හමාස් ප්‍රහාරයකට සූදානම් වන බවට ඊජිප්තු ඔත්තුසේවා ඊශ්‍රායලයට කළින්ම දන්වලා... ඊශ්‍රායලය බුද්ධි තොරතුරු අවතක්සේරු කරලා
Oct 11, 2023 at 07:22 AM
|
හමාස් සංවිධානයෙන් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අනතුරු හැගවීම් සිදු කළ ද, ඊශ්‍රායල් බලධාරීන් ඒ පිළිබදව සැලකිලිමත් නොවූ බව, නම හෙළි කිරීමට අකමැති, ඊජිප්තු ඔත්තු සේවා නිළධාරියෙකු ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත පවසා තිබේ.
ඊශ්‍රාලයේ අවධානය බටහිර ඉවුර – වෙස්ට් බෑන්ක් – වෙත යොමු වී තිබුණු බව පවසන අදාල ඔත්තුසේවා නිළධාරියා, ගාසා තීරයේ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබදව ඔවුන් අන්ධව සිටි බව ද පවසයි.
එහෙත් ඊජිප්තුවේ අනතුරු හැගවීම ඊශ්‍රායලය ගණනකට නොගත් බව පෙර කී ඔත්තුසේවා නිළධාරියා පවසයි.
කෙසේ වෙතත්, ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය කාර්යාලය එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරයි.
ඊජිප්තුවෙන් කිසිදු පූර්ව අනතුරු හැගවීමක් ලැබී නැති බව පවසන ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය, අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, ඊජිප්තු බුද්ධි ප්‍රධානියා සෘජුව හෝ වක්‍රව හමු වී නැති බවද පවසයි.