
චීනය න්‍යෂ්ටික අවි බල ව්‍යාප්තිය වේගවත් කරයි - වාර්තාව
පසුගිය මාස කිහිපය තුළ චීනය සිය න්‍යෂ්ටික අවි බලය “වෙනත් ඕනෑම රටකට වඩා වේගයෙන්” ව්‍යාප්ත කරමින් සිටින බව ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනයේ (SIPRI) වාර්ෂික වාර්තාව පවසයි. බීජිං පරිපාලනය 2023 ජනවාරි මාසයේ සිට න්‍යෂ්ටික ද්‍රව්‍ය අඩංගු මිසයිල ශීර්ෂ 90 ක් සිය යුද අවි තොගයට එක්කර ඇතැයි එම වාර්තාව පවසයි
කෙසේ වෙතත්, අනෙකුත් න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ ජාතීන් ද ඔවුන්ගේ මහා විනාශකාරී ආයුධ නවීකරණය කරමින් සිටින අතර ඔවුන් සතුව ඇති ක්‍රියාකාරී න්‍යෂ්ටික ද්‍රව්‍ය අඩංගු මිසයිල ශීර්ෂ සංඛ්‍යාව වැඩි කරමින් සිටින බවද එම වාර්තාව පෙන්වා දෙයි.
ඉරිදා ප්‍රකාශයට පත් කරන ලද SIPRI වාර්තාවට අනුව, එක්සත් ජනපදය සහ රුසියාව ලෝකයේ න්‍යෂ්ටික අවිවලින් 90%කට ආසන්න ප්‍රමාණයක් සතු විශාලතම න්‍යෂ්ටික බලවතුන් වේ.
"කෙසේ වෙතත්, චීනය "වෙනත් ඕනෑම රටකට වඩා වේගයෙන් සිය න්‍යෂ්ටික අවි ගබඩාව ව්‍යාප්ත කරමින් සිටිනවා.", SIPRI හි Weapons of Mass Destruction Program සමඟ සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු වන Hans M. Kristensen පවසයි. SIPRI හි වාර්තාවලට අනුව පෙනී යන්නේ බීජිං හි න්‍යෂ්ටික අවි ගබඩාව 2023 ජනවාරි සහ 2024 ජනවාරි අතර න්‍යෂ්ටික ද්‍රව්‍ය අඩංගු මිසයිල ශීර්ෂ 410 සිට 500 දක්වා වර්ධනය වී ඇති බව පවසයි.
පසුගිය ඔක්තෝම්බර් මාසයේදී එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිකුත් කළ වෙනම වාර්තාවකින් පෙන්වා දුන්නේ චීනය “2023 මැයි වන විට ක්‍රියාකාරී න්‍යෂ්ටික ද්‍රව්‍ය අඩංගු මිසයිල ශීර්ෂ 500කට වඩා සන්තකයේ තබාගෙන ඇති බවයි. පෙන්ටගනය එම වාර්තාව මගින් අනාවැකි පළ කළේ 2030 වන විට මෙම සංඛ්‍යාව 1000 ඉක්මවනු ඇති බවයි.
Sඓඵ්ර්‍ඓ පවසා සිටින්නේ, "පළමු වතාවට, චීනය දැන් සාම කාලය තුළ මිසයිල මත කුඩා න්‍යෂ්ටික ද්‍රව්‍ය අඩංගු ශ්‍රීර්ෂ ප්‍රමාණයක් යොදවනු ඇති" බවයි. බීජිං සතුව න්‍යෂ්ටික ද්‍රව්‍ය අඩංගු මිසයිල ශීර්ෂ 24 ක් අධි මෙහෙයුම් සඳහා සීරුවෙන් තබා ඇති බව පවසන අතර, එක්සත් ජනපදය හා රුසියාව සම්බන්ධයෙන් ගත් කළ එම සංඛ්‍යාව 1,700 කට වඩා වැඩි ය.
වාර්තාවට අනුව “දශකයේ ආරම්භය වන විට චීනයට රුසියාව හෝ ඇමරිකා එක්සත් ජනපදය තරම් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල (ICBM) තිබිය හැකි නමුත්, එහි න්‍යෂ්ටික ද්‍රව්‍ය අඩංගු මිසයිල ශීර්ෂ තොගය තවමත් ඒ දෙකෙහිම තොගවලට වඩා ඉතා කුඩාව පවතිනු ඇතැයි අපේක්ෂා කරයි.”
ඊයේ(16) The Telegraph සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී නේටෝ මහලේකම් Jens Stoltenberg හෙළිදරව් කළේ, න්‍යෂ්ටික ධාරිතාව වැඩි මිසයිල ගබඩාවෙන් ඉවත් කර ඒවා සූදානම්ව තැබීම පිළිබඳව සාමාජික රටවල් සාකච්ඡා කරමින් සිටින බවයි. රුසියාවෙන් සහ චීනයෙන් පැන නගින තර්ජන ඔහු උපුටා දක්වමින්, එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි කන්ඩායම මොස්කව් සහ බීජිං වෙත තමන්ගේම න්‍යෂ්ටික හැකියාවන් සම්බන්ධයෙන් පැහැදිලි පණිවිඩයක් යැවීමට අවශ්‍ය බව අවධාරණය කළේය.
China rapidly expanding nuclear arsenal – report
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
