හමාස් සංවිධානය එක්සත් ජනපදය සපයන යුද අවි භාවිතා කරනවා - CIA සංවිධානයේ හිටපු යුද විශ්ලේෂක
බටහිර ජෙරුසලමට මිලිටරි ආධාර වැඩි කිරීමට වොෂින්ටනය සූදානම් වන මොහොතේ පවා හමාස් සංවිධානයට ඊශ්‍රායලයට පහර දීමට එක්සත් ජනපදය විසින් සපයන ලද ආයුධ භාවිතා කරන බව සීඅයිඒ සංවිධානයේ හිටපු විශ්ලේෂක ලැරී ජොන්සන් පසුගිය 09 වනදා රුසියානු RT වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් පැවසීය.
“යුද අවි එක්සත් ජනපදය විසින් සපයන ලද ඒවා බව 100% කම විශ්වාසයි,” ජොන්සන් අදහස් දක්වමින් පැවසුවේය." නමුත් එකම ප්‍රශ්නය වන්නේ පලස්තීන සටන්කාමී කණ්ඩායමට ආයුධ පැමිණ ඇත්තේ යුක්රේනය, ඇෆ්ගනිස්ථානය හෝ බටහිර පලස්තීන අධිකාරියට ලබා දුන් අමෙරිකානු අවි වලින් හොර පාරේ පැමිණි ඒවාද කියායි.
පසුගිය වසර දෙක තුළ එක්සත් ජනපදයෙන් යුක්රේනයට ලබා දුන් ඩොලර් බිලියන ගනනක ආයුධ සහ මූල්‍යමය ප්‍රතිපාදන මත “ඵලදායි පාලනයක් නොමැති” බව සඳහන් කළ ජොන්සන්, යුක්රේනයට ඊශ්‍රායලය විසින් සපයන ලද ආයුධ පවා කළු වෙළෙඳපොළ හරහා හමාස් සංවිධානය වෙත පහසුවෙන් ලැබීමට ඉඩ ඇති බව පෙනවා දුන්නේය. ගාසා තීරයේ ඇදී යන යුද්ධය සැලකිල්ලට ගනිමින් "එම සමහර ආයුධ සැපයුම් කෙතරම් විශාල වී ඇත්දැයි අපට පෙනෙනවා." ඔහු පැවසුවේය.
"මැදපෙරදිග කළාපයේ වර්ධනය වන ගැටුම යුක්රේනයට ලබා දී ඇති වොෂින්ටනයේ හිස් චෙක්පත නැවත ඇගයීමට බල කරනු ඇත" හිටපු යුද විශ්ලේෂකයා අනාවැකි පළ කළේය. "කොංග්‍රසය අවධාරණය කිරීමට යන්නේ ඊශ්‍රායලය රේඛාවේ ඉදිරියෙන් සිටින බවත් යුක්රේනය රේඛාවේ පිටුපසට යා යුතු බවත්ය. එය යුක්රේනයට තවත් ආයුධ ලබා ගැනීමට ඉඩ දීමේ ක්‍රියාවලිය ධෛර්යමත් කිරීම සිදු කරනු ඇත." ඔහු අවධාරණය කළේය.
"යුක්රේනය තම භූමියේදීම පරාජයට පත්වන බව" සඳහන් කරමින්, එක්සත් ජනපදය තම මැද පෙරදිග කළාපීය සගයාට ප්‍රමාණවත් ආයුධ සහ මුදල් සැපයීමට අපොහොසත් වුවහොත්, " ඊශ්‍රායලයේ ඉරණම ඉදිරි සතිවලදි මාධ්‍යවල නිරූපණය වනු ඇත" යනුවෙන් ඔහු අනාවැකි පළ කළේය. Ex-CIA analyst ‘100% sure’ Hamas using US-supplied weapons https://www.rt.com/news/584665-hamas-weapons-ukraine-israel-johnson/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..