
බාල බෙහෙත් හදන්න බැංකුව ලේ විකුණලා - විගණන වාර්තාවකින් එළියට
තත්ත්වයෙන් බාල ඖෂධ නිපදවීම සඳහා රුධිර බැංකුව මගින් රුධිර ප්ලාස්මා නිසි ක්‍රමවේදයෙන් තොරව මුදලට අලෙවි කර ඇති බව විගණකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක දැක්වේ.
ප්‍රශ්නගත හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් නිෂ්පාදනය කිරීම සඳහා අදාළ සැපයුම්කරුගේ ඉල්ලීම මත මෙලෙස රුධිර ප්ලාස්මා ලබාදී ඇතැයි ද එම වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
රසායනාගාර පරීක්ෂණ මගින් ද තහවුරු නොකළ රුධිර ප්ලාස්මා මෙලෙස බාහිර පාර්ශ්වයන් වෙත ලබාදීමට කටයුතු කර ඇතැයි ද විගණන වාර්තාව පෙන්වා දෙයි.
හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිර්දේශ මත රුධිර බැංකුවේ අධ්‍යක්ෂවරයා විසින් මේ අන්දමට නීත්‍යනුකූල නොවන ක්‍රම යටතේ විටින්විට රුධිර ප්ලාස්මා ලබාදී ඇති බවත් මේ හරහා ඖෂධ නියාමන අධිකාරි පනත බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බවත් අදාළ වාර්තාව මගින් විගණකාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
ජනතාවගේ රුධිරය පූර්ව අවසරයකින් තොරව මුදලට විකිණීමට කටයුතු කර ඇති රුධිර බැංකුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු අදාළ කමිටු සාමාජිකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා වෘත්තීය හා සිවිල් සංවිධාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇත.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
