පැය 24ක් තුළ ගාසා තීරයේ උතුරේ වෙසෙන ජනතාව දකුණු ගාසා තීරයට යායුතු බව ඊශ‍්‍රායලය දන්වයි
ඊශ‍්‍රායල හමුදාව ප‍්‍රකාශ කර ඇත්තේ ඉදිරි පැය 24 තුළදී ගාසා තීරයට උතුරින් වෙසෙන සියලූ ජනතාව දකුණු ගාසා තීරයට පැමිණ පදිංචි විය යුතු බවයි.
ඒ අනුව ඊශ්‍රායලය පවසා ඇත්තේ ආසන්න වශයෙන් මිලියන 1.1ක ජනතාවක් ඉවත් විය යුතු බව යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරන අතර, එම ඉවත්විය යුතු ප්‍රමාණය සමස්ත ගාසා තීරයේ ජනගහනයෙන් අඩක් බව ද සඳහන්ය.
ගාසා සහ ජෙරුසලමට මෙම අනතුරු ඇඟවීම් ලබා දී ඇති බවද සඳහන් ය.
මේ අතර, ගාසා තීර දේශසීමාවේ සොල්දාදුවන්, බර කාලතුවක්කු සහ යුද ටැංකි එක්රැස් කරමින් ගොඩබිම් ප්‍රහාරයක් සඳහා සූදානම් වෙමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට එල්ල කළ හදිසි ප්‍රහාරයෙන් පසු පසුගිය සෙනසුරාදා සිට ඊශ්‍රායලය විසින් දිගින් දිගටම ගාසා තීරයට ගුවන් ප්‍රහාර දියත් කරනු ලබයි.
මෙම ඉවත් කිරීමේ නියෝගය අවලංගු කරන ලෙස එක්සත් ජාතීන් දැඩි ලෙස ඊශ‍්‍රායලයෙන් ඉල්ලා ඇති බවද සඳහන් වන අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ, එවැනි නියෝගයක් තහවුරු කළහොත්, දැනටමත් ඛේදවාචකයක් වී ඇති සිදුවීම් තවදුරටත් වර්ධනය වෙමින් විපත්තිදායක තත්ත්වයක් බවට පත්විය හැකි බවයි.
ඊශ්‍රායල හමුදාවේ සම්බන්ධීකරණ නිලධාරීන් ගාසා තීරයේ සිටින එක්සත් ජාතීන්ගේ කණ්ඩායම් නායකයින්ට ඉවත් කිරීමේ නියෝගය ගැන පවසා තිබෙන අතර එම නියෝගයට එක්සත් ජාතීන්ගේ සියලුම කාර්ය මණ්ඩලය සහ පාසල්, සෞඛ්‍ය මධ්‍යස්ථාන සහ සායන ඇතුළත් එක්සත් ජාතීන්ගේ පහසුකම්වල නවාතැන් ගත් අය ද ඇතුළත් බවයි පැවසෙන්නේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..
අද, හෙට සහ අනිද්දා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවක්..