රුසියානු හමුදාවට බැඳුණු ලාංකිකයන් ගැන මාධ්‍ය විශාල ප්‍රචාරණයක් ලබා දුන්නත් යුක්රේන හමුදාවට කුලී හේවායන් ලෙස බැඳී ඇති ලාංකිකයන් ගැන කිසිවකු කතා කරන්නේ නැහැ - ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගර්යාන්
විදේශිකයන්ට ස්වකැමැත්තෙන් රුසියානු හමුදාවට බැඳීමට හැකි බවත් රුසියානු නීතියෙන් ඊට බාධාවක් නොමැති බවත් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගර්යාන් මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
රුසියාවට වීසා ලබාදීමේදී අවශ්‍ය ලියකියවිලි පමණක් පරික්ෂා කර වීසා නිකුත් කිරීම නොකරන බවත් එහිදී ගැහැනු පිරිමි භේදය නොසලකා සියලු දෙනාම සම්මුඛ පරීක්ෂණයකට ලක් කරන බවත් රුසියානු තානාපතිවරයා පැවැසුවේය.
රුසියානු හමුදාවට බැඳී ඇති පිරිස මෙරට නියෝජිතයන් මාර්ගයෙන් ගිවිසුමක් අත්සන් කර තිබෙන බව රුසියානු තානාපති කාර්යාලය නොදැනුවත්ව සිටි බවත් තානාපතිවරයා කීය.
සම්මුඛ පරීක්ෂණයකට ලක් කරන අවස්ථාවේ ඔවුන් ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නොකළ බවත් රුසියානු තානාපති ලෙවාන් එස්. ජගර්යාන් මහතා ප්‍රකාශ කළේය.
සමාජ මාධ්‍ය තුළ සංසරණය වන අකාරයට එලෙස රුසියානු හමුදාවට බැදී ඇති ශ්‍රී ලාංකිකයන් අත්සන් කර ඇත්තේ රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ගිවිසුමක් දැයි යන්න පිළිබඳ කිසිවක් මෙම අවස්ථාවේ ප්‍රකාශ කළ නොහැකි බවත් මෙම ගැටලුව සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය සමග එක්ව විමර්ශනයක් සිදු කරන බවත් රුසියානු තානාපතිවරයා පැවැසුවේය.
රුසියානු හමුදාවට බැඳුණු ශ්‍රී ලාංකිකයන් පිළිබඳව මාධ්‍ය විශාල ප්‍රචාරණයක් ලබා දුන්නත් යුක්රේන හමුදාවට කුලී හේවායන් ලෙස බැඳී ඇති ශ්‍රී ලාංකිකයන් පිළිබඳව කිසිවකු කතා නොකරන බවත් රුසියානු තානාපති ලෙවාන් එස් ජගර්යාන් ප්‍රකාශ කළේය.
ඒ පිළිබඳ පැමිණිලි නොලැබුණු පමණින් ශ්‍රී ලාංකිකයන් යුක්රේන හමුදාවට බැඳී නොමැති බව අදහස් නොවන බවත් යුක්රේන හමුදාවේද ශ්‍රී ලාංකිකයන් සිටින බවත් රුසියානු තානාපතිවරයා පැවැසුවේය. එම නිසා රුසියාව සම්බන්ධයෙන් දෙබිඩි පිළිවෙතක් අනුගමනය නොකරන ලෙස ද තානාපතිවරයා එහිදී ඉල්ලා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්