රුසියානු ඩ්‍රෝන යානා ප්‍රහරයකින් තවත් යුක්‍රේන ජෙට් යානයක් විනාශයි
රුසියානු යුද වාර්තාකරු ඇන්ඩ්‍රේ රුඩෙන්කො ගේ (Andrey Rudenko) නවතම යුද වර්තාවකට අනුව රුසියානු ගුවන් හමුදාවට අළුතින්ම එක්වී ඇති ලැන්සෙට් ( Lancet ) ඩ්‍රෝන යානයක්, යුක්‍රේන ගුවන් හමුද කඳවුරක ස්ථානගත කර ඇති Su-25 ප්‍රහාරක ජෙට් යානයක නියමු කුටියට සෘජුවම පහර දී විනාශ කිරීමට සමත්ව තිබේ.
ඇන්ඩ්‍රේ රුඩෙන්කො ඊයේ (11 ) ඔහුගේ ටෙලිග්‍රාම් සමාජ ගිනුමෙහි ඩ්‍රෝන ප්‍රහාරයේ කෙටි වීඩියෝවක්ද පල කර තිබුණි. ප්‍රහාරය යුක්‍රේනයේ ක්‍රිවෝයි රොග් නගරයට ආසන්න ඩොල්ජින්ට්සෙවෝ ගුවන් තොටුපළේදී සිදු කර ඇත. වෙනත් නිරීක්ෂණ ඩ්‍රෝන යානයක සවි කර තිබූ කැමරාවක රූගතවී ඇති දර්ශනවල දැක්වෙන්නේ කඳවුරේ නවතා ඇති යුක්‍රේන ප්‍රහාරක ජෙට් යානය වෙතටගමන් කරන බෝම්බය ප්‍රහාරක ජෙට් යානයේ නියමු කුටියටම එල්ල වන ආකාරයයි.
“මෙම ප්‍රහාරය විශේෂ ප්‍රහාරයක් වන්නේ යුක්රේන ප්‍රහාරක යානය කිලෝමීටර් 120 ක් දක්වා පරාසයක් සහිතව වැඩිදියුණු කළ ඩ්‍රෝන යානා මගින් විනාශ කර ඇති බැවිනි,” රුඩෙන්කෝට අනුව යුක්‍රේන ප්‍රහාරක ජෙට් යානය විනාශ වන්නේ රුසියාව අළුතින්ම නිෂ්පාදනය කර ඇති කිලෝ මීටර 120ක දුරක් දක්වා ගමන් කළ හැකි ප්‍රහාරක අවියකිනි. මෙම ප්‍රහාරය පසුගිය මාසයේ අග භාගයේදී වීඩියෝ පටයක සටහන්ව තිබූ ලැන්සෙට් ඩ්‍රෝන යානයක් මගින් එම ගුවන් තොටුපලේදීම නවතා තිබූ යුක්‍රේන MIG-29 ජෙට් යානයක් සාර්ථකව විනාශ කරන ආකාරයට බොහෝ සෙයින් සමාන වේ . මොස්කව් හමුදා මෑත කාලයේ දී " kamikaze UAV " ඩ්‍රෝන යානා වල පරාසය දීර්ඝ කිරීම සඳහා වැඩි දියුණු කිරීම් සිදු කර ඇති අතර, එම යානා වලට දුරස්ථ කඳවුරු වෙත ලංවී ප්‍රහාර එල්ල කිරීමට හැකියාව ලැබේ.
Kalashnikov සමාගමේ අනුබද්ධිත Zala Aero සමාගම විසින් වැඩි දියුණු කරන ලද, " Lancet " ඩ්‍රෝන යානා වල ප්‍රභේද දෙකක් දැනට රුසියානු හමුදා විසින් භාවිතා කරනු ලැබේ. කුඩා මාදිලියේ " Lancet " ඩ්‍රෝන යානා වලට පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1ක් රැගෙන විනාඩි 30ක් පියාසර කළ හැකි අතර විශාල මාදිලියකට කිලෝග්‍රෑම් 3ක් රැගෙන විනාඩි 40ක් පියාසර කළ හැකිය.
යානා දෙකම කිලෝමීටර 40ක පමණ පරාසයක් තුළ ක්‍රියාන්විත කළ හැකි යැයි විශ්වාස කළ ද සමාගම මෑතකදී “Lancet " ඩ්‍රෝන යානවල දෘඩාංග සහ මෘදුකාංග සංකීර්ණයේ නවෝත්පාදන ගණනාවක් කර ඇතැයි නිවේදනය කළේ වැඩිදියුණු කිරීම් “සෘජු ගුවන්විදුලි දෘශ්‍යතාවෙන් ඔබ්බට දිගු දුර ප්‍රහාර සක්‍රීය කරන බව” පවසමිනි. ”
https://www.rt.com/russia/584623-russian-drone-ukrainian-jet/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..