News Category
From Date
To Date
Maximum Number of Result

69 ලක්ෂය කියන්නේ රටේ මහජනතාවගේ අපේක්ෂාවන්... එහි සින්නක්කර ඔප්පුව ඇත්තේ අපි ගාවෙ - දිලිත් කියයි

Jun 18, 2024 at 07:39 AM
|

69 ලක්ෂයේ බලපොරොත්තු බලගන්වන සර්වජන බලය මහා ජන රැළිය අද (18 වනදා) නුගේගොඩ එළිමහන් වේදිකාවේදී පැවැත්වීමට නියමිතය.

ඒ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව සර්වජන මුලස්ථානයේදී පැවැත්විණ.

එහිදී අදහස් දැක්වූ මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා හැටනවලක්ෂය යනු පුහු ඉලක්කමක් නොව එය රටට ආදරය කරන සියලු ජනතාවගේ අපේක්ෂාවන්ගේ සංකේතයක් බව ප්‍රකාශ කළේය. එම අපේක්ෂාවන් සුන් වුයේ රාජපක්ෂවරුන් මත තැබූ විශ්වාසය නිසා බවත් එම අපේක්ෂාවන් වෙනුවන් තමන් ඇතුළු සර්වජන බලය එකමුතුව වග කියනු ලබන බවත් ඔහු එහිදී අවධාරණය කළේය. ඇමරිකානු පුරවැසියෙක් වන බැසිල් රාජපක්ෂ හැටනවලක්ෂයක් ජනතාව විශ්වාස කළ ජාතිකත්වයේ අපේක්ෂාව පාවා දෙන්නේ නම් ඊට එරෙහිව නැගී සිටින බවද දිලිත් ජයවීර මහතා මෙහිදී සදහන් කළේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා මෙසේ පැවසිය.

” මේ රටට ආදරය කරන සියලු ජනතාවට කියන නම තමයි හැටනවලක්ෂය කියන්නේ. හැබැයි හැටනවලක්ෂය අවඥාවට ලක් වුණේ සර්ව ජන බලය නොතිබුණු නිසා. වෙන් වෙන්ව සටන් කිරීමට උත්සහ කළ නිසා. එම නිසා තව දුරටත් අපි ඒ හැටනවලක්ෂය අවඥාවට ලක් වීමට සුදානම් නැහැ. හැටනවලක්ෂයේ අපේක්ෂාවන් නියෝජනය කර ගැනීම සදහා ඒ අවස්ථාවේදී තිබුණු යතාර්ථය තුල මහින්ද රාජපක්ෂ අපේ අවශ්‍යතාවය සදහා ඔහු ඉදිරියට ගත්තා. නමුත් මේක කාගේවත් සින්නක්කර අයිතියක් නොවේ. රටේ හැටනවලක්ෂය කියන්නේ මේ රටේ මහජනතාවගේ අපේක්ෂාවන්. හැටනවලක්ෂය කියන්නේ මේ ඡන්ද හැටනවලක්ෂයකට නෙවේ. ඒ නිසා සින්නක්කර ඔප්පුව තියෙන්නේ අපි ගාව. සර්ව ජන බලය ලග තමයි තියෙන්නේ. ”

මාධ්‍ය අමතමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසීය.

"එක්සත් ජාතික පක්ෂයෙන් රනිල්, සමගි ජන බලවේගයෙන් සජිත්, ජාතික ජන බලවේගයෙන් අනුර කියලා අපේක්ෂකයින් කිහිපදෙනෙක් ඉදිරිපත් කිරීම සම්පත් නාස්තියක්. ඒ වෙනුවට මේ පක්ෂ තුනේ නම් වෙන වෙනම අරගෙන එකසත් සමගි ජන බලවේගය කියලා සන්ධානයක් හදලා ඉන් එක් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම හොදටම ප්‍රමාණවත්. මොකද මේ තුන්ගොල්ලෝගේම ප්‍රතිපත්තිය එකයි. මේ තුන්ගොල්ලෝගේම ආර්ථික ප්‍රතිපත්තිය වැල් පාලමේ එල්ලීම. මේ තුන්ගොල්ලෝගේම දේශපාලන ප්‍රතිපත්තිය රට, ජාතීන්, ජනවර්ග බෙදලා ජාතිවාදය ඇති කරලා ජාතිවාදී ගිනිදැල් ඇති කරලා එවැනි රටක් බිහි කිරීමයි. ඒ නිසා මේක එකම කැරට් අලයක්. එක්කෙනෙක් සම්බෝලය හදලා දෙනවා, එක්කෙනෙක් කිරට දෙනවා, එක්කෙනෙක් මිරිසට දෙනවා. රනිල් ගුරු පාට බෝතලයේ දාලා දුන්නත්, සජිත් කොළ පාට බෝතලයේ දාලා දුන්නත්, අනුර රතු පාට බෝතලයේ දාලා දුන්නත් ඔය හැම බෝතලයේම තියෙන්නේ එකම රස පානය. බිව්වොත් ලක් මාතාව මැරෙනවා. අද අපිට ඕන ගෝඨාභය මාරු කරලා මාරු කරලා හති වැටිලා ඉන්න ජාතියක අද ඕන බෝතල් මාරු කරනවා වෙනුවට පානය මාරු කරලා වස පානය අයින් කරලා ජය පානය දාගන්න. ඒ නිසා අපිට වැරදුන තැන් නිවැරදි කරගෙන යලි ගමන ආරම්භ කරන්න ඕන. නතර වුන තැනින් ගමන ආරම්භ කරලා ලක්මාතාවගේ සිහිනය මහපොළොවේ පැල කරන්න ඕන. ඔබ ඇත්තටම රටට ආදෙරේ නම් ඔබ හෙට සිටිය යුත්තේ නුගේගොඩ. හැටනවලක්ෂයේ සින්නක්කර ඔප්පුව තියෙන්නේ මහින්ද රාජපක්ෂටවත් ගෝඨාභය රාජපක්ෂ ලගවත් අපි ලගවත් නෙවේ. ඒක තියෙන්නේ මේ රටට ආදරය කරන ජනතාව ළග. ඒ ඔප්පුව කාට පවරලා දෙනවද කියන ගැටලුවට උත්තරය ඔක්තෝම්බර් මාසයේ ජනතාව ලබා දෙයි."

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ

”තාප්පවල චිත්‍ර ඇන්ද තරුණයන්ගේ අහිංසක බලාපොරොත්තු, රාජපක්ෂ පාලනය මත තබාගෙන සිටි බලාපොරොත්තු කාලයාගේ ඇවෑමෙන් බිද වැටිලා තියෙනවා. එම නිසා එම බලාපොරොත්තු නැවත සපල කිරීම සදහා අපි කැප වෙනවා. 69 ලක්ෂයේ ජනවරමට සම්මාදම් වූ සහ අද වන විට යම් යම් හේතු මත අපේක්‍ෂාභංගත්වයට පත්ව සිටින සියලු ජනතාවට, “එම ජනවරමින් අපේක්ෂා කළ සැබෑ අරමුණු ජයග්‍රහණය කිරීමෙහි මූලාරම්භක අවස්ථාව සේ සලකා” හෙට(18) සවස 2:00ට නුගේගොඩදී ඇරඹෙන “සර්වජන බලය” දේශපාලන එකමුතුවෙහි ප්‍රථම දැවැන්ත ජනරැලියට එක්වන්නැයි ඉල්ලා සිටිනවා.”

”ගෝඨාභය රාජපක්ෂ පාලනය පිළිබඳව තැබූ බලාපොරොත්තු කාලයාගේ ඇවෑමෙන් ක්‍රමානුකූලව බිඳවැටෙන විට එම ජනවරම නිර්මාණය කිරීමට දායක වූ මිනිස්සු අපේක්‍ෂාභංගත්වයට පත්වීමට පටන් ගත්තා. මේ ජනවරම ගොඩනැගීමට විවිධ අයුරින් දායක වූ අපට පැහැරහැරිය නොහැකි වගකීමක් තිබෙනවා. ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනඒමෙන් බලාපොරොත්තු වූ ඒ මහා ජනසන්නිපාතයේ අපේක්ෂාවන් සඵල කිරීමට ඉදිරියට ඒම. ඒ වගේම අපි විශ්වාස කරන්නේ නැහැ, ‘අද මේ රට රැගෙන යන රනිල් වික්‍රමසිංහ ඇතුළු පොහොට්ටු කල්ලියේ වැඩපිළිවෙළට හෝ එම වැඩපිළිවෙළ නියමින් හෝ අනියමින් අනුමත කරමින් නිහඬව සිටින විපක්ෂ කල්ලිකණ්ඩායම්වලට 69 ලක්ෂයේ ජනවරමේ අපේක්ෂාවන් සඵල කළ හැකියි’ කියා.”

ස්වාධීන මන්ත්‍රී සංසදය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන,

"ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දේ දුන්න 69 ලක්ෂයක් ජනතාවට අපි තවමත් ස්තුතිවන්ත විය යුතුයි මන්ද විවිධ පාර්ශව සිදු කර තිබෙන සමීක්ෂණ රැසක් අනුව තවමත් සියට 40 ක් 45ක් ක් ජනතාව පවතින යම් දේශපාලන බලවේගයක් කෙරෙහි විශ්වාසය තබා නොමැති බව පැහැදිලියි. අන්න ඒ ජනතාව තමයි ජාතික වාදී දේශප්‍රේමී 69 ලක්ෂයේ බහුතර ජනතාව. විශ්වාස කල හැකි වසර 20කට අධික කාලයක් පුරා ජාතිකවාදී කඳවුර අඛණ්ඩව නියෝජනය කල පිරිසක් අපේ කණ්ඩායමේ නායකත්වය දරනවා. ඒවගේම ව්‍යවසායක රාජ්‍යයක්, සතුටු දැයක් අපි විශ්වාස කරනවා. සෑම පවුලකටම අතිරේක අදායම් මාර්ගයක් සකස් කරනවා. භෞතික දියුණුව සේම අධ්‍යාත්මික දියුණුව ගොඩ නැගීමට කටයුතු කරනවා. මේ නිසා මේ ජාතිකවාදී ජනතාවට නුගේගොඩට එන්න අපි සුදානම් ඉදිරි ගමන ඔබ සමග ගමන් කරන්න කියලා අපි සඳහා කරන්න කැමතියි. ”

"සභ්‍යත්ව රාජ්‍යක් වෙනුවෙන් අපි අඛණ්ඩව පෙනී සිටියා. 2015ත් හිටියා 2019ත් හිටියා අදත් එසේම අදත් ඒ ජාතිකත්ව කඳවුර බලගන්වන්න මව්බිමේ අනාගතය නිර්මාණය කිරීමට අපි සියලු දේශප්‍රේමී ජනතාවට අප සමඟ එක්වන ලෙස අරාධනා කරනවා" යැයි මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්වූ ‘යුතුකම’ ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. ඩී. වී. තිලකසිරි යන හිටපු නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ඇතුළු සර්වජන බලය දේශපාලන එකමුතුවෙහි විධායක සභිකයෝ ද අදහස් දක්වමින් කියා සිටියහ.

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.
සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි ගැසට් කර තිබේ.
රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.
ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.
ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

ප්‍රධාන පුවත්

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.