News Category
From Date
To Date
Maximum Number of Result

69 ලක්ෂය කියන්නේ රටේ මහජනතාවගේ අපේක්ෂාවන්... එහි සින්නක්කර ඔප්පුව ඇත්තේ අපි ගාවෙ - දිලිත් කියයි

Jun 18, 2024 at 07:39 AM
|

69 ලක්ෂයේ බලපොරොත්තු බලගන්වන සර්වජන බලය මහා ජන රැළිය අද (18 වනදා) නුගේගොඩ එළිමහන් වේදිකාවේදී පැවැත්වීමට නියමිතය.

ඒ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව සර්වජන මුලස්ථානයේදී පැවැත්විණ.

එහිදී අදහස් දැක්වූ මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා හැටනවලක්ෂය යනු පුහු ඉලක්කමක් නොව එය රටට ආදරය කරන සියලු ජනතාවගේ අපේක්ෂාවන්ගේ සංකේතයක් බව ප්‍රකාශ කළේය. එම අපේක්ෂාවන් සුන් වුයේ රාජපක්ෂවරුන් මත තැබූ විශ්වාසය නිසා බවත් එම අපේක්ෂාවන් වෙනුවන් තමන් ඇතුළු සර්වජන බලය එකමුතුව වග කියනු ලබන බවත් ඔහු එහිදී අවධාරණය කළේය. ඇමරිකානු පුරවැසියෙක් වන බැසිල් රාජපක්ෂ හැටනවලක්ෂයක් ජනතාව විශ්වාස කළ ජාතිකත්වයේ අපේක්ෂාව පාවා දෙන්නේ නම් ඊට එරෙහිව නැගී සිටින බවද දිලිත් ජයවීර මහතා මෙහිදී සදහන් කළේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා මෙසේ පැවසිය.

” මේ රටට ආදරය කරන සියලු ජනතාවට කියන නම තමයි හැටනවලක්ෂය කියන්නේ. හැබැයි හැටනවලක්ෂය අවඥාවට ලක් වුණේ සර්ව ජන බලය නොතිබුණු නිසා. වෙන් වෙන්ව සටන් කිරීමට උත්සහ කළ නිසා. එම නිසා තව දුරටත් අපි ඒ හැටනවලක්ෂය අවඥාවට ලක් වීමට සුදානම් නැහැ. හැටනවලක්ෂයේ අපේක්ෂාවන් නියෝජනය කර ගැනීම සදහා ඒ අවස්ථාවේදී තිබුණු යතාර්ථය තුල මහින්ද රාජපක්ෂ අපේ අවශ්‍යතාවය සදහා ඔහු ඉදිරියට ගත්තා. නමුත් මේක කාගේවත් සින්නක්කර අයිතියක් නොවේ. රටේ හැටනවලක්ෂය කියන්නේ මේ රටේ මහජනතාවගේ අපේක්ෂාවන්. හැටනවලක්ෂය කියන්නේ මේ ඡන්ද හැටනවලක්ෂයකට නෙවේ. ඒ නිසා සින්නක්කර ඔප්පුව තියෙන්නේ අපි ගාව. සර්ව ජන බලය ලග තමයි තියෙන්නේ. ”

මාධ්‍ය අමතමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.

"එක්සත් ජාතික පක්ෂයෙන් රනිල්, සමගි ජන බලවේගයෙන් සජිත්, ජාතික ජන බලවේගයෙන් අනුර කියලා අපේක්ෂකයින් කිහිපදෙනෙක් ඉදිරිපත් කිරීම සම්පත් නාස්තියක්. ඒ වෙනුවට මේ පක්ෂ තුනේ නම් වෙන වෙනම අරගෙන එකසත් සමගි ජන බලවේගය කියලා සන්ධානයක් හදලා ඉන් එක් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම හොදටම ප්‍රමාණවත්. මොකද මේ තුන්ගොල්ලෝගේම ප්‍රතිපත්තිය එකයි. මේ තුන්ගොල්ලෝගේම ආර්ථික ප්‍රතිපත්තිය වැල් පාලමේ එල්ලීම. මේ තුන්ගොල්ලෝගේම දේශපාලන ප්‍රතිපත්තිය රට, ජාතීන්, ජනවර්ග බෙදලා ජාතිවාදය ඇති කරලා ජාතිවාදී ගිනිදැල් ඇති කරලා එවැනි රටක් බිහි කිරීමයි. ඒ නිසා මේක එකම කැරට් අලයක්. එක්කෙනෙක් සම්බෝලය හදලා දෙනවා, එක්කෙනෙක් කිරට දෙනවා, එක්කෙනෙක් මිරිසට දෙනවා. රනිල් ගුරු පාට බෝතලයේ දාලා දුන්නත්, සජිත් කොළ පාට බෝතලයේ දාලා දුන්නත්, අනුර රතු පාට බෝතලයේ දාලා දුන්නත් ඔය හැම බෝතලයේම තියෙන්නේ එකම රස පානය. බිව්වොත් ලක් මාතාව මැරෙනවා. අද අපිට ඕන ගෝඨාභය මාරු කරලා මාරු කරලා හති වැටිලා ඉන්න ජාතියක අද ඕන බෝතල් මාරු කරනවා වෙනුවට පානය මාරු කරලා වස පානය අයින් කරලා ජය පානය දාගන්න. ඒ නිසා අපිට වැරදුන තැන් නිවැරදි කරගෙන යලි ගමන ආරම්භ කරන්න ඕන. නතර වුන තැනින් ගමන ආරම්භ කරලා ලක්මාතාවගේ සිහිනය මහපොළොවේ පැල කරන්න ඕන. ඔබ ඇත්තටම රටට ආදෙරේ නම් ඔබ හෙට සිටිය යුත්තේ නුගේගොඩ. හැටනවලක්ෂයේ සින්නක්කර ඔප්පුව තියෙන්නේ මහින්ද රාජපක්ෂටවත් ගෝඨාභය රාජපක්ෂ ලගවත් අපි ලගවත් නෙවේ. ඒක තියෙන්නේ මේ රටට ආදරය කරන ජනතාව ළග. ඒ ඔප්පුව කාට පවරලා දෙනවද කියන ගැටලුවට උත්තරය ඔක්තෝම්බර් මාසයේ ජනතාව ලබා දෙයි."

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ

”තාප්පවල චිත්‍ර ඇන්ද තරුණයන්ගේ අහිංසක බලාපොරොත්තු, රාජපක්ෂ පාලනය මත තබාගෙන සිටි බලාපොරොත්තු කාලයාගේ ඇවෑමෙන් බිද වැටිලා තියෙනවා. එම නිසා එම බලාපොරොත්තු නැවත සපල කිරීම සදහා අපි කැප වෙනවා. 69 ලක්ෂයේ ජනවරමට සම්මාදම් වූ සහ අද වන විට යම් යම් හේතු මත අපේක්‍ෂාභංගත්වයට පත්ව සිටින සියලු ජනතාවට, “එම ජනවරමින් අපේක්ෂා කළ සැබෑ අරමුණු ජයග්‍රහණය කිරීමෙහි මූලාරම්භක අවස්ථාව සේ සලකා” හෙට(18) සවස 2:00ට නුගේගොඩදී ඇරඹෙන “සර්වජන බලය” දේශපාලන එකමුතුවෙහි ප්‍රථම දැවැන්ත ජනරැලියට එක්වන්නැයි ඉල්ලා සිටිනවා.”

”ගෝඨාභය රාජපක්ෂ පාලනය පිළිබඳව තැබූ බලාපොරොත්තු කාලයාගේ ඇවෑමෙන් ක්‍රමානුකූලව බිඳවැටෙන විට එම ජනවරම නිර්මාණය කිරීමට දායක වූ මිනිස්සු අපේක්‍ෂාභංගත්වයට පත්වීමට පටන් ගත්තා. මේ ජනවරම ගොඩනැගීමට විවිධ අයුරින් දායක වූ අපට පැහැරහැරිය නොහැකි වගකීමක් තිබෙනවා. ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනඒමෙන් බලාපොරොත්තු වූ ඒ මහා ජනසන්නිපාතයේ අපේක්ෂාවන් සඵල කිරීමට ඉදිරියට ඒම. ඒ වගේම අපි විශ්වාස කරන්නේ නැහැ, ‘අද මේ රට රැගෙන යන රනිල් වික්‍රමසිංහ ඇතුළු පොහොට්ටු කල්ලියේ වැඩපිළිවෙළට හෝ එම වැඩපිළිවෙළ නියමින් හෝ අනියමින් අනුමත කරමින් නිහඬව සිටින විපක්ෂ කල්ලිකණ්ඩායම්වලට 69 ලක්ෂයේ ජනවරමේ අපේක්ෂාවන් සඵල කළ හැකියි’ කියා.”

ස්වාධීන මන්ත්‍රී සංසදය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන,

"ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දේ දුන්න 69 ලක්ෂයක් ජනතාවට අපි තවමත් ස්තුතිවන්ත විය යුතුයි මන්ද විවිධ පාර්ශව සිදු කර තිබෙන සමීක්ෂණ රැසක් අනුව තවමත් සියට 40 ක් 45ක් ක් ජනතාව පවතින යම් දේශපාලන බලවේගයක් කෙරෙහි විශ්වාසය තබා නොමැති බව පැහැදිලියි. අන්න ඒ ජනතාව තමයි ජාතික වාදී දේශප්‍රේමී 69 ලක්ෂයේ බහුතර ජනතාව. විශ්වාස කල හැකි වසර 20කට අධික කාලයක් පුරා ජාතිකවාදී කඳවුර අඛණ්ඩව නියෝජනය කල පිරිසක් අපේ කණ්ඩායමේ නායකත්වය දරනවා. ඒවගේම ව්‍යවසායක රාජ්‍යයක්, සතුටු දැයක් අපි විශ්වාස කරනවා. සෑම පවුලකටම අතිරේක අදායම් මාර්ගයක් සකස් කරනවා. භෞතික දියුණුව සේම අධ්‍යාත්මික දියුණුව ගොඩ නැගීමට කටයුතු කරනවා. මේ නිසා මේ ජාතිකවාදී ජනතාවට නුගේගොඩට එන්න අපි සුදානම් ඉදිරි ගමන ඔබ සමග ගමන් කරන්න කියලා අපි සඳහා කරන්න කැමතියි. ”

"සභ්‍යත්ව රාජ්‍යක් වෙනුවෙන් අපි අඛණ්ඩව පෙනී සිටියා. 2015ත් හිටියා 2019ත් හිටියා අදත් එසේම අදත් ඒ ජාතිකත්ව කඳවුර බලගන්වන්න මව්බිමේ අනාගතය නිර්මාණය කිරීමට අපි සියලු දේශප්‍රේමී ජනතාවට අප සමඟ එක්වන ලෙස අරාධනා කරනවා" යැයි මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්වූ ‘යුතුකම’ ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. ඩී. වී. තිලකසිරි යන හිටපු නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ඇතුළු සර්වජන බලය දේශපාලන එකමුතුවෙහි විධායක සභිකයෝ ද අදහස් දක්වමින් කියා සිටියහ.

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද(21) උදෑසන මිය ගිය බව වතිකානුවේ භාන්ඩාගාර දෙපාර්තමේන්තුවේ කාදිනල් කෙවින් ෆෙරෙල් නිවේදනය කළේය.
පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය
1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.
"සිරි දළදා වන්දනාව" සිව්වන දිනය අදයි (21) සිරි දළදා වන්දනාව අද දහවල් 12.30 සිට පස්වරු 5.30 දක්වා සිදුකිරීමට නියමිතය.
පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්
ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.
වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ප්‍රධාන පුවත්

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.

වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි

බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් චෝදනා ලැබ වියට්නාමයේ තහනම් කොට ඇති සංවිධානයක් ලංකාවට පැමිණ පාද චාරිකාවක නිරත වන බවත් ඔවුන් භික්ෂූ විනයට පටහැනි ලෙස ක්‍රියාකරන සංවිධානයක් බවත් ඒබැවින් ඒම පාද

’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්

මැතිවරණ නීති උල්ලංඝනය වන ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත.

‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි

දෙරට අතර උත්සන්න වන වෙළඳ ආරවුල සංවාදයෙන් විසඳා ගැනීමට අවශ්‍ය නම්, චීනය “අවමාන තර්ජනය කිරීම සහ කප්පම්කරුවෙකු ලෙස හැසිරීම නවත්වන ලෙස” ඇමරිකාවෙන් ඉල්ලා තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.