පැය 24ක් තුළ ගාසා තීරයේ උතුරේ වෙසෙන ජනතාව දකුණු ගාසා තීරයට යායුතු බව ඊශ‍්‍රායලය දන්වයි
ඊශ‍්‍රායල හමුදාව ප‍්‍රකාශ කර ඇත්තේ ඉදිරි පැය 24 තුළදී ගාසා තීරයට උතුරින් වෙසෙන සියලූ ජනතාව දකුණු ගාසා තීරයට පැමිණ පදිංචි විය යුතු බවයි.
ඒ අනුව ඊශ්‍රායලය පවසා ඇත්තේ ආසන්න වශයෙන් මිලියන 1.1ක ජනතාවක් ඉවත් විය යුතු බව යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරන අතර, එම ඉවත්විය යුතු ප්‍රමාණය සමස්ත ගාසා තීරයේ ජනගහනයෙන් අඩක් බව ද සඳහන්ය.
ගාසා සහ ජෙරුසලමට මෙම අනතුරු ඇඟවීම් ලබා දී ඇති බවද සඳහන් ය.
මේ අතර, ගාසා තීර දේශසීමාවේ සොල්දාදුවන්, බර කාලතුවක්කු සහ යුද ටැංකි එක්රැස් කරමින් ගොඩබිම් ප්‍රහාරයක් සඳහා සූදානම් වෙමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට එල්ල කළ හදිසි ප්‍රහාරයෙන් පසු පසුගිය සෙනසුරාදා සිට ඊශ්‍රායලය විසින් දිගින් දිගටම ගාසා තීරයට ගුවන් ප්‍රහාර දියත් කරනු ලබයි.
මෙම ඉවත් කිරීමේ නියෝගය අවලංගු කරන ලෙස එක්සත් ජාතීන් දැඩි ලෙස ඊශ‍්‍රායලයෙන් ඉල්ලා ඇති බවද සඳහන් වන අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ, එවැනි නියෝගයක් තහවුරු කළහොත්, දැනටමත් ඛේදවාචකයක් වී ඇති සිදුවීම් තවදුරටත් වර්ධනය වෙමින් විපත්තිදායක තත්ත්වයක් බවට පත්විය හැකි බවයි.
ඊශ්‍රායල හමුදාවේ සම්බන්ධීකරණ නිලධාරීන් ගාසා තීරයේ සිටින එක්සත් ජාතීන්ගේ කණ්ඩායම් නායකයින්ට ඉවත් කිරීමේ නියෝගය ගැන පවසා තිබෙන අතර එම නියෝගයට එක්සත් ජාතීන්ගේ සියලුම කාර්ය මණ්ඩලය සහ පාසල්, සෞඛ්‍ය මධ්‍යස්ථාන සහ සායන ඇතුළත් එක්සත් ජාතීන්ගේ පහසුකම්වල නවාතැන් ගත් අය ද ඇතුළත් බවයි පැවසෙන්නේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..