත් කරගන්නා ලෙස ද ඊශ්‍රායලය දන්වා තිබේ.
මෙය ඉතා අසීරු කටයුත්තක් බව පවසන ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ එය රෝගීන්ගේ මරණ වරෙන්තුවකට සමාන කළ හැකි බවය.
එම සංවිධානයට අනුව උතුරු ගාසා හි රෝහල් 22ක රෝගීන් 2,000ක් පමණ ප්‍රතිකාර ලබමින් සිටී.
මේ අතර ගාසා තීරය වෙත භූමියෙන්, ගුවනින් සහ මුහුදින් ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායල හමුදාව නිවේදනය කර ඇති අතර, කෙසේ නමුත් ඊට නිශ්චිත කාලරාමුවක් තවමත් ප්‍රකාශයට පත්කර නැත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..