
ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කළ සියලු සංශෝධන ඇතුළත් කර විදුලිබල පනත සම්මත කළත් විදුලිබල මණ්ඩලය කෑලිවලට කඩා විකිණීම නතර වන්නේ නැහැ - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම
විදුලිබල පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය පෙත්සම්කාර පර්ශ්වයේ ඇතමුන් කරුණු ඉදිරිපත්කර තිබුනේ විදුලිබල මණ්ඩලය විකිණීමට එරෙහිව නොව තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් තහවුරුකර ගැනීම සඳහා පමණක් බව ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.
ජාතික සංවිධාන එකමුතුව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදෙන්නේ ඉදිරිපත්කර තිබෙන කරුණුවලට අනුව බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විදුලිබල පනත පිළිබඳව තීන්දුව ලබාදී තිබුනේ ඉදිරිපත්කර තිබූ කරුණු අනුව බවත්, පෙත්සම්කරුවන් විසින් විදුලිබල මණ්ඩලය කෑලිවලට කඩා විකිණීම පිළිබඳව එහි කරුණු සඳහන් කර තිබීමක් එම තීන්දුව නිරීක්ෂණය කිරීමේ දී තමන් නොදුටු බවත් ය.
මාලිමාව වැනි පක්ෂයක් අද විදුලිබල මණ්ඩලය කෑලිවලට කඩා විකිණීමට යාමේ දී ඒ පිළිබඳව කතා නොකරන බවද, එයට එරෙහිව ලක්ෂ ගණනින් ජනතාව ගෙනවිත් උද්ඝෝෂණය නොකරන බවද පවසන ඒ මහතා, ඔවුන් සිටින්නේ කොතනදැයි ජනතාව තේරුම්ගත යුතු බවද සඳහන් කරයි.
ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කළ සියලු සංශෝධන ඇතුළත් කර මෙම පනත සම්මත කළත් විදුලිබල මණ්ඩලය කෑලිවලට කඩා විකිණීම නතර වන්නේ නැති බවද කල්‍යානන්ද තිරාණගම මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
