News Category
From Date
To Date
Maximum Number of Result

2027 වන තෙක් විදේශ ණය නොගෙවා සිටීමට අවස්ථාව ලබාගත්තා - ජනපති රනිල් කියයි

May 31, 2024 at 06:52 AM
|

රාජ්‍ය අංශයේ සෑම අංශයකම වැටුප් විෂමතා විසඳීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ආර්ථික වශයෙන් වැටී තිබු රට දැන් දෙපයින් නැගිට ඇවිඳීමට පටන් ගත්තා පමණක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටක් ලෙස තවත් බොහෝ දුර යාමට ඇති බවත් ඒ සඳහා වෘත්තීය සමිති ව්‍යාපාරය ද කාලීන වෙනස්කම්වලට බදුන් වෙමින් ඉදිරියට පැමිණිය යුතු බවත් සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ, දේශබන්දු ලෙස්ලි දේවේන්ද්‍ර මහතාගේ වෘත්තීය දිවියට හැට වසරක් සැපිරීම නිමිත්තෙන් “ලෙස්ලි දේවේන්ද්‍ර සිංහාවලෝකනය” මැයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති උත්සවයට එක් වෙමිනි.

රට ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙළ වෙනුවෙන් වු සියලු වෘත්තිකයන්ගේ අදහස් සංවාදයට බදුන් කිරීම සඳහා මෙන්ම අනාගතයට ගැළපෙන ශ්‍රමිකයා නිර්මාණය කිරීම වෙනුවෙන් “සේවක කේන්ද්‍රයක්” ඇති කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා ආණ්ඩුවෙන් වාර්ෂිකව මුදලක් වෙන් කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසිය.

බැංකු ක්ෂේත්‍රය ඇතුළු මූල්‍ය ආයතන තුළ රජයේ ශක්තිය තබා ගෙන රට ඉදිරියට ගෙන යාමේ රජයේ සැලසුම් පිළිබඳවද මෙහිදී කරුණු පැහැදිළි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට මූල්‍ය අංශයේ ස්ථාවරත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් 2027 වන තෙක් විදේශ ණය නොගෙවා සිටීමට අවස්ථාව ලබාගෙන ඇති බවද සඳහන් කළේය.

එසේම රාජ්‍ය ආයතන සඳහා දේශපාලන පත්වීම් මත අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීම වැළැක්වීමට නව නීති ගෙන එන බවද සඳහන් කළ ජනාධිපතිවරයා නිසි සැලැස්මක් ඔස්සේ රටේ ආර්ථිකය දියුණු නොකළහොත් රටට අනාගතයක් නොමැති බවද අවධාරණය කළේය.

මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරය වෙනුවෙන් දේශබන්දු ලෙස්ලි දේවේන්ද්‍ර මහතා ඉටු කරන මහඟු මෙහෙවර මෙහිදී ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා එතුමා සෑමවිටම සමාජ යථාර්ථය හදුනා ගනිමින් නවීකරණය සමඟ ඉදිරියට යාමට කටයුතු කළ බවද සඳහන් කළේය.

දේශබන්දු ලෙස්ලි දේවේන්ද්‍ර මහතා ඇගයීම ලක් කරමින් සමරු තිළිණයක් ප්‍රදානය කිරීමද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදුවිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

"ලෙස්ලි දේවේන්ද්‍ර මහතා වෘත්තීය සමිති ව්‍යාපාරයට සම්බන්ධ වුණේ 1964 වසරේදීයි. එය තීරණාත්මක කාලයක්. පළමු වතාවට වමේ පක්ෂ එකට එක්ව එක්සත් වාමාංශික පෙරමුණ ඇති කළා. එන්.එම්. පෙරේරා, පිලීප් ගුණවර්ධන, එස්.ඒ. වික්‍රමසිංහ, පීටර් කෙනමන්, කොල්වින් ආර්. සිල්වා යන මේ සියලුදෙනා එකට එකතු වෙලා මැයි දින රැළියට සහභාගි වු අයුරු එහිදී අප පළමු වරට දුටුවා. සටන් පාඨ කියමින් ගාලු පාරේ විශාල සෙනඟක් අරගෙන ආවා.

1964 මැයි දිනය අමතක නොවන මැයි දිනයක් වුණා. එයින් මාස තුන හතරකට පසු තවත් පරිවර්තනයක් සිදු වුණා. එම සන්ධානයම කඩා වැටුණු අතර සම සමාජ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ආණ්ඩුවට එක් වුණා. එසේනම් එදා තිබුණු වමේ වෘත්තිය සමිති ව්‍යාපාරය එතැනින් කඩා වැටුණා. ඉන් පසුව කිසි දිනක ප්‍රධාන වෘත්තීය සමිතිවලට එකතු වෙන්න අවස්ථාව හිමි වුයේ නැහැ.

1970 – 1974 කාලයේ ජනතාව විඳි දුක නිසා ඒ වටා සම්බන්ධ වෘත්තීය සමිතිවලටත් සාමාජිකත්වය අහිමි වුණා. 1977 සිට තවත් යුගයක් ඇති වුණා. ආණ්ඩුවේ ආර්ථික පාලනයේ උපරිම යුගය තමයි 77 වන තෙක් පැවතුනේ. ඉන්පසුව නව යුගයක් පැමිණියා. ක්‍රමානුකූලව විවෘත ආර්ථිකයක් ඇති කළා. වෘත්තීය සමිති ව්‍යාපාරයත් ඒ සමඟ වෙනස් වුණා. ජාතික සේවක සංගමය ප්‍රධාන වෘත්තිය සමිති සංගමය ලෙස ඉදිරියට පැමිණියා.

1972 ජාතික සේවක සංගමයේ නීති උපදේශක ලෙස එම වැඩකටයුතුවලට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. කෙසේ හෝ ඒ කාලයේ සිට අද වන තෙක් තවත් වෙනස්කම් රැසක් සිදුව තිබෙනවා. ලෝකයේ දේශපාලනය වෙනස් වුණා. සමාජවාදී හා ධනවාදී රටවල් අතර තරගය වෙනුවට 1989 සිට ගෝලීයකරණය සමඟ ඉදිරියට ආවා. ඒ වගේම විවෘත ආර්ථිකය සමඟ ආර්ථිකය විවිධ අයුරින් වෙනස්කම්වලට ලක් වුණා. එම අත්දැකීම් සමඟ තමයි අප ඉදිරියට පැමිණියේ.

අද කම්කරුවන්ද, කොන්ත්‍රාත්කරුවන්ද, හිමිකරු ද කියලා වෙනසක් නැහැ. අලුත් විදියට නිවසේ සිට වැඩකටයුතු කරනවා. කොවිඩ් සමයේ අප සියලුදෙනා මෙම අත්දැකීම ලබා ගත්තා. සම්පුර්ණයෙන් ලංකාවේත්, ලෝකයේත් ක්‍රමවේදය වෙනස් වෙලා තිබෙනවා. වෘත්තීය සමිතිත් ඒ අනුව වෙනස් විය යුතුයි. එම යථාර්ථය හදුනාගත් පුද්ගලයෙකු ලෙස ලෙස්ලි දේවේන්ද්‍ර මැතිතුමා හැඳින්විය හැකියි.

ඔහු නවීකරණය සමග ඉදිරියට යාමට කටයුතු කළා. අද තිබෙන ව්‍යාපාර නෙවෙයි එදා තිබුණේ. අද ලෝකයත් වෙනස් වෙලා, අපේ රටත් වෙනස් වෙලා. අද අප සිටින්නේ විවෘත ආර්ථිකයකයි.

ඒ අනුව අලුත් ලෝකය සමඟ අපේ සම්බන්ධකම් පවත්වාගෙන යන්නේ කෙසේද කියා අප තීරණය කළයුතුයි. 1964 සටන් පාඨ හෝ ක්‍රියා මාර්ග අද අපට සුදුසු නැහැ. එසේනම් අප සියලුදෙනා යථාර්ථය පිළිගෙන අනාගතයට මුහුණ දිය යුතුයි. විශේෂයෙන් වෙළෙඳපොළ ආර්ථිකයත්, සමාජ සාධාරණත්වයත් එකට එක් කරගෙන ඉදිරියට යන්නේ කෙසේද කියා අප අවධානය යොමු කළ යුතුයි.

අද අප රටක් ලෙස ඉදිරියට යන්නේ අසීරු තත්ත්වයක සිටයි. අපේ ආර්ථිකය කඩා වැටීමකට ලක් වුණා. අද අපේ රටේ ජනතාව සිංහල අලුත් අවුරුද්ද, වෙසක් උත්සවය සැමරු අන්දම දෙස බැලූ විට එක අතකින් රට සාමාන්‍ය තත්ත්වයට පැමිණෙමින් තිබෙන බව කියන්න පුළුවන්. නමුත් මම එයින් සෑහිමකට පත් වන්නේ නැහැ. වැටී සිටී අප දැන් නැගිට ඇවිදිමට පටන් ගත්තා පමණයි. අපට තව දුර යාමට තිබෙනවා. අප එය මතක තබා ගෙන කටයුතු කළයුතුයි.

2027 වන තෙක් ණය නොගෙව සිටීමට අප දැන් අවස්ථාව ලබාගෙන තිබෙනවා. පොළිය ගෙවීමට තිබෙනවා. නමුත් ණය ගෙවන්නේ නැහැ. ණය ගෙවීමේ කාලය 2042 දක්වා අප ඉල්ලා තිබෙනවා. අප ඒ පිළිබද සාකච්ඡා කර අවසාන එකඟතාවකට පැමිණීමට කටයුතු කරනවා. ණය බර නිසා රටේ ආර්ථිකය කඩා වැටීමට ඉඩ දිය නොහැකියි.

නමුත් අප ආනයන පදනම් කරගත් ආර්ථිකයක තවදුරටත් රැදී සිටියහොත් අපට නැවත ණය ලබා ගැනීමට සිදු වෙනවා. මේ විදියට විදේශ ණය ලබාගැනීම අඛණ්ඩව සිදු කළහොත් අප එම ණය ආපසු ගෙවන්නේ කෙසේද කියා අවධානය යොමු කළයුතුයි.

ඒ වගේම දේශීය ණය ලබා ගැනීමත් සීමා කිරීමට අප දැන් තීරණය කර තිබෙනවා. දේශීය ණය සීමා කළ විට සේවක අර්ථ සාධක අරමුදලින් ලබාගත හැකි මුදල් ද සීමා වෙනවා. ඊළගට මතු වන්නේ එම ආයතනවල රැස්වන මුදල් ආයෝජනය කරන්නේ කෙසේද,

දේශීය වශයෙන් ආයෝජනය කරනවාද විදේශීය වශයෙන් ආයෝජනය කරනවාද කියන ප්‍රශ්නයයි. එම තීරණය ගතයුත්තේ කවුරුන් විසින්ද යන්න අද වෘත්තීය සමිති ව්‍යාපාරයේ අවධානය යොමු විය යුතු කරුණක් බවට පත්ව තිබෙනවා.

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේදී වැදගත්ම අංශ වන්නේ මූල්‍ය අංශයයි. බැංකු ඇතුළු මූල්‍ය ආයතනවලින් තමයි වෙළෙඳ ආර්ථිකය තීරණය කර තිබෙන්නේ. ඒ නිසා මහජන බැංකුව, ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව යන මේ සියල්ල ශක්තිමත් කර බැංකු ක්ෂේත්‍රය තුළ රජයේ අයිතිය තබා ගැනීමට රජය කටයුතු කරනවා. පාලනය කරන බැංකු කිහිපයකුත්, පුද්ගලික බැංකුවලත් කොටස් ලබාගෙන මූල්‍ය අංශයේ රජයේ ශක්තිය තබා ගැනීමට කටයුතු කළයුතුයි. එතැන් සිට තමයි අපි රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වෙන්නේ.

රජයේ අනෙක් ආයතන සඳහා, එදිනෙදා කෙරෙන දේශපාලන පත්වීම් මත අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීම් සිදු නොවන අයුරින් නව නීති කිහිපයක් ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මේ රට දියුණු කිරීම පිළිබඳ අප අලුතින් සිතිය යුතුව තිබෙනවා. ආර්ථිකය දියුණු නොකළහොත් ලංකාවට අනාගතයක් නැහැ.

මේ රටේ ජනතාව විදි දුක පිළිබඳ මට අවබෝධයක් තිබෙනවා. 2019 වසරේ 15%ක්ව තිබූ මේ රටේ බහුමාන්‍ය දිළිදුකම අද 26%ක් දක්වා වැඩි වී තිබෙනවා. ආදායම් මාර්ගයක් නැති, අධ්‍යාපන පහසුකම් නැති කොටසක් සිටිනවා. 2032 වන විට එය 10%ක් දක්වා අඩු කර ගැනීමට ඒ අනුව අප දැන් එකඟ වෙලා තිබෙනවා. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය කොන්දේසිවල ඇතුළත් වෙලා තිබෙනවා. ඒ නිසා අප මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතුයි.

මෙම බහුමාන්‍ය දිළිදුභාවයට විසදුම් ලබාදීම වෙනුවෙන් තමයි අපි උරුමය සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කළේ. ඒ වගේම කොළඹ තට්ටු නිවාසවල අයිතියත් එම පදිංචිකරුවන්ට ලබාදීමට අප කටයුතු කරනවා. වත්කමක් නැති ජනතාව වෙනුවෙන් එම වත්කම ලබාදීමට පියවර ගෙන තිබෙනවා. ඒ නිසා අප අලුතින් සිතිය යුතුයි.

අපි දැන් ආර්ථික වශයෙන් දෙපයින් සිට ගත්තා විතරයි. අපිට දැන් ඇවිදින්න තිබෙනවා. කෙසේ හෝ මෙම වසරේ රජයේ සේවකයන්ට රුපියල් 10,000ක දීමනාවක් ලබාදීමට කටයුතු කළා. ඒ හා සමගාමීව පුද්ගලික අංශයේද වැටුප් වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම වසරේ දී තවත් සහන ලබාදීමට ආර්ථික ශක්තියත් නොතිබුණද ලබන වසරේදී රාජ්‍ය සේවකයන්ට යම් සහනයක් ලබාදීම වෙනුවෙන් රාජ්‍ය අංශයේ සෑම අංශයකම වැටුප් විෂමතා විසදීමට කමිටුවක් පත් කිරීමට අප තීරණය කර තිබෙනවා. ඒ අනුව කමිටුවට සුදුසු අය පත්කිරීමට අප මේ වන විට කටයුතු කරමින් සිටිනවා. මෙය අසීරු ගමනක්. පසුගිය ආර්ථිකය අර්බුදයෙන් වැඩීම පීඩාවට ලක්වූයේ මේ රටේ සාමාන්‍ය ජනතාවයි. අප සියලුදෙනා එකට මේ ගමන යා යුතුයි.

විශේෂයෙන්ම අපි සේවක කේන්ද්‍රයක් ඇති කරමු. අලුත් වෘත්තීය සමිති, සේවක අයිතිවාසිකම් ලබා ගැනීම්, ක්‍රමවේද කුමක්ද කියා අවධානය යොමු කර ඒවා ක්‍රියාත්මක කළයුතුයි. එම වැඩකටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ආණ්ඩුවෙන් වසරකට යම්කිසි මුදලක් ලබාදීමට කටයුතු කරනවා මේ පිළිබඳ අප තවදුරටත් සාකච්ඡා කරමු.

මෙම වෘත්තීය සමිති ව්‍යාපාරය ඉදිරියට ගෙන යාම සහ දේශපාලය සහ වෘත්තීය සමිති ව්‍යාපාරය අතර තිබෙන සම්බන්ධතාවත්, අනාගතයේ ස්වාධීනව කටයුතු කිරීම පිළිබඳවත් සිතිය යතුයි. අද අපේ රට වැදගත් සන්ධිස්ථානයකට පැමිණ තිබෙනවා. ඒ පිළිබඳ සියලුදෙනාගේ අදහස් ඉදිරිපත් කර එකඟතාවකට පැමිණීමට සේවක කේන්ද්‍රයක් ඇති කිරීමටත්, ඒ සඳහා ආණ්ඩුවෙන් මුදලක් ලබාදීමටත් අප සූදානම් බව ප්‍රකාශ කරමින් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා මෙම කාලය තුළ කළ සේවයට මාගේ ස්තූතිය පිරිනමනවා."

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.
සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි ගැසට් කර තිබේ.
රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.
ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.
ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

ප්‍රධාන පුවත්

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.