News Category
From Date
To Date
Maximum Number of Result

"සර්වජන බලය" එකමුතුවේ "දේශපාලනමය සහ ආර්ථිකමය වැඩපිළිවෙළ" ඉදිරි මාසය තුළ රට හමුවේ තබා "නව දේශපාලන සංවාදයකට" මුල පුරනවා - "සර්වජන බලය" ප්‍රථම මාධ්‍ය හමුවේදී විමල් කියයි

Jun 2, 2024 at 06:55 AM
|

"සර්වජන බලය" එකමුතුවේ දේශපාලනමය සහ ආර්ථිකමය වැඩපිළිවෙළ ඉදිරි මාසය තුළ රට හමුවේ තබා නව දේශපාලන සංවාදයකට මුල පුරන බවත් එම දේශපාලන සංවාදය අද "ඔත්පල වී ඇති අපේ රට", "ව්‍යසනය ජීවිතය බවට පත්ව ඇති අපේ රට" ඉන් මුදවා ගැනීමට ඉවහල් වනු ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කළේය.

ඒ මහතා එසේ අවධාරණය කළේ ඊයේ(30) බොරැල්ලේ පිහිටි "සර්වජන බලය" ප්‍රධාන කාර්යාලයේදී පැවති එහි ප්‍රථම නායකත්ව මණ්ඩල මාධ්‍ය හමුව අමතමිනි.

මෙම මාධ්‍ය හමුවට මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ යන මහත්වරු ද එක්ව සිටියහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

කැලඹීමේ තරම...

"ඇත්තෙන්ම අපිවත් බලාපොරොත්තු වුණේ නැහැ 'සර්වජන බලය' එකමුතුව නිර්මාණය වූ පසුව දේශපාලන භූමියේ මේ තරම් බලසම්පන්න කැලඹීමක් ඇතිවෙයි, කියා. ඊට එරෙහිව අපේ ප්‍රතිවාදීන් එල්ල කරන වියරු ප්‍රහාරයන් සහ අපේ මිත්‍ර පාර්ශ්වයන් අපට කරන දිරිගැන්වීම්වලින් එය හොඳින්ම පැහැදිලි වෙනවා. 'සර්වජන බලය' නිර්මාණය වූයේ තිබුණු 'දේශපාලන  රික්තකයක්' පුරවන්නයි. දක්ෂිණාංශික සහ වාමාංශික ලිබරල්වාදී දේශපාලන කඳවුරට එරෙහි මේ රටට ආදරය කරන සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා, වැටී තිබෙන රට සැබෑ ලෙසම නඟාසිටුවිය හැකි, මේ රට කවර හෝ විදේශීය බලවේගයක ගොදුරක් බවට පත් නොකරන දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය වන තෙක් බලා සිටියා. ඒ අඩුව පිරවිය හැකි දේශපාලන ව්‍යාපාරයක් මෙරට දේශපාලන භූමියේ නිර්මාණය වී තිබුණේ නැහැ. ඒ 'දේශපාලන රික්තකය' පුරවමින් තමයි 'සර්වජන බලය' නිර්මාණය වූයේ.

"රංගේ බණ්ඩාරගේ කතාවේ තේරුම"

අපි කවුරුත් තේරුම් ගත යුතුයි, මේ වන විට ආණ්ඩුව සිටින්නේ සිය පැවැත්මේ අවසාන කාලපරිච්ඡේදය ගෙවමින් බව. ජනාධිපතිවරයාගේ ධුර කාලය සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර දෙකකින් දීර්ඝ කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ ලේකම් රංගේ බණ්ඩාර මහතා ලවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් කරවන්නට ඇත්තේ එහෙම ප්‍රකාශයක් හෝ නොකළහොත් ජනාධිපතිවරණය ආසන්න වන විට රාජ්‍ය සේවකයන් වැඩ නොකර සිටින බව දන්නා නිසයි. ජනාධිපතිවරණය ආසන්න වන විට රාජ්‍ය සේවකයා වැඩ නොකරන, ජනාධිපතිවරයා නොසලකා හරින මානසිකත්වය වෙනස් කරවන්නට නම් මෙහෙම ප්‍රකාශයක් හෝ කළ යුතුව තිබෙනවා.

ජනපති රනිල්ගේ දේශපාලන ප්‍රාණය අවසන් වෙයි ද?

මේ වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතේ සම්මත කරගැනීමට රටට ඉතාමත් හානිකර, ප්‍රතිගාමී අණපනත් ගණනාවක් තිබෙනවා; රාජ්‍ය සේවකයා මත බලෙන් පැටවීමට වැඩපිළිවෙළක් තිබෙනවා; බෙදන්න බඩු කන්දරාවක් තියෙනවා. මේ සියල්ල කරගන්න නම් රාජ්‍ය සේවකයා තවදුරටත් අවනත කරගන්න ඕනේ. හැබැයි තව මාස කීපයකින් සිය ධුර කාලය අවසන් වන, දේශපාලන ප්‍රාණය අවසන් වන ජනාධිපතිවරයකුගේ අණ, විධාන, නියෝග පිළිපදින රාජ්‍ය සේවයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ තත්ත්වය වෙනස් කරගන්න මෙවැනි ප්‍රකාශයන් සිදුකරන බවයි අපගේ අදහස.

අපේ වැඩපිළිවෙළ තව මාසයකින්...

'සර්වජන බලය' තමන්ගේ ගමන ආරම්භ කළා පමණයි. තව මාසයක් තුළ අපේ ඉදිරි දේශපාලනමය සහ ආර්ථිකමය වැඩපිළිවෙළ රට හමුවේ තබන්න අපි බලාපොරොත්තු වෙනවා. එමගින් අපි නව දේශපාලන සංවාදයකට මුල පුරනවා. එම නව දේශපාලන සංවාදය, අද 'ඔත්පල වී ඇති අපේ රට', 'ව්‍යසනය, ජීවිතය බවට පත්කර ඇති අපේ රට', ඉන් මුදා ගැනීමට ඉවහල් වේවි, කියා අපි විශ්වාස කරනවා. ඒ වගේම අපේ දේශපාලනමය සහ ආර්ථිකමය වැඩපිළිවෙළ සමඟ මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනහිතකාමී සියලු ජනතාව එක් වෙයි, කියා විශ්වාසයක් අපි හමුවේ පවතිනවා. ඒ විශ්වාසය සමඟ අපි ඉදිරියටම යමින් තිබෙනවා.

"සර්ව ජනතාවගේ නායකත්වය"

අපේ එකමුතුව බිඳින්න, පලුදු කරන්න එක් එක් පාර්ශ්වයන් විවිධ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. නමුත් එය කිසිසේත්ම සාර්ථක වන්නේ නැහැ. සිදුවන්නේ මේ එකමුතුව තව තවත් ශක්තිමත් වන එක; තව තවත් පුළුල් වන එක. ඒ වගේම ඉදිරියේදී 'සර්වජන බලය' සමඟ මෙතෙක් එක් නොවූ දෑහිතකාමී බලවේග එක් වේවි, කියන විශ්වාසයත් අපට තිබෙනවා. සර්ව ජනතාවගේ බලයයි මේ තිබෙන්නේ; සර්ව ජනතාවගේ එකමුතුවයි මේ තිබෙන්නේ. සර්ව ජනතාවගේ නායකත්වයයි මේ තිබෙන්නේ. ඒ නිසා ’සර්වජන බලය' සමඟ කිසිදු ජාතිකත්ව හෝ ආගම් භේදයකින් තොරව අත්වැල් බැඳගන්නා ලෙස අපි මේ රටේ සියලු ජනතාවගෙන් ආදරයෙන් සහ ගෞරවයෙන් ඉල්ලා සිටිනවා."

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

සම්බන්ධිත පුවත් | Related News

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.
සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි ගැසට් කර තිබේ.
රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.
ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.
ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

ප්‍රධාන පුවත්

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.