News Category
From Date
To Date
Maximum Number of Result

රුසියානු දිනය යනු අපේ පරම්පරාවේ විශිෂ්ට ජයග්‍රහණ සහ අපගේ පූර්වගාමී පරම්පරාවන්ගේ ජයග්‍රහණ සිහිපත් කරන දිනයයි - ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවන් එස් දගාරියන් මහතාගේ රුසියානු දින පණිවිඩය

Jun 12, 2024 at 04:33 PM
|

අදට යෙදී ඇති (ජුනි 12) රුසියානු දිනය යනු රුසියානු ආර්ථිකයේ සාර්ථක සංවර්ධනයක් අරමුණු කර ගනිමින් සමාජ ආරක්ෂාව වැඩිදියුණු කිරීම, රුසියානු සමූහාණ්ඩුවේ ජනතාව අතර මිත්‍රත්වය තහවුරු කිරීම, ජාත්‍යන්තර තලයේ තම ස්ථාවරය ශක්තිමත් කිරීම සංකේත්වත් කරන දිනය මෙන්ම තම පරම්පරාවේ විශිෂ්ට ජයග්‍රහණ සහ තමන්ගේ පූර්වගාමී පරම්පරාවන්ගේ ජයග්‍රහණ සිහිපත් කරන දිනය බව  ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ගරු ලෙවන් එස් දගාරියන් මහතා පවසයි.

රුසියානු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින්  ඒ මහතා පවසන්නේ යුක්රේන ප්‍රශ්නය සම්බන්ධයෙන් බටහිරයන්ගේ මතයට ශ්‍රී ලංකාව නැඹුරු කරවීමට කුමන බලපෑම් සහ ප්‍රයත්න දැරුවද යුක්රේන ප්‍රශ්නය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉන්නා සමබර ස්ථාවරය  ගැඹුරින් අගය කරන බවත්, රුසියාව සහ ශ්‍රී ලංකාව වෙළෙඳ, ආර්ථික, සංස්කෘතික, අධ්‍යාපනික, මානුෂීය සහ සංචාරක සබඳතා පුළුල් කරමින් සිටින බවත් ය.

රුසියානු දිනය නිමිත්නේ ඊයේ(11) දින කොළම 03 ගෝල්ෆේස් හෝටල් පරිශ්‍රයේ දී විශේෂ උත්සවයක් පැවති අතර, මේ සඳහා මෙරට හිටපු ජනාධිපතිවරු වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඇතුළු දේශපාලන නායකයන් රැසක් මෙන්ම රුසියාවට හිතවාදී වෙනත් තානාපති කාර්යාලවල නිලධාරීන් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරුද එක්ව සිටියහ.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති තුමාගේ රුසියානු දින පණිවිඩය පහළින්...

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ගරු ලෙවන් එස් දගාරියන් මහතාගේ රුසියානු දින පණිවිඩය 

ජුනි 12 වන දිනය හෙවත් රුසියානු දිනය අපි අපේ රටවන රුසියාවේ වඩාත් වැදගත් ජාතික නිවාඩු දිනයක් ලෙස සමරන්නෙමු. 

මෙම දිනය එහි මූලික පරිවර්තනය සිදුවීමේ ආරම්භක අවස්ථාවන් සිහිපත් කරන අතරම රුසියාව මුහුණ දෙන දුෂ්කරතා වල ස්වභාවය නොසලකා රුසියාවට දුෂ්කරතා ජය ගැනීමට ඇති හැකියාව නැවත වරක් ඔප්පු කර ඇත.

සහස්‍ර ගණනාවක ඉතිහාසයක්, අද්විතීය උරුමයක් සහ සංස්කෘතියක් ඇති රුසියාව, ජාතීන්, ආගම් සහ භාෂා රාශියක් එක්සත් කිරීම සමරමින් මෙම දිනය රුසියානු ජනතාව ප්‍රබල දේශප්‍රේමී හැඟීම් සහ මාතෘ භූමියට ගරු කිරීම පිළිබඳව අභිමානය ප්‍රකාශ කරමින් ප්‍රීති වෙති.

ලොව පුරා සිටින රුසියානුවන් රුසියාව මුහුණ දුන් සමහර තීරණාත්මක කාලවකවානු සහ දරුණු පරීක්ෂාවන් හරහා පියමං කර ඇත. නමුත් රුසියානු ජනතාව සියලු අභියෝගවලට අභිමානයෙන් සහ ගෞරවයෙන් යුතුව මුහුණ දීම විශේෂයෙන් දැක ගත හැක. ජූනි 12 යනු අනාගතය ඉලක්ක කරගත් රුසියාවක් වන අතර රුසියානු ආර්ථිකයේ සාර්ථක සංවර්ධනයක් අරමුණු කර ගනිමින් සමාජ ආරක්ෂාව වැඩිදියුණු කිරීම, රුසියානු සමූහාණ්ඩුවේ ජනතාව අතර මිත්‍රත්වය තහවුරු කිරීම, ජාත්‍යන්තර තලයේ තම ස්ථාවරය ශක්තිමත් කිරීම සංකේත්වත් කරන දිනය මෙන්ම අපේ පරම්පරාවේ විශිෂ්ට ජයග්‍රහණ සහ අපගේ පූර්වගාමී පරම්පරාවන්ගේ ජයග්‍රහණ සිහිපත් කරන දිනයයි.

නූතන ලෝකය ද ගැඹුරු පරිවර්තනයකට භාජනය වෙමින් පවතී. යුක්රේන භූමියේ රුසියාව සිදුකරන විශේෂ මිලිටරි මෙහෙයුමේ ආරම්භය රුසියාවේ ආරක්ෂක උත්සුකයන් පිළිබඳව බටහිරයන් විසින් දැක්වූ නිර්දය නොදැනුවත්කම සහ බටහිරයන් විසින් රුසියාවේ ආරක්ෂක උත්සිඋකයන් වෙනුවෙන් කළයුතු කැපවීම් අත්හැර දැමීම හේතුවෙන් කළ ප්‍රතිචාර දැක්වීමකි. තවත් විදියකින් පවසන්නේ නම් එය රුසියානු සමූහාණ්ඩුවේ පුරවැසියන් ඇතුළු ඩොන්බාස්හි සිවිල් වැසියන්ට එරෙහිව කියෙව් පාලන තන්ත්‍රය විසින් සිදු කරන ලද ජන සංහාරයට ප්‍රතිචාරයකි. රුසියාව කරනු ලබන මෙහෙයුම යුක්රේනයේ සිවිල් වැසියන්ට එරෙහිව එල්ල වූවක් නොවේ. ඉලක්කය වන්නේ යුක්රේනය නිර්-හමුදාකරණය සහ නිර්නාසිකරණය කිරීම මෙන්ම ලේවැකි අපරාධ රාශියක් සිදු කළ අයව අධිකර්නය හමුවට ගෙන ඒමයි. යුක්රේනය සහ යුක්රේන ජනතාව රුසියාව අස්ථාවර කිරීමේ බටහිර ප්‍රතිපත්තියේ මෙවලමක් බවට පත් කර ඇත. අපගේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් පෙන්වා දෙන ලද රුසියාවේ සියලු අරමුණු ඉටු වන තුරු මෙම මෙහෙයුම පවතිනු ඇත. අපි ඉල්ලා සිටින හේතුව සාධාරණ ඉල්ලීමකි. අපි මෙහියුම ජයගන්නෙමු. එහි කිසිදු සැකයක් නැත.

රුසියානු-ශ්‍රී ලංකා සබඳතා රටවල් දෙකක් අතර පැවතිය හැකි අවංක මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය අවබෝධය සඳහා හොඳ උදාහරණයක් සපයයි. වැදගත් විදේශ ප්‍රතිපත්ති ප්‍රශ්න සම්බන්ධයෙන් අපගේ රාජ්‍යන් දෙකටම සමාන ප්‍රවේශයන් ඇත. නාසිවාදය උත්කර්ෂයට නැංවීම, අභ්‍යවකාශයේ අවි තරඟයක් වැළැක්වීම, ජාත්‍යන්තර තොරතුරු ගලායාමේ ආරක්ෂාව, ආයුධ පාලනය, නිරායුධකරණය සහ ආයුධ ප්‍රගුණනය නොකිරීම ප්‍රවර්ධනය කිරීමේ අපගේ ප්‍රයත්නයන් ඇතුළුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී රුසියාවේ මුල පිරීම්වලට ශ්‍රී ලංකාව සහාය දක්වයි. රුසියාව, සෑම විටම ජාත්‍යන්තර වේදිකාවල, විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට සහාය ලබා දී ඇත. තවද, ඇත්ත වශයෙන්ම, යුක්රේන ප්‍රශ්නය සම්බන්ධයෙන් බටහිරයන්ගේ මතයට ශ්‍රී ලංකාව නැඹුරු කරවීමට කුමන බලපෑම් සහ ප්‍රයත්න දැරුවද යුක්රේන ප්‍රශ්නය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉන්නා සමබර ස්ථාවරය අපි ගැඹුරින් අගය කරමු.

රුසියාව සහ ශ්‍රී ලංකාව වෙළෙඳ, ආර්ථික, සංස්කෘතික, අධ්‍යාපනික, මානුෂීය සහ සංචාරක සබඳතා පුළුල් කරමින් සිටී. අපේ රට තවමත් ලංකා තේ ආනයනය කරන ප්‍රධාන රටකි. ශ්‍රී ලංකාව රුසියානු සංචාරකයින්ගේ ප්‍රධාන ගමනාන්තයක් බවට පත්ව ඇත. විවේකය ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් අතර අපගේ පුරවැසියන් ප්‍රමුඛ ස්ථානයක සිටී.

රුසියානු උසස් අධ්‍යාපනය එහි උසස් තත්ත්වයේ ප්‍රමිතීන් සඳහා ලොව පුරා ඉහළින්ම ශ්‍රේණිගත කර ඇත. පසුගිය දශක හය තුළ ශ්‍රී ලාංකික පුරවැසියන් දහස් ගණනක් රුසියාවේ සහ සෝවියට් සංගමයේ උසස් අධ්‍යාපනය ලබා ඇත. බොහෝ උපාධිධාරීන් ඔවුන්ගේ අනුරූප වෘත්තීය ක්ෂේත්‍රවල සැලකිය යුතු තනතුරු කරා ළඟා වූ අතර, ඉහළ පෙළේ නිලධාරීන්, ප්‍රමුඛ ව්‍යාපාරිකයන් සහ විවිධ ක්ෂේත්‍රවල ඉහළ මට්ටමේ විශේෂඥයින් බවට රුසියාවේ උපාධිධාරින් පත්ව තිබේ.

 මේ වසරේ ශ්‍රී ලංකාව ජනාධිපතිවරණයකට මුහුණ දීමට සූදානමින් සිටී. රුසියාව කිසි විටෙකත් ශ්‍රී ලංකා රජයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වී නැත. කෙසේ වෙතත්, සියලු කටයුතු සාමකාමී ආකාරයට සිදු වනු ඇතැයි අපි බලාපොරොත්තු වන අතර  ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සහ සෞභාග්‍යයේ වර්ධනයන් තවදුරටත් වැඩිදියුණු කිරීමටත් අපි බලාපොරොත්තු වෙමු. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නොතකා නව රජයක් එහි ස්වාධීන මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය අනුගමනය කරමින් රුසියාව සමඟ මිත්‍ර සබඳතාවල අඛණ්ඩ පැවැත්ම ආරක්ෂා කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

රුසියාව සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය දිගුකල් දිනේවා!

MESSAGE BY H.E. MR. LEVAN DZHAGARYAN, 
RUSSIAN AMBASSADOR TO SRI LANKA

On June 12 we celebrate one of the most important national holidays in our country – Russia Day. This date commemorates the beginning of its fundamental transformation through which it has proved once again its capability to overcome difficulties regardless of their nature.

On this day the Russian people rejoice over strong patriotic sentiments and respect for the Motherland, a country with a millennia-long history, unique legacy, and culture, which has united a multitude of peoples, religions and languages.

Russians around the world have been going through some critical times and severe trials. But our people are meeting all challenges with dignity and honour. June 12 symbolizes a future-oriented Russia, successful development of its economy, improvement of social security, consolidation of the friendship between the peoples of the Russian Federation, strengthening of its position on the international arena as well as reminds of great victories and accomplishments of many generations of our predecessors.

The modern world is also undergoing deep transformation. The start of the Special military operation in Ukraine was a response to the blatant ignorance by the West of security concerns of Russia, and the abandonment by the West of its commitments. It is also a response to the genocide perpetrated by the Kiev regime against civilians in Donbass, including citizens of the Russian Federation. The operation is not aimed against civilians in Ukraine. The goal is to demilitarize and denazify Ukraine, as well as bring to trial those who perpetrated numerous  bloody crimes. Ukraine and the Ukrainian people have been turned into an instrument of Western policy to destabilize Russia. This operation will last till all its aims, pointed by our President Vladimir Putin, are reached. Our cause is just, and we will win. No doubt.

The Russian-Sri Lankan relations provide a good example of sincere friendship and mutual understanding that can exist between two countries. Our states have similar approaches to important foreign policy issues. Sri Lanka supports Russia’s initiatives at the UN General Assembly, including resolutions on countering the glorification of Nazism, the prevention of an arms race in outer space, backs up our efforts to promote international information security, arms control, disarmament, and non-proliferation. Russia, in its turn, has always supported Sri Lanka in all international fora, particularly in the United Nations Human Rights Council. And, of course, we deeply appreciate its balanced position on the Ukrainian issue despite all the pressure and efforts to incline Sri Lanka to Western side of the conflict.

Russia and Sri Lanka are expanding trade, economic, cultural, educational, humanitarian and tourism ties. Our country remains one of the major importers of Ceylon tea. Sri Lanka has become one of the main destinations for Russian tourists. Our citizens are on the leading positions among travelers arriving to Sri Lanka for vacations.

Russian higher education is rightfully top rated worldwide for its high quality standards. Thousands of Sri Lankan citizens have got higher education in Russia and USSR throughout the last six decades. Many graduates reached significant positions in their corresponding professional areas, became high ranking officials, prominent businessmen and top level specialists in various fields. 

 This year Sri Lanka is to come through presidential elections. Russia has never meddled in the Republic’s internal affairs. However, we voice the hope that they will pass in a peaceful manner and will promote further enhancement of stability and growth in prosperity in Sri Lanka. And we expect that regardless of their results a new government will follow-up its independent neutral foreign policy and preserve the continuity in friendly relations with Russia.

Long live friendship between Russia and Sri Lanka!








සම්බන්ධිත පුවත් | Related News

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.
බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.
වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.
රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.
සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.
චීන ජනාධිපති ෂී ජින්පිං එළැඹෙන සතියේ උතුරු කොරියාවේ නිල සංචාරයක නිරත වන බව දෙරටම අද (5) නිල වශයෙන් නිවේදනය කර ඇත.

ප්‍රධාන පුවත්

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..

දකුණේ සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගනිමින් වර්ග සංහාරයක් සිදුකර ඇති බවත්, එය ආරම්භ වූයේ උතුරට එරෙහිව නොව දකුණට එරෙහිව බවත් ජීවනිත පීරිස් පියතුමා පවසයි.

භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

මහා භාණ්ඩාගාරයේ සිදුවූ අපකීර්තිමත්ම මංකොල්ලය ඩො.මි. 2.5 ක මුදල තුන්වන පාර්ශවයක් අතට පත්වීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවේ කිසිදු සදහනක් නොවේ යයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා

රට තුළ අවශ්‍ය තරම් සහල් සහ වී සංචිත පවතිද්දී නැවත සහල් ආනයනය කිරීමට කටයුතු කළහොත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහට ගමට එන්න ඉඩ නොතබන බවට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් අනතුරු අඟවයි.

ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

'ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ. 2026 ජනවාරි 1 දාට භාණ්ඩාගාරයේ මුදල් ශේෂය රු.මිලියන 915 යි. 2024 දෙසැ. 31 වෙනිදා වන විට රු.බිලියන 805 ක් භාණ්ඩාගාරයේ මුදල් ශේෂය තිබුණා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙදර යවන කොට බිලියන 800 ක් තිබුණා. මේ ආණ්ඩුවේ පළමු අවුරුද්ද තුල භාණ්ඩාගාරයේ මුදල් ශේෂය වැඩිවුනේ රුපියල් බිලියන 110 කින් විතරයි' යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක හටගත් ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්

පාස්කු ප්‍රහාරය විමර්ශන වලදී ISIS ත්‍රස්තයන් පිටුපස නොයා ගෝඨාභය සහ සුරේෂ් සලේ පිටුපස යාමෙන් පෙනෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මෙම පාස්කු ප්‍රහාරය ගෝඨාභයගේ පිට දැමීමට දරණ නින්දිත උත්සාහයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.