
වෛද්‍ය සාෆි පිළිබඳ සඟවන කතාව ගැන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණගෙන් අනාවරණයක් (වීඩියෝ)
2023 මැයි 16 වැනි දා වෛද්‍ය සාෆි මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය සලකා බැලීමෙන් පසු එම මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රතික්ෂේප කරමින් විවෘත අධිකරණයේ විනිසුරු මඩුල්ලේ එක් විනිසුරුවරයෙක් පවසා තිබුනේ පාස්කු ප්‍රහාරයට සති දෙකකට පසුව පෙත්සම්කාර වෛද්‍ය සාෆිගේ ගිණුමෙන් අතිවිශාල මුදල් ප්‍රමාණයක් හුවමාරුවී ඇති බව බැංකුවලින් ලැබී ඇති ලේඛනවලින් සනාථ වන බව යැයි අන්තර්ජාල නාලිකාවකට වීඩියොවක් නිකුත්කරමින් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා පවසා තිබේ.
පෙත්සම්කරු මෙම මුදල් ලැබුනේ කෙසේදැයි පැවසීමට සමත්වී නැති බවත් එහිදී එම විනිසුරුවරයා පවසා තිබූ බවද, කෙසේ වුවද වර්තමානයේ යළිත් වෛද්‍ය සාෆි පිළිබඳව සංවාදයක් මතුවී තිබීම හමුවේ මෙම සිදුවීම මෙන්ම මෙහි සමස්ත කතාව හෙළිදරව් කරයුතු බවත් පවසමින් ඒ මහතා මෙහිදී හෙළිදරව් රාශියක් සිදුකර තිබේ.
ඉරානයට එල්ල වූ ISIS ත්‍රස්ත පුහාරය මෙන්ම ලංකාවට එල්ල වූ පාස්කු ප්‍රහාරය පිළිබඳවත්, ඉකුත් දා ඉන්දියාවේ දී අත්අඩංගුවට ගත් මෙරටින් ගිය ISIS සාමාජිකයන් බවට සැකරන පුද්ගලයන් පිළිබඳවත් මහින්ද පතිරණ මහතා මෙහිදී යම් යම් අනාවරණයන් සිදුකර තිබේ.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
