
ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදු වී නැත! - ෆෙඩරල් අධිකරණය කැනඩාව
2023 මැයි 18 වැනි දින දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය පිළිබඳ අගමැති ජස්ටින් ටෘඩෝ නිකුත් කරන ලද පණිවිඩයට අභියෝග කරමින් කැනඩාවේ ෆෙඩරල් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද සමාලෝචන අයදුම්පත විභාගයට ලක් කරමින් ශ්‍රී ලංකාවේ දෙමළජන සංහාරයක් සිදුව නැති බව එරට ෆෙඩරල් අධිකරණය ප්‍රකාශ කර සිටී.
එහිදී කැනඩාවේ ඉහළ අධිකරණය වන ෆෙඩරල් අධිකරණය ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරය පිළිබඳව අගමැති ටෘඩෝගේ ප්‍රකාශයක් සාවද්‍ය බව ප්‍රකාශ කළේය.
ඒ අනුව කැනඩා අධිකරණයේ තීන්දුවේ 19 ඡේදය “[අගමැති ටෘඩෝගේ] ප්‍රකාශය බැඳීමක් ඇති කරන තීරණයක් හෝ නියෝගයක් නොවේ. එය නීතිමය අයිතිවාසිකම්වලට බලපාන, නීතිමය බැඳීම් පනවන හෝ අගතිගාමී බලපෑම් ඇති කරන හැසිරීමක්ද නොවේ. එහි හරය ලෙස,එම ප්‍රකාශය, මහජන මන්ත්‍රී මණ්ඩලයේ යෝජනාවට අදාළව, මානව හිමිකම්, සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය යන පුළුල් සන්දර්භය තුළ ශ්‍රී ලංකාවේ “ගැටුම” සම්බන්ධයෙන් මෙනෙහි කිරීමට කැනේඩියානුවන් දිරිමත් කරනු ලබයි." යනුවෙන් පවසා සිටී.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගැරී ආනන්දසංගරී විසින් ගෙන ආ යෝජනාවේ නීතිමය වලංගුභාවය පිළිබඳවද ෆෙඩරල් අධිකරණය සාකච්ඡා කළේය.
ඒ සම්බන්ධයෙන් උසාවියේ ස්ථාවරය ඉතා පැහැදිලිව දක්වා සිටී. ටෲඩෝගේ ප්‍රකාශය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්දසංගරීගේ යෝජනාව බැඳීමක් ඇති නොකරයි. එබැවින්, කැනඩාවේ නිල තත්ත්වයට එම ප්‍රකාශ වලින් කිසිදු නීතිමය බලපෑමක් ඇති කරන්නේ නැත. එනම් ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදුවී නැත. විනිසුරු Janet M. Fuhrer ෆෙඩරල් උසාවියේ දී මෙම කාරණය සම්බන්ධයෙන් ඇගේ තීරණය නිකුත් කරමින් පවසා සිටියාය.
ෆෙඩරල් අධිකරණය ශ්‍රී ලංකාවේ සිදුවූ සිදුවීම් දෙමළ ත්‍රස්තවාදී සංවිධානයක් වන දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය සහ ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවන් අතර “ගැටුමක්” ලෙස හඳුනාගෙන ඇත.
ඒ අනුව කැනේඩියානු දේශපාලනඥයන් තම ඡන්ද බැංකුව වැඩි කර ගැනීම සඳහා අතිශයින් ජාතිවාදී ව්‍යාපාර යොදා ගනිමින් දේශපාලන වාසි ලබා ගැනීම සඳහා ව්‍යාජ දෙමළ ජන සංහාරය ප්‍රචාරණය කරමින් වඩාත් අවදානමට ලක්විය හැකි දෙමළ ප්‍රජාවන් අඛණ්ඩව සූරාකමින් සිටින බව අපගේ කැනේඩියානු පාඨකයෝ පවසති.
ටෘඩෝගේ ද්විත්ව ප්‍රතිපත්ති හේතුවෙන්, මීළඟ ෆෙඩරල් මැතිවරණයේදී ටෘඩෝගේ පාලනය කැනේඩියානුවන් විසින් ඡන්දය ප්‍රතික්ෂේප කරනු ඇතැයි එරට විද්වතුන් පවසන බවද අප පාඨකයෝ පවසති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
