
ඉන්දියාවේ දී අත්අඩංගුවට ගත් සිව්දෙනා ට දෙන්න ඉන්දියාවේ පදිංචි පුද්ගලයෙක් මුදල් එවලා... මාවනැල්ලේ දී අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් තොරතුරු රැසක් එළියට
ඉන්දියාවේ ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගත් අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බව කියන ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා සමග සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයන් දෙදෙනකු ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් මාවනැල්ලේදී පෙරේදා (29දා) අත්අඩංගුවට ගෙන ගැණිනි.
එම සැකකරුවන් දෙදෙනා ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවාගෙන ප්‍රශ්න කරගෙන යන අතර ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව සිටින සැකකරුවන් පිළිබඳ වැදගත් තොරතුරු රැසක් හෙළිකර ඇති බව විමර්ශන නිලධාරීහු පවසති.
මෙම සැකකරුවන් දෙදෙනාට ඉන්දියාවේ පදිංචි එක්තරා පුද්ගලයකු මුදල් එවා ඇති අතර එම මුදල් ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව සිටින සැකකරුවන්ට ලබාදීමට කටයුතු කර ඇති බවද හෙළිවී තිබේ.
එම සැකකරුවන් සිව්දෙනා ඉන්දියාවට යෑමට පෙර අදාළ මුදල් ඔවුන් වෙත ලබාදීමට මාවනැල්ලේදී අත්අඩංගුවට පත් වූ මෙම සැකකරුවන් කටයුතු කර තිබූ බවද අනාවරණය වී ඇත.
ත්‍රස්ත විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු මාවනැල්ල හිඟුල්ඔය පදිංචි මොහොමඩ් මුජුබර් රහුමාන් නමැති අයෙකි. අනෙක් සැකකරු අලුත්නුවර කොටබෝගොඩ පදිංචි කල්පදීන් හිදල්දුල් බාරි නමැති අයකු බව පොලිසිය පවසයි.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
