News Category
From Date
To Date
Maximum Number of Result

අධිකරණ තීන්දු නිසා එජාපය ශ්‍රීලනිපය බිමටම සමතලා වුණා... අන්තිමට අගවිනිසුරු විතරක් ඉතිරි වේවි - නඩු තීන්දු ගැන දයාසිරි කියන කතාව

Jun 20, 2024 at 08:04 AM
|

අධිකරණ තීන්දු නිසා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන දැවැන්තම දේශපාලන පක්ෂ දෙකක් බිමට සමතලා වූ බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (19 දා) වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් සඳහන් කළේය.

ජනාධිපති විසින් අභියාචනාධිකරණයේ විනිසුරු බන්ධුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් කිරීමට ගනු ලැබූ නිර්දේශය ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඔහු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවරූ නඩුවට ලද තීන්දුව ඉතාම බරපතල බව හෙතෙම සඳහන් කළේය. එම තීන්දුව මගින් විනිසුරුවරුන් පත් කිරීම ද තාවකාලිකව නවතා ඇති හෙයින් එම තීන්දුව මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් අක්‍රීය කර ඇතැයි ද කී මන්ත්‍රීවරයා එය මන්ත්‍රී වරප්‍රසාද මෙන්ම ජනතා පරමාධිපත්‍ය කඩ කිරීමක් බවත් කියා සිටියේය.

මේ වන විට අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු 05ක් සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ තනතුරු 02ක් පුරප්පාඩු වී ඇති නිසා නඩු විශාල ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති බව ද එම තීන්දුව නිසා අලුතින් විනිසුරුවරුන් පත් කිරීමට නොහැකි වී අවසානයේදී අගවිනිසුරු පමණක් ඉතිරිවනු ඇතැයි ද කියමින් දයාසිරි මහතා අදාළ තීන්දුව දැඩි ලෙස විවේචනය කළේය.

එබැවින් අධිකරණවලින් ලබා දෙන මෙවැනි තීන්දු ලබා දීම පිළිබඳව පවතින දැඩි ගැටලුකාරී තත්ත්වය සොයා බලා ඒවාට විසඳුම් සෙවීම සම්බන්ධයෙන් විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස ද හෙතෙම ඉල්ලා සිටියේය. ඊට අමතරව කොළඹ අධිකරණ කිහිපයකින් ආන්දෝලනාත්මක දේශපාලන ගැටලු සම්බන්ධයෙන් නඩු තීන්දු ප්‍රකාශයට පත් කිරීමෙන් රටේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් ගණනාවක් අපහසුතාවයට පත්ව ඇතැයි සඳහන් කළේය.

එහිදී තමන් සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුවක් නිසා තමන්ට මාස අටහමාරක් තිස්සේ දේශපාලනය කිරීම සඳහා දේශපාලන පක්ෂයක් නැති වී ගොස් ඇතැයි ද කී මන්ත්‍රීවරයා තම නඩුව මාස තුනහමාරක් තිස්සේ විභාගයට ගැනීමට දින ගැනීමට නොහැකි වී ඇතැයි ද කීය.

අතීතයේදී දුන් අධිකරණ තීන්දු ද දේශපාලකයන්ට දැඩි ලෙස බලපෑ බවත් කී දයාසිරි ජයසේකර මහතා 1992 වසරේදී දුන් ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක යන මහත්වරුන් පක්ෂයෙන් නෙරපීමට දුන් තීන්දුවක් හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩී ගිය බව ද කියා සිටියේය. ඉන් අනතුරුව එහි සිටි දේශපාලන නායකයන් රැසක් ඝාතනය වූ බවත් ඊට ද බලපෑවේ එක් නඩු තීන්දුවක් යැයි චෝදනා කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද අද වන විට අත්වී ඇත්තේ එම ඉරණමම බවත් අද වන විට ශ්‍රීලනිපයට වාරණ නියෝග 14ක්දී ඇති බවත් එමගින් එම පක්ෂය ද අකර්මණ්‍ය වී ඇති බවත් කී හෙතෙම මේ ආකාරයට විනිසුරුවරුන් තුන් හතර දෙනෙක් නිසා භයානක තත්ත්වයන් රැසක් උද්ගත වී ඇතැයි ද කීය.

අභියාචනාධිකරණයේ විනිසුරු බන්ධුල කරුණාරත්න මහතා සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුව නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (7(අ) යන පරිච්ඡේදයක්ම සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී ඇතැයි ද එබැවින් කථානායක සභාපති ධුරය දරන ව්‍යවස්ථා සභාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා විනිසුරුවරුන් පත් කිරීමට ද නොහැකි යැයි ද හෙතෙම පැවසීය. එබැවින් මෙම තත්ත්වයට වහා විසඳුම් ලබා නොදුනහොත් විධායකය, අධිකරණය, ව්‍යවස්ථාදායකය යන රටේ ප්‍රධානම කුලුනු තුන විනාශ වෙනු ඇතැයිද කී මන්ත්‍රීවරයා මේ කරුණු සම්බන්ධයෙන් වහා පියවර ගන්නැයි ඉල්ලා සිටියේය.

- දිවයින -

සම්බන්ධිත පුවත් | Related News

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.
සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි ගැසට් කර තිබේ.
රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.
ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.
ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

ප්‍රධාන පුවත්

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.