ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදු වී නැත! - ෆෙඩරල් අධිකරණය කැනඩාව
2023 මැයි 18 වැනි දින දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය පිළිබඳ අගමැති ජස්ටින් ටෘඩෝ නිකුත් කරන ලද පණිවිඩයට අභියෝග කරමින් කැනඩාවේ ෆෙඩරල් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද සමාලෝචන අයදුම්පත විභාගයට ලක් කරමින් ශ්‍රී ලංකාවේ දෙමළජන සංහාරයක් සිදුව නැති බව එරට ෆෙඩරල් අධිකරණය ප්‍රකාශ කර සිටී.
එහිදී කැනඩාවේ ඉහළ අධිකරණය වන ෆෙඩරල් අධිකරණය ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරය පිළිබඳව අගමැති ටෘඩෝගේ ප්‍රකාශයක් සාවද්‍ය බව ප්‍රකාශ කළේය.
ඒ අනුව කැනඩා අධිකරණයේ තීන්දුවේ 19 ඡේදය “[අගමැති ටෘඩෝගේ] ප්‍රකාශය බැඳීමක් ඇති කරන තීරණයක් හෝ නියෝගයක් නොවේ. එය නීතිමය අයිතිවාසිකම්වලට බලපාන, නීතිමය බැඳීම් පනවන හෝ අගතිගාමී බලපෑම් ඇති කරන හැසිරීමක්ද නොවේ. එහි හරය ලෙස,එම ප්‍රකාශය, මහජන මන්ත්‍රී මණ්ඩලයේ යෝජනාවට අදාළව, මානව හිමිකම්, සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය යන පුළුල් සන්දර්භය තුළ ශ්‍රී ලංකාවේ “ගැටුම” සම්බන්ධයෙන් මෙනෙහි කිරීමට කැනේඩියානුවන් දිරිමත් කරනු ලබයි." යනුවෙන් පවසා සිටී.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගැරී ආනන්දසංගරී විසින් ගෙන ආ යෝජනාවේ නීතිමය වලංගුභාවය පිළිබඳවද ෆෙඩරල් අධිකරණය සාකච්ඡා කළේය.
ඒ සම්බන්ධයෙන් උසාවියේ ස්ථාවරය ඉතා පැහැදිලිව දක්වා සිටී. ටෲඩෝගේ ප්‍රකාශය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්දසංගරීගේ යෝජනාව බැඳීමක් ඇති නොකරයි. එබැවින්, කැනඩාවේ නිල තත්ත්වයට එම ප්‍රකාශ වලින් කිසිදු නීතිමය බලපෑමක් ඇති කරන්නේ නැත. එනම් ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදුවී නැත. විනිසුරු Janet M. Fuhrer ෆෙඩරල් උසාවියේ දී මෙම කාරණය සම්බන්ධයෙන් ඇගේ තීරණය නිකුත් කරමින් පවසා සිටියාය.
ෆෙඩරල් අධිකරණය ශ්‍රී ලංකාවේ සිදුවූ සිදුවීම් දෙමළ ත්‍රස්තවාදී සංවිධානයක් වන දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය සහ ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවන් අතර “ගැටුමක්” ලෙස හඳුනාගෙන ඇත.
ඒ අනුව කැනේඩියානු දේශපාලනඥයන් තම ඡන්ද බැංකුව වැඩි කර ගැනීම සඳහා අතිශයින් ජාතිවාදී ව්‍යාපාර යොදා ගනිමින් දේශපාලන වාසි ලබා ගැනීම සඳහා ව්‍යාජ දෙමළ ජන සංහාරය ප්‍රචාරණය කරමින් වඩාත් අවදානමට ලක්විය හැකි දෙමළ ප්‍රජාවන් අඛණ්ඩව සූරාකමින් සිටින බව අපගේ කැනේඩියානු පාඨකයෝ පවසති.
ටෘඩෝගේ ද්විත්ව ප්‍රතිපත්ති හේතුවෙන්, මීළඟ ෆෙඩරල් මැතිවරණයේදී ටෘඩෝගේ පාලනය කැනේඩියානුවන් විසින් ඡන්දය ප්‍රතික්ෂේප කරනු ඇතැයි එරට විද්වතුන් පවසන බවද අප පාඨකයෝ පවසති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්