
අධිකරණ තීන්දු නිසා එජාපය ශ්‍රීලනිපය බිමටම සමතලා වුණා... අන්තිමට අගවිනිසුරු විතරක් ඉතිරි වේවි - නඩු තීන්දු ගැන දයාසිරි කියන කතාව
අධිකරණ තීන්දු නිසා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන දැවැන්තම දේශපාලන පක්ෂ දෙකක් බිමට සමතලා වූ බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (19 දා) වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් සඳහන් කළේය.
ජනාධිපති විසින් අභියාචනාධිකරණයේ විනිසුරු බන්ධුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් කිරීමට ගනු ලැබූ නිර්දේශය ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඔහු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවරූ නඩුවට ලද තීන්දුව ඉතාම බරපතල බව හෙතෙම සඳහන් කළේය. එම තීන්දුව මගින් විනිසුරුවරුන් පත් කිරීම ද තාවකාලිකව නවතා ඇති හෙයින් එම තීන්දුව මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් අක්‍රීය කර ඇතැයි ද කී මන්ත්‍රීවරයා එය මන්ත්‍රී වරප්‍රසාද මෙන්ම ජනතා පරමාධිපත්‍ය කඩ කිරීමක් බවත් කියා සිටියේය.
මේ වන විට අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු 05ක් සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ තනතුරු 02ක් පුරප්පාඩු වී ඇති නිසා නඩු විශාල ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති බව ද එම තීන්දුව නිසා අලුතින් විනිසුරුවරුන් පත් කිරීමට නොහැකි වී අවසානයේදී අගවිනිසුරු පමණක් ඉතිරිවනු ඇතැයි ද කියමින් දයාසිරි මහතා අදාළ තීන්දුව දැඩි ලෙස විවේචනය කළේය.
එබැවින් අධිකරණවලින් ලබා දෙන මෙවැනි තීන්දු ලබා දීම පිළිබඳව පවතින දැඩි ගැටලුකාරී තත්ත්වය සොයා බලා ඒවාට විසඳුම් සෙවීම සම්බන්ධයෙන් විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස ද හෙතෙම ඉල්ලා සිටියේය. ඊට අමතරව කොළඹ අධිකරණ කිහිපයකින් ආන්දෝලනාත්මක දේශපාලන ගැටලු සම්බන්ධයෙන් නඩු තීන්දු ප්‍රකාශයට පත් කිරීමෙන් රටේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් ගණනාවක් අපහසුතාවයට පත්ව ඇතැයි සඳහන් කළේය.
එහිදී තමන් සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුවක් නිසා තමන්ට මාස අටහමාරක් තිස්සේ දේශපාලනය කිරීම සඳහා දේශපාලන පක්ෂයක් නැති වී ගොස් ඇතැයි ද කී මන්ත්‍රීවරයා තම නඩුව මාස තුනහමාරක් තිස්සේ විභාගයට ගැනීමට දින ගැනීමට නොහැකි වී ඇතැයි ද කීය.
අතීතයේදී දුන් අධිකරණ තීන්දු ද දේශපාලකයන්ට දැඩි ලෙස බලපෑ බවත් කී දයාසිරි ජයසේකර මහතා 1992 වසරේදී දුන් ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක යන මහත්වරුන් පක්ෂයෙන් නෙරපීමට දුන් තීන්දුවක් හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩී ගිය බව ද කියා සිටියේය. ඉන් අනතුරුව එහි සිටි දේශපාලන නායකයන් රැසක් ඝාතනය වූ බවත් ඊට ද බලපෑවේ එක් නඩු තීන්දුවක් යැයි චෝදනා කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද අද වන විට අත්වී ඇත්තේ එම ඉරණමම බවත් අද වන විට ශ්‍රීලනිපයට වාරණ නියෝග 14ක්දී ඇති බවත් එමගින් එම පක්ෂය ද අකර්මණ්‍ය වී ඇති බවත් කී හෙතෙම මේ ආකාරයට විනිසුරුවරුන් තුන් හතර දෙනෙක් නිසා භයානක තත්ත්වයන් රැසක් උද්ගත වී ඇතැයි ද කීය.
අභියාචනාධිකරණයේ විනිසුරු බන්ධුල කරුණාරත්න මහතා සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුව නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (7(අ) යන පරිච්ඡේදයක්ම සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී ඇතැයි ද එබැවින් කථානායක සභාපති ධුරය දරන ව්‍යවස්ථා සභාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා විනිසුරුවරුන් පත් කිරීමට ද නොහැකි යැයි ද හෙතෙම පැවසීය. එබැවින් මෙම තත්ත්වයට වහා විසඳුම් ලබා නොදුනහොත් විධායකය, අධිකරණය, ව්‍යවස්ථාදායකය යන රටේ ප්‍රධානම කුලුනු තුන විනාශ වෙනු ඇතැයිද කී මන්ත්‍රීවරයා මේ කරුණු සම්බන්ධයෙන් වහා පියවර ගන්නැයි ඉල්ලා සිටියේය.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
