
පාස්කු ප්‍රහාරය අපේ රණවිරුවන්ගේ සහ බුද්ධි අංශවල කර මත පටවා, සහරාන්ලාව නිදහස් කරගෙන යන කුමන්ත්‍රණයක් මාලිමාව දියත් කරලා... හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී, මාලිමා වේදිකාවට නැගලා - උදය ගම්මන්පිල
පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තවාදීන් මෙන්ම එම ප්‍ර්‍රහාරය විමර්ශනය කල විමර්ශකයන්ද මාලිමාවේ පිරිස් බවට පත්ව ඇති පසුබිමක “මුං ඔක්කොම සහෝදරයෝ මල්ලී” යැයි කීමට සිදුව ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
69 ලක්ෂයක බලාපොරොත්තු යළි බලගන්වන සර්වජන බලය මංගල ජනරැලිය 18 දින නුගේගොඩදී අමතමින් පිවිතුරු හෙළ උරුමයේ නායකයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවසීය
නුගේගොඩම ජීවත්වන නන්දා මාලනී මැතිනියනි, මේ වේදිකාවට ගොඩවන්න, මේ මහා ජන ගඟ දිහා බලන්න. ගයන්න මුළු ලොවටම ඇහෙන්න “තුන්හෙළේ කැලෑවල සිංහ පැටව් – නැත උන් රට අතැර ගොසින්”. ඒ සිංහයින්ගේ නාදයයි අද මේ නුගේගොඩින් අහන්න ලැබෙන්නේ.
ආර්ථික අර්බුදය විසඳන නාමයෙන් ආර්ථික අර්බුදය උග්‍ර කරන යුගයක, ඩොලර් හිඟා කන්න අපේ මව්බිම වෙන්දේසි කරන යුගයක, ලෝක බලවතුන්ගේ කෙළි බිමක් බවට අපේ මාතෘ භූමිය පත්කරමින් සිටින යුගයක, රට බෙදෙන ජාතිවාදය නීති ගත කිරීමට පොරොන්දු ලබාදෙමින් උතුරේ දෙමළ ඡන්දකුට්ටියට කෑදරකමින් කෙළ හලන ජනපති අපේක්ෂකයන් වැහි වැහිලා ඇති යුගයක, ජූලි චන්ලගේ එලිසබත් හෝස්ලගේ අන අනුව රට කරවන අනුර රනිල් සන්ධානයේ හෙංචයියන් බටහිර බලවතුන් ඉදිරියේ බලු කුක්කන් බවට පත්වෙලා රටේ ස්වාධීනත්වය පාවා දෙන යුගයක, අනේ මගේ දරුවනේ, මා බේරා ගනිව් ගියා ලක්මෑණියන් හඩා වැටෙන මේ මොහොතේ රාජකාරියට යන එක පසෙක තියලා, දරුවන්ගේ කුසගින්න නිවීමට කීයක් හරි හොයාගන්න වැඩෙත් අමතක කරලා, රට රකින්න නුගේගොඩට පැමිණි දේශප්‍රේමී මිත්‍රවරුනි, ඔබට ජාතියේ ආචාර්ය වේවා.
උත්තරය වැල්පාලම ද?
මිත්‍රවරුනි, අපි නැවත වතාවක් නුගේගොඩට ආවේ මව්බිම නැවතත් අනතුරේ කියන්න. අද අනුර කුමාරලා. රනිල් වික්‍රමසිංහලා, සජිත් ප්‍රේමදාසලා ඔක්කොම එක වල්ලේ පොල්. පවුම් යුරෝ අරගෙන බටහිර තානාපති කාර්යාලවල පදයට නටන රූකඩ විතරක් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසා මේ අයට මේ රට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්නට බැහැ. සෑම බලවේගයකටම තියෙන උත්තරය වැල් පාලම විතරයි. හැබැයි මේ අයිඑම්එෆ් ගිවිසුම ඇතුලෙම තමයි අපිට අර්බුදයෙන් මිදෙන්න තියෙන මාර්ගයත් අහුරලා තියෙන්නේ.
අද ඉන්දියාවේ තියෙනවා අපනයනයක් කළොත් මාස තුනක් ඇතුළත 90%ක් ඩොලර් ටික රට ඇතුලට ගේන්න ඕන. අපේ රටේ තිබ්බ ඒ නීතිය 2017 දී වෙනස් කලා. අපිට ඒ නීතිය යලි ගේන්න බැහැ. ගේන්න බැරි වෙලා තියෙන්නේ ගිවිසුමේ කියනවා මුදල් ඇතුලට ඒම සහ යෑමට තියෙන සියලු බාධාවන් ඉවත් කළ යුතුයි කියලා.
ඒ නිසා අයිඑම්එෆ් ගිවිසුම කියන්නේ ප්‍රශ්නෙට උත්තරය නෙමෙයි. ප්‍රශ්නය උග්‍ර කරන ලියැවිල්ලක්. 1991 ඉන්දියාව අයිඑම්එෆ් ගිහිල්ලා ගොඩ ගියා නේද. 98 දී රුසියාවත් එහෙම කළා නේද. ඒ රටවල් එහෙම කළා තමයි. ඒ රටවල නායකයන්ට දැක්මක් තිබුණා. අපේ නායකයන්ට එහෙම දැක්මක් නොතිබුණ නිසා මේ ගිවිසුමේ වගන්තිවල හිර වෙලා ඉන්නවා.
පාස්කු ප්‍රහාරය රණවිරුවන්ගේ කර මතට
පාස්කු ප්‍රහාරය අපේ රණවිරුවන්ගේ කර මතට පටවලා, බුද්ධි අංශවල කර මතට පටවලා සහරාන්ලාව නිදහස් කරගෙන යන කුමන්ත්‍රණයක් අද මාලිමාව දියත් කරලා තියෙනවා. රහස් පොලිසියේ ලොක්කා විදියට කටයුතු කරපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මාලිමා වේදිකාවට නැගලා කියනවා බුද්ධි අංශ මාව නොමග යැව්වේ නැත්නම් පාස්කු ප්‍රහාරය වළක්වගන්න රහස් පොලිසියට ඉඩ තිබුණා කියලා.
බුද්ධි අංශ එවපු වාර්තා වලින් වවුනතිව් වලදී සිදුකරපු සහරාන්ගේ ප්‍රහාරය කොටි සංවිධානයේ ප්‍රහාරයක් කියලා වාර්තා කරපු නිසා රවී බාබා නොමග ගියා කියලයි ඒ බබා කියන්නේ. මිත්‍රවරුනි මම ඉතාම වගකීමෙන් කියනවා රාජ්‍ය බුද්ධි අංශය එවැනි කිසිම වාර්තාවක් රහස් පොලිසියට ලබාදීලා නෑ. පුලුවන් නම් එවැනි වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා මම රවී සෙනෙවිරත්නට අභියෝග කරනවා.
අපි අහනවා රවී සෙනවිරත්නගෙන් ප්‍රශ්න ටිකක්. රවී සෙනවිරත්න මහත්තයෝ 2017 ඉඳන් 2019 පාස්කු ප්‍රහාරය දක්වාම සහරාන්ගේ ත්‍රස්ත කියා 11ක් වුණා. මේවා විමර්ශනය කරන්න රහස් පොලිසිය අසමත් වුණා නේද? . 2019 ජනවාරි 31 සහරාන්ගේ ක්‍රියා සම්බන්ධයෙන් ඔබට බුද්ධි වාර්තාවක් ලැබුණා නේද. මාර්තු පළවෙනිදා, මාර්තු තිස් එක් වැනි දා බුද්ධි අංශ සාරාන්ගේ ප්‍රහාරයක් පිළිබඳව අනතුරු අඟවපු වාර්තා ඔබට ලැබුනා නේද? විතරක් නෙවයි 2019 ජූනි 9 ලැබුණු වාර්තාව. රවී සෙනෙවිරත්න ලියුම්කවරය කඩන්නෙත් ජූනි 16. ඉතිං කොහොමද රහස් පොලිසිය ත්‍රස්තවාදීන් අල්ලන්නේ.
මිත්‍රවරුනි රවී සෙනෙවිරත්නලා, ශානි අබේසේකරලා පොලිස් කාකි සූට් එක ඇඳන් හිටියාට යටින් ඇඳගෙන ඉඳලා තියෙන්නෙ මාලිමාවෙ දම්පාට බැනියම. මාලි මාවේ ජාතික ලැයිස්තුවේ ඊබ්‍රාහීම් නානාගේ පුත්තු ත්‍රස්තවාදීන් වෙච්චි කොට, විමර්ශනය කරන්නේ මාලිමාවේ රහසේ හිටපු රහස් පොලිසිය වෙනකොට, කොහොමද ත්‍රස්තවාදින් අල්ලගන්නේ. පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තවාදියත් මාලිමාවේ. විමර්ශකයත් මාලිමාවේ. ඔන්න ඕකට තමයි කියන්න වෙන්නේ මුං ඔක්කොම සහෝදරයෝ මල්ලී කියලා.
හඳුන්ගේ ආර්ථිකය
ඇමරිකාවේ ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ඊලෝන් මස්ක් දැවැන්ත ආයෝජනයක් කරන කෙනෙක්. ලෝකයේ අවදානම් ගන්නා ආයෝජන කරන කෙනෙක්. නමුත් සුනිල් හඳුන්නෙත්ති මහත්තයා ඔහු හඳුන්වන්නේ ආර්ථික ඝාතකයෙක් හැටියට.
ඒ වගේම සුනිල් හඳුන්නෙත්ති මහත්තයා ණය ප්‍රතිව්‍යහගතකරණය කරන්න යන්නේ අපූරු විදිහකට. තමන් ණය හිමියන් ගාවට ගිහිල්ලා කියනවලු අනේ මචං ණය ගෙවා ගන්න බෑ නේ මචං කියල. ලෝක බැංකුව, අයිඑම්එෆ් එක එයාගේ පිටට තට්ටුවක් දාලා කියනවලු කමක් නෑ මචං කියලා. මෙහෙව් එකෙක් තමයි මාලිමාවේ මුදල් ඇමති කියන්නේ. එහෙනම් ඉතින් ආර්ථිකයට අබසරණයි කියන එක අමුතුවෙන් තේරුම් ගන්න දෙයක් නෑ.
ජනපති මැදුර වටකරන දවස
සර්වජන බලය බිහිවුණා විතරයි ආණ්ඩුව කතාකරන්නේ ඡන්දය කල් දාන්නයි. ජන මත විචාරණයකින් වසර දෙකකට කල් දාන්න කතා කරනවා. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙන් වසරකට කල් දාන්න කතා කරනවා. අපි රනිල් වික්‍රමසිංහට කියනවා මහත්තයෝ පුංචි ඡන්දය කල් දැම්මා වගේ ජනාධිපතිවරණයට අත තියන්න බෑ. එදා දාපු සෙල්ලම් අද දාන්න බෑ. අද සර්වජන බලය තියෙනවා. සෙල්ලම් දාන්න ආවොත් මේ ජන ගඟත් අරගෙන ඇවිත් ජනපති මැදුර වට කරන්න අපි ලෑස්තියි කියන එක අපි ජනාධිපතිවරයාට සිහිපත් කරනවා.
බැන බැන හිටියට විවේචනය කරාට විකල්ප ඉදිරිපත් කරලා තියෙන්නේත් සර්වජන බලය පමණයි. මැතිවරණයට ප්‍රතිපත්ති රාමුවක් ඉදිරිපත් කරලා තියෙන්නේ සර්වජන බලය පමණයි. මේ රට ගොඩනගන විසඳුම තියෙන්නේ සර්වජන බලයට පමණයි. ඒ නිසා බිලියන 22ම සතුටින් සිනාසෙන රටක් ගොඩනගන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා සමස්ත ජාතියටම අපි අයාචනා කරනවා.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
