News Category
From Date
To Date
Maximum Number of Result

පාස්කු ප්‍රහාරය අපේ රණවිරුවන්ගේ සහ බුද්ධි අංශවල කර මත පටවා, සහරාන්ලාව නිදහස් කරගෙන යන කුමන්ත්‍රණයක් මාලිමාව දියත් කරලා... හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී, මාලිමා වේදිකාවට නැගලා - උදය ගම්මන්පිල

Jun 19, 2024 at 04:03 PM
|

පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තවාදීන් මෙන්ම එම ප්‍ර්‍රහාරය විමර්ශනය කල විමර්ශකයන්ද මාලිමාවේ පිරිස් බවට පත්ව ඇති පසුබිමක “මුං ඔක්කොම සහෝදරයෝ මල්ලී” යැයි කීමට සිදුව ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

69 ලක්ෂයක බලාපොරොත්තු යළි බලගන්වන සර්වජන බලය මංගල ජනරැලිය 18 දින නුගේගොඩදී අමතමින් පිවිතුරු හෙළ උරුමයේ නායකයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවසීය

නුගේගොඩම ජීවත්වන නන්දා මාලනී මැතිනියනි, මේ වේදිකාවට ගොඩවන්න, මේ මහා ජන ගඟ දිහා බලන්න. ගයන්න මුළු ලොවටම ඇහෙන්න “තුන්හෙළේ කැලෑවල සිංහ පැටව් – නැත උන් රට අතැර ගොසින්”. ඒ සිංහයින්ගේ නාදයයි අද මේ නුගේගොඩින් අහන්න ලැබෙන්නේ.

ආර්ථික අර්බුදය විසඳන නාමයෙන් ආර්ථික අර්බුදය උග්‍ර කරන යුගයක, ඩොලර් හිඟා කන්න අපේ මව්බිම වෙන්දේසි කරන යුගයක, ලෝක බලවතුන්ගේ කෙළි බිමක් බවට අපේ මාතෘ භූමිය පත්කරමින් සිටින යුගයක, රට බෙදෙන ජාතිවාදය නීති ගත කිරීමට පොරොන්දු ලබාදෙමින් උතුරේ දෙමළ ඡන්දකුට්ටියට කෑදරකමින් කෙළ හලන ජනපති අපේක්ෂකයන් වැහි වැහිලා ඇති යුගයක, ජූලි චන්ලගේ එලිසබත් හෝස්ලගේ අන අනුව රට කරවන අනුර රනිල් සන්ධානයේ හෙංචයියන් බටහිර බලවතුන් ඉදිරියේ බලු කුක්කන් බවට පත්වෙලා රටේ ස්වාධීනත්වය පාවා දෙන යුගයක, අනේ මගේ දරුවනේ, මා බේරා ගනිව් ගියා ලක්මෑණියන් හඩා වැටෙන මේ මොහොතේ රාජකාරියට යන එක පසෙක තියලා, දරුවන්ගේ කුසගින්න නිවීමට කීයක් හරි හොයාගන්න වැඩෙත් අමතක කරලා, රට රකින්න නුගේගොඩට පැමිණි දේශප්‍රේමී මිත්‍රවරුනි, ඔබට ජාතියේ ආචාර්ය වේවා.

උත්තරය වැල්පාලම ද?

මිත්‍රවරුනි, අපි නැවත වතාවක් නුගේගොඩට ආවේ මව්බිම නැවතත් අනතුරේ කියන්න. අද අනුර කුමාරලා. රනිල් වික්‍රමසිංහලා, සජිත් ප්‍රේමදාසලා ඔක්කොම එක වල්ලේ පොල්. පවුම් යුරෝ අරගෙන බටහිර තානාපති කාර්යාලවල පදයට නටන රූකඩ විතරක් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසා මේ අයට මේ රට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්නට බැහැ. සෑම බලවේගයකටම තියෙන උත්තරය වැල් පාලම විතරයි. හැබැයි මේ අයිඑම්එෆ් ගිවිසුම ඇතුලෙම තමයි අපිට අර්බුදයෙන් මිදෙන්න තියෙන මාර්ගයත් අහුරලා තියෙන්නේ.

අද ඉන්දියාවේ තියෙනවා අපනයනයක් කළොත් මාස තුනක් ඇතුළත 90%ක් ඩොලර් ටික රට ඇතුලට ගේන්න ඕන. අපේ රටේ තිබ්බ ඒ නීතිය 2017 දී වෙනස් කලා. අපිට ඒ නීතිය යලි ගේන්න බැහැ. ගේන්න බැරි වෙලා තියෙන්නේ ගිවිසුමේ කියනවා මුදල් ඇතුලට ඒම සහ යෑමට තියෙන සියලු බාධාවන් ඉවත් කළ යුතුයි කියලා.

ඒ නිසා අයිඑම්එෆ් ගිවිසුම කියන්නේ ප්‍රශ්නෙට උත්තරය නෙමෙයි. ප්‍රශ්නය උග්‍ර කරන ලියැවිල්ලක්. 1991 ඉන්දියාව අයිඑම්එෆ් ගිහිල්ලා ගොඩ ගියා නේද. 98 දී රුසියාවත් එහෙම කළා නේද. ඒ රටවල් එහෙම කළා තමයි. ඒ රටවල නායකයන්ට දැක්මක් තිබුණා. අපේ නායකයන්ට එහෙම දැක්මක් නොතිබුණ නිසා මේ ගිවිසුමේ වගන්තිවල හිර වෙලා ඉන්නවා.

පාස්කු ප්‍රහාරය රණවිරුවන්ගේ කර මතට

පාස්කු ප්‍රහාරය අපේ රණවිරුවන්ගේ කර මතට පටවලා, බුද්ධි අංශවල කර මතට පටවලා සහරාන්ලාව නිදහස් කරගෙන යන කුමන්ත්‍රණයක් අද මාලිමාව දියත් කරලා තියෙනවා. රහස් පොලිසියේ ලොක්කා විදියට කටයුතු කරපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මාලිමා වේදිකාවට නැගලා කියනවා බුද්ධි අංශ මාව නොමග යැව්වේ නැත්නම් පාස්කු ප්‍රහාරය වළක්වගන්න රහස් පොලිසියට ඉඩ තිබුණා කියලා.

බුද්ධි අංශ එවපු වාර්තා වලින් වවුනතිව් වලදී සිදුකරපු සහරාන්ගේ ප්‍රහාරය කොටි සංවිධානයේ ප්‍රහාරයක් කියලා වාර්තා කරපු නිසා රවී බාබා නොමග ගියා කියලයි ඒ බබා කියන්නේ. මිත්‍රවරුනි මම ඉතාම වගකීමෙන් කියනවා රාජ්‍ය බුද්ධි අංශය එවැනි කිසිම වාර්තාවක් රහස් පොලිසියට ලබාදීලා නෑ. පුලුවන් නම් එවැනි වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා මම රවී සෙනෙවිරත්නට අභියෝග කරනවා.

අපි අහනවා රවී සෙනවිරත්නගෙන් ප්‍රශ්න ටිකක්. රවී සෙනවිරත්න මහත්තයෝ 2017 ඉඳන් 2019 පාස්කු ප්‍රහාරය දක්වාම සහරාන්ගේ ත්‍රස්ත කියා 11ක් වුණා. මේවා විමර්ශනය කරන්න රහස් පොලිසිය අසමත් වුණා නේද? . 2019 ජනවාරි 31 සහරාන්ගේ ක්‍රියා සම්බන්ධයෙන් ඔබට බුද්ධි වාර්තාවක් ලැබුණා නේද. මාර්තු පළවෙනිදා, මාර්තු තිස් එක් වැනි දා බුද්ධි අංශ සාරාන්ගේ ප්‍රහාරයක් පිළිබඳව අනතුරු අඟවපු වාර්තා ඔබට ලැබුනා නේද? විතරක් නෙවයි 2019 ජූනි 9 ලැබුණු වාර්තාව. රවී සෙනෙවිරත්න ලියුම්කවරය කඩන්නෙත් ජූනි 16. ඉතිං කොහොමද රහස් පොලිසිය ත්‍රස්තවාදීන් අල්ලන්නේ.

මිත්‍රවරුනි රවී සෙනෙවිරත්නලා, ශානි අබේසේකරලා පොලිස් කාකි සූට් එක ඇඳන් හිටියාට යටින් ඇඳගෙන ඉඳලා තියෙන්නෙ මාලිමාවෙ දම්පාට බැනියම. මාලි මාවේ ජාතික ලැයිස්තුවේ ඊබ්‍රාහීම් නානාගේ පුත්තු ත්‍රස්තවාදීන් වෙච්චි කොට, විමර්ශනය කරන්නේ මාලිමාවේ රහසේ හිටපු රහස් පොලිසිය වෙනකොට, කොහොමද ත්‍රස්තවාදින් අල්ලගන්නේ. පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තවාදියත් මාලිමාවේ. විමර්ශකයත් මාලිමාවේ. ඔන්න ඕකට තමයි කියන්න වෙන්නේ මුං ඔක්කොම සහෝදරයෝ මල්ලී කියලා.

හඳුන්ගේ ආර්ථිකය

ඇමරිකාවේ ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ඊලෝන් මස්ක් දැවැන්ත ආයෝජනයක් කරන කෙනෙක්. ලෝකයේ අවදානම් ගන්නා ආයෝජන කරන කෙනෙක්. නමුත් සුනිල් හඳුන්නෙත්ති මහත්තයා ඔහු හඳුන්වන්නේ ආර්ථික ඝාතකයෙක් හැටියට.

ඒ වගේම සුනිල් හඳුන්නෙත්ති මහත්තයා ණය ප්‍රතිව්‍යහගතකරණය කරන්න යන්නේ අපූරු විදිහකට. තමන් ණය හිමියන් ගාවට ගිහිල්ලා කියනවලු අනේ මචං ණය ගෙවා ගන්න බෑ නේ මචං කියල. ලෝක බැංකුව, අයිඑම්එෆ් එක එයාගේ පිටට තට්ටුවක් දාලා කියනවලු කමක් නෑ මචං කියලා. මෙහෙව් එකෙක් තමයි මාලිමාවේ මුදල් ඇමති කියන්නේ. එහෙනම් ඉතින් ආර්ථිකයට අබසරණයි කියන එක අමුතුවෙන් තේරුම් ගන්න දෙයක් නෑ.

ජනපති මැදුර වටකරන දවස

සර්වජන බලය බිහිවුණා විතරයි ආණ්ඩුව කතාකරන්නේ ඡන්දය කල් දාන්නයි. ජන මත විචාරණයකින් වසර දෙකකට කල් දාන්න කතා කරනවා. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙන් වසරකට කල් දාන්න කතා කරනවා. අපි රනිල් වික්‍රමසිංහට කියනවා මහත්තයෝ පුංචි ඡන්දය කල් දැම්මා වගේ ජනාධිපතිවරණයට අත තියන්න බෑ. එදා දාපු සෙල්ලම් අද දාන්න බෑ. අද සර්වජන බලය තියෙනවා. සෙල්ලම් දාන්න ආවොත් මේ ජන ගඟත් අරගෙන ඇවිත් ජනපති මැදුර වට කරන්න අපි ලෑස්තියි කියන එක අපි ජනාධිපතිවරයාට සිහිපත් කරනවා.

බැන බැන හිටියට විවේචනය කරාට විකල්ප ඉදිරිපත් කරලා තියෙන්නේත් සර්වජන බලය පමණයි. මැතිවරණයට ප්‍රතිපත්ති රාමුවක් ඉදිරිපත් කරලා තියෙන්නේ සර්වජන බලය පමණයි. මේ රට ගොඩනගන විසඳුම තියෙන්නේ සර්වජන බලයට පමණයි. ඒ නිසා බිලියන 22ම සතුටින් සිනාසෙන රටක් ගොඩනගන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා සමස්ත ජාතියටම අපි අයාචනා කරනවා.

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.
සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ප්‍රධාන පුවත්

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.