News Category
From Date
To Date
Maximum Number of Result

13 සම්පූර්ණයෙන්ම බලාත්මක කරන බවට උතුරේදී පොරොන්දු දුන් සජිත් සහ අනුරට එරෙහිව ජාතික සංවිධානවල දැඩි විරෝධය (වීඩියෝ)

Jun 14, 2024 at 06:56 AM
|

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කරන බවට කිලිනොච්චියේදි  කරනු ලැබු ප්‍රකාශයට එරෙහිව  ඊයේ (13) කොළඹ විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිට දී දේශප්‍රේමි ජාතික බලවේගය සහ තවත් ජාතික සංවිධාන රැසක් දැඩි විරෝධතාවක්   දැක්වුහ.

 එහිදී දේශප්‍රේමි ජාතික පෙරමුණේ .ප්‍රධාන  ලේකම්  නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා මාධ්‍ය අමතමින් පවසා සිටියේ ජාතික සංවිධාන සැමදා කටයුතු කළේ රටේ ඒකීයභාවය රැකගැනීම උදෙසා බවත්, 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙරට දේශපාලන ස්වාධිපත්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරන ඉන්දියාවට, ශ්‍රී ලංකාව බෙදා වෙන්කර දුර්වල රාජ්‍යයක් බවට පත්කිරීමට ඇති උවමනාව මත ගෙන ආ දෙයක් බවත් ය.

මේ පිළිබඳව ඒ මහතා වැඩිදුරටත් දක්වා ඇති අදහස් මෙසේය,

  "අපි ඒ විරෝධතාව සජබේට විතරක් ලඝු කලේ නෑ. රනිල්ගේ එජාපය, ප්‍රතිපත්තියක් නැති රනිල්ගේ වල්ගේ එල්ලුණු පොහොට්ටුව, ජාතික ජනබලවේගය වගේම චම්පික රණවකගේ ජනරජ පෙරමුණත් සජිත් වගේම 13 එහාට යන බලය බෙදීමකට එකඟයි. රණවිරුවෝ ජීවිත පුදලා රැකගත්ත රටේ ඒකියබව ගැන හිතන මිනිස්සුන්ට තනි ඉරකින් වෙන් කර ගන්න පුළුවන් මේ කන්ඩායම. මේ සියලු දෙනා නිල් , රතු, කොල ,රෝස මොන පාටින් හිටියත් අද වෙනකොට සේවය කරන්නේ ලංකාව රාජ්‍යක් හැටියට දුර්වල කරන සිංහල ජනතාව සහ සුළු වාර්ගික කන්ඩායම් එකිනෙකාට වෛර කරවන ඉන්දියානු- ඇමරිකානු බෙදුම්වාදි ව්‍යාපෘතියටයි.   

අපේ මේ ප්‍රකාශයට උත්තර දෙන මාලිමාවේ පිරිස් කියන්නේ අනුර 13 දෙනවා කිවුවේ නෑ කියලා. පොහොට්ටුවට, එජාපයට , සජබෙට වගේම මාලිමාවේ අනුගාමිකයනුත් අන්ත වහල්ලු. දෙමළ සංධානය සමග යාපනයේදි තිබුණ සාකච්ඡාවෙන් පස්සේ අනුරගේ මේ වීඩීයෝවේ තියෙන මාධ්‍ය ප්‍රකාශය පැහැදිලිව අහන්න. වහල්බවින් මිදිලා දේශපාලනිකව අහන්න. 

අනුර පැහැදිලිව කියනවා ඔවුන් 2019 දි පළාත් සභා පිළිගත්තා කියලා. ඒ වගේම ඔහු කියනවා ව්‍යවස්ථාපිතව ඇතුලත් කරලා තියෙන ඒත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොකරන දේ අපි බලාත්මක කරනවා කියලා. මොනවද ව්‍යවස්ථාවේ තියෙන නමුත් බලාත්මක කරනවා කියන්නේ. ඉඩම් සහ පොලිස් බලතල. ඒ කියන්නේ 13 සම්පූර්ණයෙන්ම බලාත්මක කරනවා කියලා. අනුර සජිත්ට වඩා කපටියි. ඔහු වචන වලින් ඉඩම් සහ පොලිස් බලතල ගැන කියන්නේ නෑ. අනුර උතුරට කතා කරන ගමන් දකුණ ශේප් කරගන්න හැංගෙනවා. එතැනින් එහාට අනුර කියනවා අපි පළාත් සභාවෙන් ඔබ්බට යන්න ඕනේ කියල. පළාත් සභාවෙන් ඔබ්බට කියන්නේ වෙන මුකුත් නෙමේ 13 පල්ස් සහ ෆෙඩරල්.  ජව්පේ මේ ලණුව පහල සාමාජිකයන්ට ගිල්වලා තියෙන්නේ ඉතාම ප්‍රාථමික තර්කයක් එක්ක. 13 දැනටමත් ව්‍යවස්ථාවේ තියෙන නිසා කරන්න දෙයක් නෑ... විරුද්ධ වෙන්න දෙයක් නෑ කියලා. දැන් විධායක ජනාධිපතිධුරය 1978  ඉඳන් ව්‍යවස්ථාවේ තියෙනවා. ඇයි ජව්පේ විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්න මේ තරම් වලිකන්නේ. ව්‍යවස්ථාවේ තියෙනවා කියලා ඒ අකාරයෙන්ම භාර ගන්නේ නැතුව. ජව්පේ නායකයෝ දන්නවා අනුගාමික වහල් නඩයට ඒ තරම් තාර්කිකව හිතන්න බෑ ගිරා පෝතක න්‍යායෙන් වමාරනවා මිසක්.                                                    

13 වන  සංශෝධනය  ව්‍යවස්ථාවට ආවේ කොහොමද? 1977 දි ජේ.ආර් ජයවර්ධන ට  සරල බහුතර මැතිවරණයෙන් ලැබුණු 5/6 ක බලය කුප්‍රකට  ළාම්පු කළගෙඩි සෙල්ලමින් 1989 වෙන කන් කල් දාලා, ජව්පේ ඇතුළු පක්ෂ තහනම් කරලා, පාර්ලීමේන්තු මන්ත්‍රිවරුන්ගේ  දින රහිත ඉල්ලා අස්විමේ ලිපි අරගෙන , මන්ත්‍රිවරු කොළඹ හෝටල්වල ගාල් කරලා ප්‍රජාත්‍රන්තවාදය අමුඅමුවේ මරාදාලා ජේ.ආර් 13 ගෙනාවේ. ඒ විතරක් නෙමේ ඉන්දියානු ආක්‍රමණයට එරෙහිව ඉන්ඳියානු වඳුරු හමුදාව පන්නමු... මවුබිම නැත්නම් මරණය වෙනුවෙන් ටයර් සෑයවල් වල ජීවිතය පූජාකරපු ජවිපේ සහ දේශප්‍රේමි ජාතික ව්‍යාපාරයේ සාමාජිකයන්ගේ මිනීමතින් ජේ.ආර් 13 සම්මත කලේ. ඒ විතරක් නෙමේ, ගුවනින් පරිප්පු දාලා ඒක්සත් ජාතින්ගේ මූලධර්ම උල්ලංගණය කරලා ස්වෛරි රටක් හැටියට අපේ දේශසීමා උල්ලංඝනය කරලා ඉන්දියානු බලහත්කාරය මතයි 13 ව්‍යවස්ථාවට එකතු කලේ.                                     

අද ජවිපේ ව්‍යවස්ථාවේ ඇති නිසා 13 ට පක්ෂයි කියන්නේ එදා ජේ.ආර්ගේ ප්‍රජාත්‍රන්තවාදි මංකොල්ලයට අනුමත කරන නිසාද? ජිවිත පරිත්‍යාග කල ජව්පේ සාමාජිකයාගේ ජීවිත වලට වටිනාකමක් නැති නිසාද? එදා කතා කල ඉන්දියානු ව්‍යාප්තවාදය අද නැති නිසාද?       

1989 පළවෙනි පළාත් සභා මැතිවරණය වර්ජනය කල පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්වීම ද්‍රෝහියෙක් ලෙස මරණ වරෙන්තුවට ලක්වීමටත් චන්දය පාවිච්චි කල පළමු 10 දෙනාට හිස කපා ඉවත් කර වැට ඉන්නෙ ගහන  මරණ දඬුවම ලබාදීම ජව්පේ අද සාධාරණිකරණය කරන්නේ කෙසේද? 

මාලිමාවේ අනුගාමිකයකු වීමට  පෙර අවම වශයෙන් රෝහණ විජේවිරගේ "ජාතික ගැටලුවට අපේ විසඳුම " පොත කියවන්න. ඔහු පැහැදිලිව කියනවා දෙමළ ජනතාවගේ ස්වයං තීරණ කැරට් අලය පෙන්වා ලංකාව දුර්වල අස්‍ථාවර වාර්ගිකත්වයන් ඇණ කොටා ගන්නා රාජ්‍යයක් බවට පත්කර ගැනිමේ ඉන්දියානු  උපාය මාර්ගය ගැන.  ඉතාම පැහැදිලිව එජාපය, සජබෙය, ජනරජ පෙරමුණ , ශ්‍රි ලනිපය  සහ ජව්පේ ඇතුලු  කන්ඩායම් ඉන්දියානු අතකොළු බවට පත්ව අවසන්. පක්ෂයක වහලෙකු නොවී සැබැ දේශපාලන සත්වයකු වන්න. ඔබ සොයන විකල්පය ඇත්තේ පක්ෂ අච්චුවෙන් මිදුණ සැබෑ ජාතිකවාදි බලවේගයක් තුල පමණි. "

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක හා ටී.එන්.ඒ පක්ෂයේ නියෝජිතයන් අතර යාපනයේ දී සිදුවූ හමුවේ වීඩියෝව පහළින්...

සම්බන්ධිත පුවත් | Related News

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.
සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි ගැසට් කර තිබේ.
රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.
ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.
ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

ප්‍රධාන පුවත්

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.