
විදුලිබල පනතට අත උස්සා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් තමන්ගේ අතින්ම තම මිනී පෙට්ටියේ අන්තිම ඇණය ගසාගත්තා - වෛද්‍ය වසන්ත බණ්ඩාර
ආණ්ඩුව මේ වන විට මෙරට ආර්ථික කලමණාකරණය කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළීමට නැතෙහාත් අත්තනෝමතික ලෙස ඒකාධිපතිකරණය කිරීමට පනත් 4ක් ගෙනවිත් ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ජාතික සංවිධාන එකමුතුව මගින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්මෙින් ඒ මහතා පැවසුවේ ඉන් එක් පනතක් වන රාජ්‍ය ණය කලමණාකරණ පනත මගින් ජනාධිපතිවරයාට මුදල් ඇමැතිවරයා ලෙස හිරේ නොයා, නඩු නොවැටී ඕනෑම ආකාරයකින් බැඳුම්කර නිකුත් කිරීමට මෙන්ම ඕනෑම ආකාරයක බැඳුම්කර මගඩියක් සිදුකිරීමට හැකියාව ලැබෙන බවයි.
එමෙන්ම ගෙනවිත් ඇති අනෙක් පනත වන රාජ්‍ය මුදල් කලමණාකරණ පනත මගින් අවුරුදු 5ක කාලයකට ජනාධිපතිවරයාට කැමැති ආකාරයකට රාජ්‍ය මුදල් ප්‍රතිපත්තිය හා ආර්ථික උපායමාර්ගික සැලසුම් තීන්දු කිරීමට හැකි බව මෙහිදී වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙන ලදී.
අනෙක් පනත වන ආර්ථික පරිවර්තන පනත හරහා රටේ ඕනෑම සම්පතක් විදේශීය සමාගම්වලට තමන්ගේ දේපළක් ලෙස විකුණා දැමීමට හැකි බවත් පවසන ඒ මහතා, ඉන් අනතුරුව ගෙන ආ විදුලිබල පනත ගෙන එනු ලැබූවේ විදුලිබල මණ්ඩලය කොටස් 14කට කඩා විදේශීය සමාගම්වලට විකුණා දැමීමේ අරමුණින් බවද සඳහන් කරයි.
මෙම විදුලිබල පනත ගෙනවිත් ඇත්තේ එම විදේශීය සමාගම්වලට ලාභ ඉපයිය හැකිවන පරිදි මිස මෙරට මහජන සේවාව සහතික වන අයුරින් නොවන බවද පෙන්වා දෙන වසන්ත බණ්ඩාර මහතා, ශ්‍රේෂ්ඨාධිකරණය කුමන තීන්දුවක් ලබාදුන්න ද එම තීන්දු නොසලකා හරිමින් වචන හරඹවලින් මෙම පනත් සම්මත කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවත් සඳහන් කරයි.
1969 සිට විදුලිබල මණ්ඩලය මේ දක්වා මෙරට මහජන සේවාවක් ලෙස පවත්වාගෙන ගිය බවත්, ලාභ ඉපයීම එහි පරමාර්ථය නොවූ බවත්, කුමන දුර්වලතාවන් තිබුනද විදුලිය ලබාගන්නා ප්‍රතිශතය ඉහළ අගයකට ගෙන ඒමට විදුලිබල මණ්ඩලය සමත්වූ බවත් වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පැවසීය.
එම ආයතනයේ වංචා, දූෂණ තිබුනද, ඒවා නිවැරදිකර ගනිමින් මහජන සේවයක් සේ සලකා ශක්තිමත් කරනවා වෙනුවට කෑලි 14කට කඩා තමන්ගේ හිතවත් ඉන්දියානු සමාගම්වලට විකුණා දැමීමේ අරමුණින් ආණ්ඩුව මෙම පනත ගෙන ආ බවද ඒ මහතා මෙහිදී චෝදනා කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා මෙම පනත මුලින්ම ගෙන ආවේ 2002 වසරේ දී බවත්, එදා ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා තනියම සටන්කර එම උත්සාහය පරාජය කළ බවත් පවසන වසන්ත බණ්ඩාර මහතා, රනිල් වික්‍රමසිංහ මහතා එය නැවත වටයකින් ගෙන ආ විට පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරුන් තමන්ගේ ජනවරමට පිටුපා එයට අත උස්සා ඇති බවත් සඳහන් කරයි.
පසුගිය කාලයේ දී මහජනයාට විදුලි බිල ගෙවා ගෙනීමට නොහැකිවූ විට ලක්ෂ 28කට රතු බිල් නිකුත් කළ බවද, ලක්ෂ 13කගේ විදුලිය කපාහැරිය බවද, මෙම මහා පාවාදීම මගින් මෙරට ජනයාගෙන් හරි අඩකට වඩා විදුලිය පරිභෝජනයට ඉදිරියේ දී ඉඩ නොලැබෙන බවද ඒ මහතා පෙන්වා දෙන ලදී.
මෙය මහජනයාගේ මූලික අයිතිවාසිකම් ඉතා දුෂ්ඨ ලෙස බිඳ දැමීමක් බවත් පවසන ඒ මහතා, විදුලිබල මණ්ඩලය කෑලිවලට කඩාදැමූ පසු ආණ්ඩුවක් තවදුරටත් අවශ්‍ය නොවන බවත් සඳහන් කරයි.
රටේ ජනතාවගෙන් 50%කට පමණ විදුලිය අහිමි කරමින්, ජාතික ආරක්ෂාව අනතුරට දමමින් විදේශීය සමාගම්වලට එය තීන්දු කිරීමට හැකිවන තැනට පත්වුවහොත්, රටේ බලශක්ති සුරක්ෂිතතාව, රටේ ස්වෛරීභාවය අනතුරේ වැටෙන බවත් පෙන්වාදෙන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා, මෙය සියදිවි නසාගැනීමේ පනතක් බවත්, පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් තමන්ගේ අතින්ම තම මිනී පෙට්ටියේ අන්තිම ඇණය ගසා ගැනීමක් බවත් වැඩිදුරටත් සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
