69 ලක්‍ෂයේ අපේක්‍ෂා දිනවන්න අද හවසට නුගේගොඩට එන්න - විමල් වීරවංශ
69 ලක්ෂයේ ජනවරමට සම්මාදම් වූ සහ අද වන විට යම් යම් හේතු මත අපේක්ෂාභංගත්වයට පත්ව සිටින සියලු ජනතාවට, “එම ජනවරමින් අපේක්ෂා කළ සැබෑ අරමුණු ජයග්‍රහණය කිරීමෙහි මූලාරම්භක අවස්ථාව සේ සලකා” අද(18) සවස 2:00ට නුගේගොඩදී ඇරඹෙන “සර්වජන බලය” දේශපාලන එකමුතුවෙහි ප්‍රථම දැවැන්ත ජනරැලියට එක්වන්නැයි එම දේශපාලන එකමුතුවේ විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇරයුම් කර සිටියි.
“සර්වජන බලය” දේශපාලන එකමුතුව අද(18) දිනයේ පවත්වනු ලබන ප්‍රථම දැවැන්ත ජනරැලිය පිළිබඳව දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඒ මහතා මෙසේ සඳහන් කළේය.
මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ‘යුතුකම’ ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ස්වාධීන මන්ත්‍රී සංසදය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. ඩී. වී. තිලකසිරි යන සර්වජන බලය දේශපාලන එකමුතුවෙහි විධායක සභිකයෝ ද මෙහිදී අදහස් දැක්වූහ.
වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.
“මෙම මාධ්‍ය හමුව පවත්වනු ලබන්නේ ‘සර්වජන බලය’ දේශපාලන එකමුතුව පිහිටුවීමෙන් පසුව පවත්වනු ලබන පළමු දැවැන්ත මහජන රැලිය පිළිබඳව මාධ්‍යවේදී ඔබ හරහා මේ රටේ පොදු මහජනතාව දැනුම්වත් කිරීමටයි. අපි මෙහිදී පළමුව පැහැදිලි කළ යුතුයි, ‘සර්වජන බලය නමින් මෙවැනි එකමුතුවක් පිහිටුවන්නේ ඇයි? සහ එම එකමුතුවෙන් ජනතා ක්‍රියාකාරීත්වය බලගැන්වීමට බලාපොරොත්තු වන්නේ ඇයි?’ කියන එක.
69 ලක්ෂයේ ජනවරමේ අපේක්ෂාව
ඔබ දන්නවා,මෙම දේශපාලන එකමුතුව නියෝජනය කරනු ලබන්නේ 69 ලක්ෂයේ ජනවරම ගොඩනඟන්න විවිධ මට්ටමෙන්, විවිධ අයුරින් දායක වූ දේශපාලන පක්ෂ සහ ජාතික සංවිධාන බව. සාධාරණ, විනයගරුක, නීතිගරුක හා සෞභාග්‍යවත් සමාජයක් ගොඩනඟා ගැනීමේ අපේක්‍ෂාව තමයි 69 ලක්ෂය ජනවරම තුළ නිධන්ගතව තිබුණේ. ඒ නිසාම තමයි 69 ලක්ෂයේ ජනවරම තුළ ඉතිහාසයේ වැඩිම තරුණ ඡන්ද සංඛ්‍යාවක් අන්තර්ගතව තිබුණේ. තාප්පවල චිත්‍ර ඇඳි තරුණයන්ගේ අහිංසක බලාපොරොත්තු කවරාකාරදැයි අපි අමුතුවෙන් කිවයුතු නැහැ.
අපේ ‘අත්හල නොහැකි’ වගකීම
ගෝඨාභය රාජපක්ෂ පාලනය පිළිබඳව තැබූ බලාපොරොත්තු කාලයාගේ ඇවෑමෙන් ක්‍රමානුකූලව බිඳවැටෙන විට එම ජනවරම නිර්මාණය කිරීමට දායක වූ මිනිස්සු අපේක්‍ෂාභංගත්වයට පත්වීමට පටන් ගත්තා. මේ ජනවරම ගොඩනැගීමට විවිධ අයුරින් දායක වූ අපට පැහැරහැරිය නොහැකි වගකීමක් තිබෙනවා. ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනඒමෙන් බලාපොරොත්තු වූ ඒ මහා ජනසන්නිපාතයේ අපේක්ෂාවන් සඵල කිරීමට ඉදිරියට ඒම. ඒ වගේම අපි විශ්වාස කරන්නේ නැහැ, ‘අද මේ රට රැගෙන යන රනිල් වික්‍රමසිංහ ඇතුළු පොහොට්ටු කල්ලියේ වැඩපිළිවෙළට හෝ එම වැඩපිළිවෙළ නියමින් හෝ අනියමින් අනුමත කරමින් නිහඬව සිටින විපක්ෂ කල්ලිකණ්ඩායම්වලට 69 ලක්ෂයේ ජනවරමේ අපේක්ෂාවන් සඵල කළ හැකියි’ කියා.
මහා දේශපාලන රික්තකය පිරවීමට…
ඒ නිසා තමයි ඒ ‘මහා දේශපාලන රික්තකය පිරවීමට’ අපි ‘සර්වජන බලය’ නමින් එකමුතු වුණේ. ඒ එකමුතුවේ පළමු ජන ඒකරාශී කිරීම තමයි අද(18) සවස දෙකට නුගේගොඩ පැවැත්වෙන්නේ. ඒ මහා ජනවරමට සම්මාදම් වූ, ඒ වගේම අද යම් යම් හේතු මත අපේක්ෂාභංගත්වයට පත්ව සිටින සියලු ජනතාවට අපි ඇරයුම් කරනවා, ’69 ලක්ෂයේ ජනවරමින් අපේක්ෂා කළ සැබෑ අරමුණු ජයග්‍රහණය කිරීම සඳහා අද දිනයේ සවස දෙකට නුගේගොඩට පැමිණෙන්න’ කියා.
(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්