ඉන්දියාවේ දී අත්අඩංගුවට ගත් සිව්දෙනා ට දෙන්න ඉන්දියාවේ පදිංචි පුද්ගලයෙක් මුදල් එවලා... මාවනැල්ලේ දී අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් තොරතුරු රැසක් එළියට
ඉන්දියාවේ ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගත් අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බව කියන ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා සමග සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයන් දෙදෙනකු ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් මාවනැල්ලේදී පෙරේදා (29දා) අත්අඩංගුවට ගෙන ගැණිනි.
එම සැකකරුවන් දෙදෙනා ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවාගෙන ප්‍රශ්න කරගෙන යන අතර ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව සිටින සැකකරුවන් පිළිබඳ වැදගත් තොරතුරු රැසක් හෙළිකර ඇති බව විමර්ශන නිලධාරීහු පවසති.
මෙම සැකකරුවන් දෙදෙනාට ඉන්දියාවේ පදිංචි එක්තරා පුද්ගලයකු මුදල් එවා ඇති අතර එම මුදල් ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව සිටින සැකකරුවන්ට ලබාදීමට කටයුතු කර ඇති බවද හෙළිවී තිබේ.
එම සැකකරුවන් සිව්දෙනා ඉන්දියාවට යෑමට පෙර අදාළ මුදල් ඔවුන් වෙත ලබාදීමට මාවනැල්ලේදී අත්අඩංගුවට පත් වූ මෙම සැකකරුවන් කටයුතු කර තිබූ බවද අනාවරණය වී ඇත.
ත්‍රස්ත විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු මාවනැල්ල හිඟුල්ඔය පදිංචි මොහොමඩ් මුජුබර් රහුමාන් නමැති අයෙකි. අනෙක් සැකකරු අලුත්නුවර කොටබෝගොඩ පදිංචි කල්පදීන් හිදල්දුල් බාරි නමැති අයකු බව පොලිසිය පවසයි.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්