
රටට විනාශය කැඳවීමේ දී රනිල් සහ සජිත් අතර වෙනසක් නැහැ - 13 බලාත්මක කිරීමට ජේ.ආර්ටවත්, ආර්. ප්‍රේමදාසටවත් ධෛර්යයක් තිබුනේ නැහැ
කිලිනොච්චියේ පසලක පැවැත් වූ උත්සවයක දී, තමාගේ ආණ්ඩුවක් යටතේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකර ඇති ප්‍රකාශය පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමිසන ලදී.
මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා දැක්වූ අදහස් ඔහුගේ වචනයෙන්,
"රටට විනාශය කැඳවීමේ දී රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර වෙනසක් නැති බව ඔහුගේ මෙම ප්‍රකාශයෙන් තවදුරටත් ඉතා හොඳින් පැහැදිලි වෙනවා.
2002 දී සහ 2015 සිට රනිල් වික්‍රමසිංහ මහතා බෙදුම්වාදීන් සතුටු කිරීම සඳහා ගනුලැබූ සෑම ක්‍රියාමාර්ගයක දීම ඔහු සහාය දැක්වුවා. ඔවුන් දෙදෙනා අතර ව්‍යාජ පුද්ගලික ප්‍රශ්නයක් මිස ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් නැහැ. ඔහුගේ පියා ආර්. ප්‍රේමදාස මහතා ඉන්දු - ලංකා ගිවිසුමට විරුද්ධ වූ අයෙක්. ඔහු 13 සම්පූර්ණයෙන් බලාත්මක කිරීම සඳහා කිසිඳු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. ජේ. ආර් පවා 13 බලාත්මක කිරීම වෙනුවට ඊට බාධා කිරීමට තමයි කටයුතු කළේ. දැන් 13 සම්පූර්ණයෙන් බලාත්මක කරන බවට රනිල් - සජිත් අප්‍රකාශිත බෙදුම්වාදී සන්ධානය ප්‍රකාශ කරනවා. රටට ආදරය කරන ජාතික බලවේග මේ තත්ත්වය තේරුම්ගන්න ඕන. අනාගත රනිල් - සජිත් සන්ධානය පරාජය කිරීමට පෙළගැසිය යුතුයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
