රුසියාව සම්බන්ධයෙන් පල කළ පුවතට "සිලෝන් ටුඩේ" පුවත් පතට මෙරට රුසියානු තානපති කාර්යාලයේ අප්‍රසාදය
"සිලෝන් ටුඩේ" පුවත් පතෙහි රුසියාව යුක්‍රේනයට එල්ල කළ ප්‍රහාරයක් සම්බන්ධයෙන් පළවූ සාවද්‍ය පුවතට ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් එම පුවත් පතට තම නොසතුට පල කර ලිපියක් යවා තිබේ. එහිදී ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය "සිලෝන් ටුඩේ" පුවත් පත අසමබර පුවත් පල කිරීම සම්බන්ධයෙන් තම නොසතුට පල කර තිබේ. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය "සිලෝන් ටුඩේ" පුවත් පත වෙත යොමු කළ සම්පුර්ණ ලිපියේ සිංහල පරිවර්තනය සහ එහි මුල් ඉංග්‍රීසි පිටපත පහත පළවේ.
"සිලෝන් ටුඩේ" පුවත් පත යුක්‍රේනයේ සිදුවීම් ඒකපාර්ශ්විකව ප්‍රචාරය කිරීම සම්බන්ධවයි
රුසියානු ගුවන් ප්‍රහාරවලින් කාර්කොව් නගරයට සිදුවූ බව කියන හානිය සම්බන්ධයෙන් “රොයිටර්” පුවත් සේවය උපුටා දක්වමින් “සිලෝන් ටුඩේ” පුවත් පත පල කරන ලද පුවත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ අවධානය යොමුව තිබේ. රුසියානු පාර්ශ්වයෙන් එල්ල කරනු ලබන ප්‍රහාර කිසි විටෙක සිවිල් ජනයා සහ ඔවුන්ගේ දේපල ඉලක්ක කර එල්ල නොකරන බැවින් පුවත් පතෙහි සඳහන් තොරතුරුවල සාවද්‍යභාවය සම්බන්ධයෙන් රුසියානු තානාපති කාර්යාලය පහත සඳහන් ප්‍රශ්නය මතු කරනු ලබන්නෙමු. යුක්‍රේන පාර්ශවය ප්‍රදර්ශනය කරනු ලබන නිත්‍ය ම්ලේච්ඡත්වයේ ප්‍රතිවිපාක ලෙස රුසියානු දේශසීමා ආසන්නයේ සහ රුසියානු භූමියේ වඩාත් ගැඹුරට වන්නට පිහිටා තිබෙන ප්‍රදේශ වල වෙසෙන සාමකාමී සිවිල් වැසියන්ට එල්ල කරනු ලබන ත්‍රස්තවාදී ප්‍රහාර ආවරණය කිරීමට “සිලෝන් ටුඩේ” පුවත් පත පසු බට වන්නේ මන්ද?
යුක්‍රේන පාර්ශවයේ ම්ලේච්ඡ ප්‍රහාර සඳහා ආසන්නතම උදාහරණය ලෙස 2024 ජුනි 23 වන දින, පොකුරු බෝම්බ සහිත සහිත එක්සත් ජනපදයේ නිෂ්පාදිත ATCMS මෙහෙයුම්-උපක්‍රමික මිසයිල පහකින් යුක්‍රේන ත්‍රස්තවාදීන් මිසයිල ප්‍රහාරයක් සෙවාස්ටොපෝල් (රුසියානු අර්ධද්වීපයේ ක්‍රිමියාව) වෙත හිතාමතාම එල්ල කිරීම ගෙන හැර පෑමට උත්සුක වෙමු. අනතුරු ඇඟවූ රුසියානු ගුවන් ආරක්ෂක ඒකක හේතුවෙන් යුක්‍රේන ප්‍රහාර හතරක් ව්‍යවර්ථ කිරීමට රුසියානු හමුදාවට හැකිවිය. පස්වන පොකුරු බෝම්බ සහිත මිසයිල් ප්‍රහාරය හේතුවෙන් නගරවාසීන් අතර ඉහළ මරණ සංඛ්‍යාවක් වාර්තා විය.
ඇමරිකානු විශේෂඥයින් ඔවුන්ගේ චන්ද්‍රිකා ඔත්තු බැලීමේ දත්ත මත පදනම්ව එක්සත් ජනපදයේ නිෂ්පාදිත ATCMS මෙහෙයුම්-උපක්‍රමික මිසයිලවල සියලුම පියාසැරි කාර්යයන් මෙහෙයවනු ලබයි. මෙම මිසයිල ප්‍රහාරය දියත් කරන ලද භූමිය යුක්රේනයට අයත්වනවා මෙන්ම කියෙව් පාලනයට මෙම ආයුධ ලබා දීමෙන් සෙවාස්ටොපෝල් සිවිල් වැසියන්ට හිතාමතාම මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමට වොෂින්ටනය වැඩි වශයෙන්ම වගකිව යුතු වන බවද අවධාරණය කරමු.
රුසියානු-යුක්රේන ගැටුමේ සන්දර්භය තුළ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව වඩාත් සම්පූර්ණ දැක්මක් ලබා ගැනීමට "සිලෝන් ටුඩේ" පාඨකයන්ට අවස්ථාව ලබා දීම සඳහා "සිලෝන් ටුඩේ" පුවත් පත තමාගේ විෂය පථය ගැඹුරින් ආවරණය කිරීම සුදුසු නොවනේද යන පැනය අප හමුවේ පැන නගී. වර්තමානයේ, "සිලෝන් ටුඩේ" පුවත්පත ද්විත්ව ප්‍රමිතියක පිහිටා පහසු මාවතක් අනුගමනය කිරීමට වැඩි නැඹුරුවක් දක්වන බව තහවුරු වන්නේ "සිලෝන් ටුඩේ" පුවත් පත වෙනත් සැක සහිත මාධ්‍ය මගින් ලබාදෙන අසමබර පුවත් පමණක් නැවත මුද්‍රණය කිරීමේ නැඹුරුව පෙන්නුම් කිරීම නිසයි.
වොෂින්ටනය විසින් තාක්‍ෂණිකව සංවිධානය කරන ලද සෙවාස්ටොපෝල් වෙත එල්ල කළ ඉහත සඳහන් කළ යුක්‍රේන ප්‍රහාරය සම්බන්ධයෙන් වන කිසිදු පැනයකට පිළිතුරු නොලැබෙන බවට සැකයක් නැති බවද කොළඹ රුසියානු තානාපති කාර්යාලය අවධාරණය කරමු.
- කොළඹ රුසියානු තානාපති කාර්යාලය
2024.06.24
PRESS-RELEASE of the Russian Embassy in Colombo June 24, 2024
On the one-sided coverage of Ukrainian events by “Ceylon Today”
The Embassy paid attention to the reprinting by “Ceylon Today” of the “Reuters” article regarding the alleged damage of Russian air-strikes to the city of Kharkov. Apart from the deceiving nature of this information since the strikes from the Russian side have never been aimed at civil objects and population, the Embassy would like to raise the following question: Why is “Ceylon Today” unwilling to cover the consequences of Ukrainian regular brutal and terrorist attacks on peaceful civilians in the Russian border regions and territories even deeper into the country? Here is the most recent example. On June 23, 2024 a terrorist missile strike by five US-made ATACMS operational-tactical missiles equipped with cluster warheads was deliberately delivered at Sevastopol (Russian peninsula Crimea). The alerted air defense units intercepted four of them. The air explosion of the fragmentation warhead of the fifth led to high number of casualties among peaceful city residents. The American specialists input all flight tasks in the US-made ATACMS operational-tactical missiles on the basis of data of their satellite reconnaissance. That is why Washington is mostly responsible for the deliberate missile strike at Sevastopol civilians by delivering this weaponry to Ukraine, as well as Kiev regime, from the territory of which the strike was launched. Does not his subject deserve to be covered by “Ceylon Today” at least to give its readers the opportunity to have a more complete vision of what is happening in the context of Ukrainian conflict? Presently, it looks like the newspaper is more inclined to follow an easy path of double standards since it demonstrates capability to solely reprint materials by other quite doubtful media. As for the above-mentioned Ukrainian attack on Sevastopol technically orchestrated by Washington, they should be no doubt that these actions are not going to be unanswered.
- Russian Embassy in Colombo
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්‍රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්‍රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන